Home » » නායකත්වයේ ගැටළු

නායකත්වයේ ගැටළු

Written By Sri Lanka Guardian on Thursday, September 17, 2009 | 11:49 AM

එස්. සිවනායගම්
-1982 මාර්තු 13

(September 17, Colombo, Sri Lanka Guardian) මිනිසුන් අතරින් නායකයකු බිහි කර ගැනීම සදහා අවශ්‍ය ගුණාංග මොනවා ද? අසාමාන්‍ය ආත්ම විශ්වාසය එකක් විය හැකිය. නිමා නොවන ධෛර්ය සම්පන්න භාවය තවෙකක් විය හැකිය. නොවරදින වින්ශ්චය තුන්වැනි ගුණාංගයක් විය හැකිය. මීට අමතර තවත් ගුණාංගයෝ වෙති. තම අනුගාමිකයන් තුළ, අනුප‍්‍රාණය ඉපැදවීමේ හැකියාව, ඇතැම් අවස්ථා වලදී බිය වැද්දීමේ මුහුටි කම, පුද්ගල පෞරුෂය, ස්වකීය මෙහෙවර පිළිබද තිර අවබෝධය, ඒකායන එල්ලය නොසැලෙන අරමුණ......
මේ සැමට වඩා ඓතිහාසික අවබෝධය.


ඉදිරි මාස කීපය තුළදී මේ රටේ නායකයන් අබිමුවට එන්නේ නිදහසේ පටන් මේ වන තුරා ඉදිරිපත් කැරුනු දැවැන්තම අභියෝගයකි. මේ දේශයේ අනාගත ගමන් මගත් එහි හැඩරුවත් තීිරණය වනු ඇත්තේ ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය මගිනි. සැබෑ අභියෝගය තිබෙන්නේ මාධ්‍යයට හෝ දකුණට හෝ අද එහි සිදුවන දෑ කල්තියා කිය හැකිය. රටේ අනාගතයේ යතුර ඇත්තේ උතුර අතය.
දෙමළ නායකයාගේ භූමිකාවට පණ පොවා සිටින අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් වෙත දැන් ආලෝක ධාරාව එල්ල වී තිබේ. අප එසේ කියන්නේ ඇයි?

සිංහලයා විෂයයෙහි ගත් කල නම් 1948 දී ඔවුන් අතට බලය මාරු විය, දේශපාලන බලය, වාර්ගික බලය, රාජ්‍ය බලය අත පත් කිසිවකු හෝ එය අත් හරිතැයි, එසේත් නැති නම් එය හවුලේ බෙදා ගනිතැයි සිතීම අනුවණ කමකි. ඔවුන් අතුරින් කා අත බලය පැවතිය යුතු ද යන්න ඔවුන්ට ම අදාල කාරණයක් පමණි. එක්සත් ජාතික පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා යුද වැදීම හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තම තමන් අතරේ කුලල් ගැනීම හෝ දෙමළුන් විෂයයෙහි අදාල කරුණක් නොවේ. පශ්චාත් නිදහස් සමයෙහි
සැලසුම් යටතේ දෙමළ ජනතාවට බලාපොරොත්තු විය හැක්කේ මෙතැනින් සහනයක්, අතනින් උදව්වක්, එක් නායකයකුගෙන් සාධාරණය, තව නායකයකු හෝ අපහාස, ්ට තානාපති පදවියක්, ඊට පොලිස්පති නිලයක් නැතහොත් ක්‍ලෘ හා ෑ ගේ පවුල් වලට සරුසාර භාවය උදා කර ගැනීම සදහා මුදල් ඉපැයීමේ අවස්ථා යනාදිය පමණි. ජාතිවාදී සීමා අතික‍්‍රමණය කොට සකල දේශයේම නායකයා සේ හැසිරෙන හා ක‍්‍රියා කරන සිංහල නායකයකු ඒ ඉඩකඩද නැත්තේ නොවේ. මතු වන්නටද පුලූවන. එහෙත්, සමස්ත සිංහල ජනකායම දිගු කලකට ඔහු පිළිගනීද යන්න විවාදපන්න පැණයකි.

ඉදිරි මාස කීපය තුළ අමිර්තලිංගම් මහතාගේ කල් ක‍්‍රියාව සැලැකිල්ලෙන් අධ්‍යයනය කළ යුතු වන්නේ ඒ නිසාවෙනි. ඔහු නායකත්වය සපයන්නේ සන්ධිස්ථානයක් කරා වේගයෙන් එළැඹෙන ජනතාවකටයි. ඒ ජනතාව කොයි දිසාවට හැරිය යුතුද යන්න රදා පවතින්නේ නායකත්වය මතයි. තමන් පිය නගන්නට තීරණය කරන කවර මාවතක් ඔස්සේ වුව නායකයා ජනතාව රැුගෙන යා යුතුය. එසේ නොවෙතොත්, ඔහු තව දුරටත් නායකයකු නොවන අතර ජනාධිපති ජයවර්ධනගේ රජයේ ජයග‍්‍රහණය මහත් සේ ලබා දිනා ගනු ලැබුවක් වෙයි.

නායකත්වයේ දිගමට සිටීමට අමිර්තලිංගම් මහතාට පිටස්තර සිදුවීම් මත රඳා පැවැතීමට කළ හැක්කක් නොවේ. දෙමළ එක්සක් විමුක්ති පෙරමුණේ වාසි හා උපායන් පමණට වඩා රදා පැවැතියේ අහම්බ මත ය. ඔහු ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත් වීම විකාර සහගත සිදුවීම ඔහුගේ පක්ෂය වේවා, සිංහල ජනතාව වේවා කිසිවිටෙකත් ගණන් බලා නොතිබු කරුණකි. ඇතැම් දේශපාලකයන් ගෙන හැර පෑ මෝඩකමත්, 1981 මැයි ජුනි සමයේ යාපනයේ සමහර පොලිස් භටයන් කළ දුෂ්ට ක‍්‍රියාත් දෙ.එ.වි.පෙ ට දිස්ත‍්‍රික සභා ඡුන්දයේදී දැවැන්ත ජයග‍්‍රහණයක් අත් කර දුනි.

අප ආරම්භයේදී කීවා සේ, නායකත්වයේ ගුණාංග ගණනාවකි. නායකයෝ ඓතිහාසික බලවේග වල නිමැවුම් වෙති. ඒ බලවේග ක‍්‍රියාත්මක වන්නේ නායකයන් නොතකා ය. මිනිසා නිර්මාණය කරන්නේ පවත්නා හෝරාව යැයි කියමනකි. එහෙත්, ඒ සඳහා නම් ඔරලෝසු කාලානුරූප කර ගත යුතුය.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger