Home » » දෙමළ ජනතාව ගැන කිඹුල් කඳුළු

දෙමළ ජනතාව ගැන කිඹුල් කඳුළු

Written By Sri Lanka Guardian on Saturday, July 18, 2009 | 11:48 PM

ගල්බොඩ ඤාණිස්‌සර ස්‌ථවිර

(July 19, Colombo, Sri Lanka Guardian) මේ දිනවල රටේ ජීවත්වන දෙමළ ජනතාවට ලැබිය යුතු තැන ගැන විවිධ කතා විස්‌තර තොරතුරු අසන්නට, කියවන්නට ලැබේ. මේ රටේ දෙමළ ජනතාවට කවදාවත් අසාධාරණයක්‌ සිදුවී නැත. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට විශාල දේශපාලනික බලයක්‌ තිබී නිශේධ ජනාධිපති බලතල තිබියදීත් සාධාරණය මත දෙමළ ජනතාවට විරුද්ධ පක්‍ෂයේ නායකත්වය පිරිනමන ලදී. රට පාලනය කළ බණ්‌ඩාරනායක මැතිනියට විපක්‍ෂ නායකත්වය ලැබීමටවත් ප්‍රමාණ ආසන සංඛ්‍යාවක්‌ නොලැබිණි. සාධාරණය මත දෙමළ ජනතාවට රටේ විපක්‍ෂ නායකත්වය ලැබිණි. එ මේ රටේ දෙමළ ත්‍රස්‌තවාදයේ ආරම්භයයි. එ අයට නොලැබීය හැකි බලයක්‌ රට පාලනය කළ අයගේ වරදින් ලැබිණි. පසුව තත්ත්වය සලකා ජයවර්ධන ජනාධිපතිතුමා අනුර බණ්‌ඩාරනායක මැතිතුමා විපක්‍ෂ නායකතුමා ලෙස පත් කරන ලදී.

ත්‍රස්‌තවාදය දෙමළ ජාතියට ලැබීමත් සමග එළිපිට යුද්ධයක්‌ ලෙස ක්‍රියාත්මක විය. පසු කලෙක විපක්‍ෂ නායක අමිර්තලිංගම් මහතාගේ මරණය ප්‍රභාකරන් විසින් සිදු කළ බව අමිර්තලිංගම් මහත්මියම එළිපිට ප්‍රකාශයට පත් කරන ලදී. ත්‍රස්‌තවාදයත් සමග ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ ලෝකයේ වීසා බලපත්‍ර ගැනීමට යාහැකි සෑම රටකටම එ පහසුව නතර කිරීමට ඉල්ලුම් කළේ ද ශ්‍රී ලාංකික රජයයි. එසේ තිබියදී සරණාගතයන් ලෙස ත්‍රස්‌තවාදීහු බොහෝ යුරෝපාදී රටවලට රිංගා එ රටවල පරිපාලනය ද හෙල්ලීමට තරම් ශක්‌තිමත් වූහ. එහි ප්‍රතිඵලය වූයේ යුරෝපාදී රටවල ජීවත්වන ආර්ථික ශක්‌තියක්‌ ලැබූ ත්‍රස්‌තවාදීන් ශ්‍රී ලංකා රජයේ පාලන තන්ත්‍රයට අත දැමීමට එ රටවල පාලක පක්‍ෂය පොළඹවා ගැනීමයි. තත්ත්වය කෙසේ වුවත් කොන්ද පණ ඇති, රටට හිතවත් පාලකයෙක්‌ ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එ බල වළලු කඩා ලංකාවේ ස්‌වෛරීභාවය අද ආරක්‍ෂා කරදී ඇත.

මෙසේ තිබියදී දෙමළ ජනතාව ගැන කිඹුල් කඳුළු හෙලන සිංහලයන් නමින් පමණක්‌ හංවඩු ගසාගත් අවජාතක සිංහලයන් පිරිසක්‌ මෙවන් අවස්‌ථාවක බලලෝභීව හැසිරීමත්, ප්‍රකාශන නිකුත් කිරීමත්, අවස්‌ථාවාදීවීමත් ගැන අපට නම් කනගාටුවක්‌ නැත. ඊට හේතුව ඔවුන්ට රට ගැන කැක්‌කුමක්‌ හැඟීමක්‌ වේදනාවක්‌, සිංහල කමක්‌ නොමැතිවීමයි. එ පිළිබඳ ලංකාවාසී සියලු ජනතාව හොඳින් දැන අවබෝධ කරගෙන සිටිති. ලෝකයේ රටවල ඉතිහාසය අනුව විවිධ රටවල් තම ආරක්‍ෂාව පතා පනවාගෙන ඇති නීති/රීති ඉතාම බලවත්ය. බුරුම රටේ පැය විසිහතරක්‌ තුළ දෙමළ ජනතාවට රටින් පිටවීමට නියෝගයක්‌ ලැබිණි. එසේ නොකරන්නේ නම් තම නම් ගම් වෙනස්‌ කර බුරුම ජාතිකයන් බවට පත්විය යුතු යෑයි නියම කෙරිණි. සමහර දෙමළ ජනතාව බුරුම ජාතිය වැළඳ ගත්හ. තවත් සමහරු රටින් පිටත් වූහ.

මැලේසියාවේ භූමිපුත්‍රයන් ලෙස රටවාසී මුස්‌ලිම් ජනතාව නම් කර තිබේ. අනෙක්‌ චීන හෝ දෙමළ ජනතාවට එ රටේ මැලේ ජාතිකයන්ට මෙන් සුවිශේෂී වරප්‍රසාදයක්‌ නොමැත. ලෝකයේ බොහෝ රටවල තත්ත්වය එසේය. ඉන්දියාව ශ්‍රී ලාංකිකයන් ලෙස එරට පදිංචි වූ දෙමළ හෝ සිංහල කිසිම කෙනකුට එ රටේ පුරවැසිකම හෝ ස්‌ථිර පදිංචිය, අයිතිවාසිකම් දී නොමැත. චෙල්වනායගම්-බණ්‌ඩාරනායක ගිවිසුම, ඩඩ්ලි සේනානායක ගිවිසුම, සිරිමා-ශාස්‌ත්‍රී ගිවිසුම යටතේ මේ රටට ආක්‍රමණිකයන් ලෙස පැමිණි දෙමළ ජනතාව වරින්වර ලක්‍ෂ ගණනින් මෙරට පුරවැසිකම් ලැබූහ.

ඡේ. ආර්. ජයවර්ධන සමයේ තොණ්‌ඩමන් මහත්මාගේ බලවත් ඉල්ලීම මත තව වරක්‌ ආක්‍රමණික දෙමළ ජනතාව පුරවැසිකම් ලබාගත්හ. මෙසේ බලන කල ලෝකයේ කිසිම රටක ආක්‍රමණිකයන් ලෙස ආ පිරිසකට මෙසේ වරප්‍රසාද පිරිනමා නොමැත. මෙරට ඉපදුණු මෙරට ජාතික ලෙස ජීවත්වන දෙමළ ජනතාවට මෙරට ලැබී නැති වරප්‍රසාදයක්‌ නොමැත. ලංකාව පුරාම දෙමළ ව්‍යාපාරික ජනතාව ජීවත් වේ. ව්‍යාපාර කරති, ඉඩකඩම් මිලට ගැනීමට දේපළ අත්පත් කර ගැනීමට, ඕනෑම ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට, පාර්ලිමේන්තුවට යැමට, ඇමැතිකම් ලැබීමට මේ ආදී සියලු වරප්‍රසාද ඔවුනට හිමිව තිබේ. රජයේ විවිධ ඉහළ තරාතිරම් දැරූ දෙමළ ප්‍රභූන් බොහෝය.

මේ රටේ විපක්‍ෂ නායකකම ලැබීමට දෙමළ ජනතාවට වරප්‍රසාදයක්‌ ලැබුණේ නම්, අගමැතිකම ජනාධිපතිකම ලැබීමේ බලය ද දෙමළ ජනතාවට උරුමව ඇත. රටේ අන්තිම රජු පවා සිංහලයකු නොවීය. එ රජ පරපුර එ තත්ත්වය ලබාගත්තේ ත්‍රස්‌තවාදයෙන් ද? යුද්ධයෙන් ද? නැත. සිංහල ජනතාවගේම විශ්වාසය දිනා ගෙනය. අන්තිම රාජ නියෝගය මත මෙරට බහුතරයක්‌ වන සිංහල බෞද්ධ ජනතාව හින්දු දෙවි දේවතාවුන්ගේ රූප විහාරස්‌ථානවල තැබීමටත්, පුද පූජා පැවැත්වීමටත්, කටයුතු යෙදූහ. එ අහිතක්‌ නිසා නොව පොදු ජාතික සමගියක්‌ ආගමික වාතාවරණයක්‌ මත සකස්‌ කිරීම සඳහාමය. සිංහල ජනතාව ද, දෙමළ ජනතාව ද ඉන්දීය සංස්‌කෘතියක්‌ යටතේ පෝෂණය වූ දෙපිරිසක්‌ වේ.

ලංකාවේ කොයිම අස්‌සක්‌ මුල්ලක හෝ දෙමළ ජනතාවට ජීවත්වීමට සිංහල ජනතාව සහයෝගය එදත්, අදත් ලබාදී ඇත. රටක බහුතරය අන්තවාදී නොවී ජීවත්වන එකම රට ශ්‍රී ලංකාව වේ. දෙමළ, මුස්‌ලිම් ජනතාව මේ බව හොඳින් අවබෝධ කරගත යුතුය. රාජ්‍යතාන්ත්‍රික දැන්වීම් ප්‍රකාශන දෙමළ, සිංහල, ඉංගී්‍රසි භාෂාත්‍රයෙන් පළ වේ. සියලු රජයේ විභාගයකට ඕනෑම භාෂාවකින් ඉදිරිපත් විය හැකිය. දේපළ වත්කම් කාටත් සාධාරණය. තත්ත්වය මෙසේ නම් සමහරු පවසන පරිදි දෙමළ ජනතාවට හෝ මුස්‌ලිම් ජනතාවට මේ රටේ නැති අයිතිය කුමක්‌ද යන්න ගැන කවුරුත් විමසිලිමත් විය යුතුය. ත්‍රස්‌තවාදීන් ලෙස සමහර දෙමළ ජනතාව ලක්‍ෂ ගණනින් මෙරට ජනතාව මරා දමන ලදී. හමුදා කඳවුරු, පොලිස්‌ මධ්‍යස්‌ථාන, ආරක්‍ෂක ස්‌ථාන විනාශ කරන ලදී. ජනාධිපතිවරුන්, රාජ්‍ය නායකයන් ජාති ආගම් භේදයකින් තොරව විනාශ කරන ලදී. ඉන්දියා අගමැති රජීව් ගාන්ධි මැතිතුමා මරා දමන ලදී.

ප්‍රභාකරන් සංස්‌කෘතිය අද අවසානය. එ දරුණු අපරාධකාරයාගේ විනාශකාරී ප්‍රතිපත්ති, අදහස්‌ ගැන අද කතා කරන, එවා හුවාදක්‌වන දෙමළ ජනතාවගේ මානසික තත්ත්වය නැති කිරීමට උත්සාහ ගන්නා අයට ජාතියේ ශාපය උදාවනු මිස ඉන් ලැබෙන වෙනත් ප්‍රතිඵලයක්‌ නැත. ජාතියක්‌ නොමැති, ආගමක්‌ නොමැති, ප්‍රතිපත්තියක්‌ නැති විනාශකාරී පුද්ගලයන් දැන හැඳින ගැනීමට දැන් ලංකාවාසී ජනතාවට හොඳ බුද්ධියක්‌, අවබෝධයක්‌ ඇත. හොඳ දඬුවමක්‌ ද භුක්‌ති විඳ අවසානයේ පුහුණුවක්‌ ද ලබා ඇත. සමහරු බලයේ සිටියදී කරන ලද නොපනත්කම් ගැන සිහිබුද්ධිය ඇති කවුරුත් දනිති. එවා ගැන කතා කළ යුත්තෝ භය නැතිව කතා කරති. එපමණක්‌ ද නොව රටට හිතැති, ජනතාවට හිතැති, ජනතාව නුදුරේදී ඔය කතා කරන, ප්‍රකාශන ඉදිරිපත් කරන අයට නිසි දඬුවම් ලබාදෙනු ඇත. රට පාවා දෙමින් කොමිස්‌ මුදල් ගිලගනිමින් මෝඩයන් ලෙස දුර්වල වැඩකරන පාතාලයන් නඟාසිටුවමින් ක්‍රියා කළ සමහරුන්ගේ වෙස්‌ මුහුණු දැන් ටික ටික ගැලවෙන බවක්‌ ඉදිරිපත් වන ප්‍රකාශනවලින් පැහැදිලි වේ. රටේ ලක්‍ෂ ගණනක්‌ ජනතාව මරා දැමූ, දේපළ විනාශ කළ, ජනතාවගෙන් විශාල කොටසක්‌ අංගවිකලයන් බවට පත් කළ, සේනාංක පිටින් විනාශ කළ දරුණු ත්‍රස්‌තවාදියා සිය පවුල පිටින්ම, සිය අනුගාමිකයන් ද සමග විනාශ කළ අවස්‌ථාවක මේ රටේ ජනතාව සීලාචාරව ජීවත් වූ නිසා කිරිබත් කෑල්ලක්‌ භුක්‌ති වින්දාට වෙනත් රටක නම් ලේ - මස්‌ කා බී විනෝදවනවාට සැක නැත.

ශ්‍රී ලාංකික ජනතාව කාටත් අහිංසකය, අසරණය, මධ්‍යස්‌ථය. එසේ තිබියදී රුදුරු යක්‍ෂයා වූ ප්‍රභාකරන් ඇතුළු සියලු අනුගාමිකයන් මේ රටෙන් තුරන් කර ත්‍රස්‌තවාදය මේ රටින් තුරන් කළ රාජ්‍ය නායකයාට ඇඟිල්ලක්‌ ඔසවා කතා කළ හැකි කෙනා කවුද? රටේ නායකත්වයට කාලසීමාවක්‌ ඇත. එ කාලසීමාව ඔහුගේ ක්‍රියාකාරීත්වයයි. එයට බල කරන්න, තර්ජනය කරන්න මේ රටේ කාටවත් නුපුළුවන. කාඩ්බෝඩ් වීරයන් සිටී. එයින් එක වීරයෙක්‌ මෙරට අමනයන් පිරිසක්‌, පාතාලයන් එක්‌ කරගෙන පසුගිය වකවානුවේ රටට, ජනතාවට අහිංසකයන්ට කළ මැරකම් තර්ජනකම් බොහෝය. කළ මිනීමැරුම් අපමණය. අහිංසක අපට පවා එ ත්‍රස්‌ත හස්‌තය දිගහැරිණ. ඊට නිසි පිළිතුරු ලබාදීමට අප නම් බය වූයේ නැත. එදා අප දුන් එ පිළිතුරෙන්ම අමනයන්ගේ අමන වැඩ නැති කිරීමට සාධකයක්‌ විය. රටේ ඉතිහාසය ගැන සිතා, රටේ ගෞරවය රැකගෙන මේ රට වැටී තිබුණු තත්ත්වය කල්පනා කර එය නිසි පරිදි හසුරුවාගෙන රටේ ජනතාව සමගි සම්පන්න කළ යුතු අවස්‌ථාවක බහුබූත කෝලම් නටන පඹයන්ට තැනක්‌ නැත.

මේ නිසා මඩ පැල්ලම්, ලේ පැල්ලම් සෝදාගෙන අලුත්වීම මිස වෙනත් කළ යුත්තක්‌ නැත. දෙමළ ජනතාවට මේ රටේ කිසිම අසාධාරණයක්‌ එදා සිට කවදාවත් සිදුවී නැත. දෙමළ ජනතාව නොමඟ යෑවූ ත්‍රස්‌තවාදීන් දැන් අවසානය. කිඹුල් කඳුළු හෙළා දෙමළ ජනතාව රවටාගත නොහැක. දැන් සිංහල ජනතාවගෙන් වැඩක්‌ නොවන බව තේරුම්ගත් සමහරු දෙමළ ජනතාව ගැන කිඹුල් කඳුළු වගුරුවීම දුකට කරුණකි.

කාටත් මධ්‍යස්‌ථ සියලු ජාතියේ දියුණුව පතන

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger