Home » » ලංකාවේ අධිකරණයේ අවසානය

ලංකාවේ අධිකරණයේ අවසානය

Written By Sri Lanka Guardian on Thursday, September 17, 2009 | 11:43 AM

ජේ එස් තිස්සනායගම් අවුරුදු විස්සක් හිරේට

ආසියානු මානව හිමිකම් කොමිසමේ ප‍්‍රකාශය
පරිවර්ථනය- හේමන්ත රණවීර


(September 17, Colombo, Sri Lanka Guardian) ඔහු විසින් රචිත කුඩා ලිපියක් ත‍්‍රස්තවාදයට අනුබල දෙන්නක් ලෙසින් අර්ථ දක්වනු ලැබ ජේ එස් තිස්සනායගම් අවුරුදු විස්සකට බරපතල වැඩ ඇතුව සිරගෙට නියම කිරීම ආසියානු මානව හිමිකම් කොමිසමේ සංවේගයට, කලකිරිමට මෙන්ම කම්පනයටද හේතු වී ඇත. එහෙත් එය කිසිසේත් අප පුදුමයට පත්කරන්නක් නොවේ.


මේ තීන්දුව අපට විශ්මයක් නොදනවන්නේ ආරම්භයේ සිටම මෙය දේශපාලන අරමුණකින් කරණු ලබන්නක් බව අප දැන සිටි බැවිනි. ඒ් බව අප ස`දහන් කර සිටියෙමු. මෙහිදී වැදගත් වන්නේ තිස්සනායගම්ගේ වැරැුද්ද හෝ නිර්දෝශීභාවය නොව ඉන් සමාජයට කිසියම් පණිවිඩයක් දීමට අවස්ථාවක් පාදාගැනීමය. වෙනස් වූ වාතාවරණය තුල ප‍්‍රකාශනයේ නිදහස කිසිසේත් වැදගත් නොවන බව ඒ පණිවිඩයයි. මේ තීන්දුවේ සැබෑ අරමුණ වන්නේ එයයි. එය ‘ජෝෂප් ස්ටාලීන්’ යටතේ ‘අන්ද්‍රේ වයිෂින්ස්කි’ දුන් තීන්දුවක් බ`දුය.

වයිෂින්ස්කිගේ නඩු ඇසීම්වල තීන්දු කලින් තීර්ණය කල ඒවා විය. 1930 නඩු තීන්දු අන්අයට පාඩම් ස`දහා තීන්දු බවට ලෝක ප‍්‍රසිද්ධය. මේ තීන්දු විත්තිකරුවන් අරමුණු කර දුන් ද`ඩුවම් නොවේ. ස්ටාලින් විසින් සමාජයට පැණවීමට යන මූලික කාරනා පිළිබ`දව මුලූ රටටම අනතුරු ඇ`ගවීමටත් ප‍්‍රචාරය කිරිමටත් ප‍්‍රදර්ශන භාණ්ඩ ලෙස මේ විත්තිකරුවන් යොදාගන්නා ලදි.

වයිෂින්ස්කිගේ ජීවන චරිතය ලියු ‘ආකේඩි වක්ස්බර්ග්’ දක්වන්නේ මේ නඩු තීන්දු වලින් අදහස් කෙරුනේ විත්තිකරුවන් හිංසාවට පත්කිරිම හෝ අවමානයට ලක්කිරීම නොව පූර්වාදර්ශයන් සැපයීම හා ජනතාව මානසික පීඩනයකට ලක්කිරීම බවය.

තිස්තනායගම් මෙබ`දු ආදර්ශ නඩුකරයක් ස`දහා තෝරාගනු ලැබූවේ ඔහුට විරුද්ධව චෝදනා එළ්ලකිරිමට කිසියම් සාක්‍ෂිමය පදනම් නොමැති තත්ත්වයක් තුලය. චෝදනා එළ්ලකිරිම ස`දහා තෝරාගෙන ඇති ෙ‏ඡු්යන්ගෙන් වර්ගවාදය ඇවිස්සීමට හෝ වර්ගය පදනම් කරගෙන ජනතාව කුපිත කිරීමට කරන ලද උත්සාහයක් පෙන්නුම් නොකෙරේ. මේ චෝදනා එළ්ල කිරීම පිළිබ`දව කිසිදු අවංක චේතනාවක් පෙන්නුම් කෙරෙන්නේද නැත.

මේ තීන්දුව ආදර්ශ තීන්දුවක් ලෙසින් ක‍්‍රියාත්මක කර ඇති බව ශ‍්‍රී ලංකාව තුල හා පිට රට සිටින මායාවක ගැලී ඇති ලිබරල් මතවාදී හූ නොපිලිගනිති. ඉදිරියේ තත්ත්වය යහපත් වනු ඇතැයිද සාධාරණ තීන්දුවක් දෙනු ඇතැයිද ඔවුහු සිතාගෙන සිටිති. ශී‍්‍ර ලංකාව තුල අධිකරණයේ සාධාරණය මිය ගොස් ඇති තත්වය ඔවුහු භාරනොගනිති. විධායකයට තමන් කැමති තීන්දුවක් ගත හැකි බව ඔවුන්ට නොපෙනේ.

මේ තීන්දුවෙන් වඩාම පීඩාවට පත්වූයේ ජේ එස් තිස්සනායගම් නොවේ. ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට මින් ලද හානිය ලෙහෙසියෙන් මකාගත හැක්කක් නොවේ. ශ‍්‍රී ලංකාවේ බොහෝමයක් දෙනෙකුට කිසිම අරුම පුදුමයකට කරුණක් නොවේ. කාලයකට ඉහතදී මේ රටේ අධිකරණය මියගිය බව ඔවුහු දනිති.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශන නිදහසක් නොමැති බව ඔප්පු කිරිමට තිස්සනායගම් තීන්දුව වැදගත් නිදර්ශනයකි. මේ තීන්දුව පිළිබ`දව මතකල අවශ්‍ය වුවහොත් විධායකයේ පා ලෙවකෑමට පවා සූදානම් පුවත් පත් කලාවේදීන් හා මාධ්‍ය කරුවන් නොමද ලැජ්ජාවට පත්කරයි. විරුද්ධ සටන් කල අයට දිවි පිදීමට සිදුවූ අතර සමහරු තම ජීවිත ආරක්‍ෂාවට රටින් පලාගියහ. එහෙත් මාධ්‍ය නිදහස මැඩපැවැත්වීමටත් වැරදි අදහස් පැතිරවීමටත් සිය අනුග‍්‍රය දක්වන සමහරුන්ට මින් පාරාදීසයක් නිර්මාණය වී ඇත.

මේ තින්දුව හා සිරද`ඩුවම හෙළාදකින ලෙස අපි රටවැසි හා ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඔහු කොන්දේසි විරහිතව නිදහස් කරන මෙන් ඉල්ලා සිටිය යුතු වෙමු. එමෙන්ම ශ‍්‍රී ලංකාව තුල අධිකරණයේ ස්වාධිනත්වය මියගොස් ඇති බවත්, ප‍්‍රකාශනයේ හා මාධ්‍ය නිදහස මරා දමා ඇති බවත් නිසි ලෙස ග‍්‍රහණය කරගත යුත්තේය.

අත් පා ඉවත්කරනු ලැබූවෙක් සිහිනෙන් තමාට ඒවා සම්බන්ධව ඇති සේ දකී. එහෙත් ඇත්තටම ඒවා නැත. ශ‍්‍රී ලංකාවේ අධිකරණ හා මාධ්‍ය නිදහසද එබ`දුය.
මෙම ප‍්‍රකාශනය මුලින් ඉන්ගී‍්‍රිසියෙන් මුලින් "‘Lanka Guardian" හී පලවූ අතර එහි සිංහල පරිවර්ථනය මුලින් ‘රාවය ’පුවත්පතේ පළවිය

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger