Home » » අ`ගුලාන ද්විත්ව මිනිමරුම් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයාගේ යුතුකම්

අ`ගුලාන ද්විත්ව මිනිමරුම් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයාගේ යුතුකම්

Written By Sri Lanka Guardian on Wednesday, September 9, 2009 | 10:40 PM

නිතිඥ බැසිල් ප‍්‍රනාන්දු

(September 09, Colombo, Sri Lanka Guardian) අ`ගුලාන පොලිසිය තුලදි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලූ පොලිස් නිලධාරීන් ගණනාවක් විසින් තරුණයන් දෙදෙනෙකුට වදහිංසා කොට පසුව පොලිස් ස්ථානයෙන් පිටට ගෙනගොස් වෙඩිතබා මැරීම පිළිබ`ද සිද්ධියට අ`ගුලාන ජනතාව ප‍්‍රතික‍්‍රියා කලේ දහස් ගණනින් පොලිස් ස්ථානය වටා රොක්වී විරෝධතා ව්‍යාපාරයක යෙදීමෙනි. මෙම සිද්ධිය නිසා ඇතිවුණු මහජන කම්පනය අස්වැසීම් වස් රජය විසින් යම් පියවර ගන්නා ලදි. එහෙත් මෙම පියවර මෙවැනි සිදුවීම් අනාගතයේදී වළක්වාගැනිම ස`දහා සෑහේද? නැතහොත් හුදෙක්ම උගුරට හොරා බෙහෙත් කෑමේ ප‍්‍රයත්නයක්ද?


අ`ගුලාන පොලිස් ස්ථානයේ සිදුවූ සිදුවීම් පිළිබ`දව විශාල තොරතුරු රාශියක් මේ වනවිට හෙළිදරව් වී ඇත. මෙසේ හෙළදරව් වී ඇත්තේ තරුණයන් දෙදෙනාගේ මරණයන් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී මෙහෙයවන ලද සාක්‍ෂිවලින් හා මෙම සිද්ධියට සම්බන්ධතාවක් ඇත්තන් විසින් හෙළිදරව් කර ඇති සමහර කරුණු මගිනි.

මේ සිය`එ කරුණු වලින් ඉතා පැහැදිලිව පෙනියන්නේ මෙම පොලිස් ස්ථානය තුල නිතිය සම්බන්ධයෙන් කිසිද තැකීමක් පැවති නැති අතර එහි නිලධාරීන්ගේ විනය හිතිමට අමාරු තරමට පිරිහි ගොස් තිබි ඇති බවය. පොලිස් ස්ථානයක් තුල විනය පවත්වාගෙන යෑම ස`දහා ප‍්‍රධානම අධීක්‍ෂණ ක‍්‍රියාමාර්ගය හා වගකීම පැවරී ඇත්තේ එම පොලිස් ස්ථානය භාරව ක‍්‍රියාකරන සහකාර පොලිස් අධිකාරීවරයා (්ීඡු* වෙතය. සෑම පොලිස් ස්ථානයකට අදාල සිය`එම කටයුතු නිසිලෙස හා නිත්‍යානුකූල ලෙෂ සිදුවන බවටත් පොලිස් ස්ථානය තුල විනය ගරුක භාවය ඉහළින්ම පවතින බවටත් සොයාබලා කටුයතු කිරිමේ වගකීම එම පොලිස් ස්ථානයට අදාල සහකාර පොලිස් අධිකාරිවරයා වෙත පැවරේ.

අ`ගුලාන ද්විත්ව මිනිමැරුම තුලින් හෙළිකරව් වී ඇති ප‍්‍රමාණයේ විශාල නිති උල්ලංගනය කිරිම් හා විනය කඩා වැටීම් සිදුවීම් මගින් පෙන්නුම් කරන්නේ එම පොලිස් ස්ථානය සම්බන්ධයෙන් නිසියාකාර අධීක්‍ෂණයක් පැවති නැති බවය. එසේ නොපැවතීම සම්බන්ධායෙන් වගකිව යුත්තේ සහකාර පොලිස් අධිකාරීවරයාය. ඔහුගෙන් මේ පිළිබ`දව ප‍්‍රශ්න කොට අපරාධ නඩු ක‍්‍රියාකලාපය යටතේ හා විනය විරෝධීව ක‍්‍රියාකිරීම යටතේ පියවර ගැනීමේ කාර්යය ඔහුගේ ඉහළ නිලධාරීන්වන පොලිස් අධිකාරී, ජේෂ්ඨ පොලිස් අධිකාරී, අදාල නියෝජ්‍ය පොලිස්පති හා පොලිස්පති වරයා වෙත පැවරේ.

අ`ගුලාන ද්විත්ව මිනිමැරුම් සිද්ධිය තුලින් දැනට හෙළිදරව් වී ඇති බරපතලම නිති විරෝධි හා විනය විරෝධී ක‍්‍රියා වශයෙන් පහත ස`දහන් කරුණු ස`දහන් කල හැකිය.

බීමත්කම
අදාල සිද්ධිය සිදුවූ දිනයේ පොලිස් ස්ථානාධිපතිවරයාද පොලිස් නිලධාරීන් ගණනාවක්ද බීමත්ව සිටි බවට සාක්‍ෂි මරණ පරීක්‍ෂණය තුලදී නැවත නැවත කියැවිනි. මේ අතර පොලිස් ස්ථානයේම සමහර නිලධාරීන් දී ඇති සාක්‍ෂිවලින් ද එම බීමත්කම හෙළිදරව් වේ. මෙම සිද්ධියට අදාලව ප‍්‍රකාශයක් කල ප‍්‍රදේශයේ මන්ත‍්‍රිවරයා විසින් ප‍්‍රකාශ කර සිටියේ අ`ගුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සවස් වරුවේදී බීමත්ව සිටින බවටත්, සැකකරුවන්ට පහර දෙන බවටත් තොරතුරු තමන් වෙත මීට පෙරදී ලැබී තිබුණු බවය. මේ ගැන අදාල බලධාරීන්ට තමා පැමිණිලි කල බවද ඔහු කියා සිටියේය. තදබලව බීමත්ව පොලිස් නිලධාරීන් හැසුරුණු බවට පතල වී ඇති තොරතුරු වල කිසියම් සාවද්‍යභාවයක් ඇති බවක් පොලිසිය විසින් වත් ප‍්‍රකාශයට පත්කොට නැත. මේ අනුව බීමත්කම පිළිබ`දව පැනනැගෙන චෝදනා මගින් කියවෙන්නේ ඉතාමත් ශෝචනීය ලෙසට පිරිහුණු පොලිස් ස්ථානයක් සම්බන්ධයෙනි.

පගා ගැනීම
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම ප‍්‍රකාශයක් කල මියගිය තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මවත් ප‍්‍රකාශ කලේ සෑම දිනකම සවස් වරුවේ බීමත්ව තරුණයන්ට පහරදීම අ`ගුලාන පොලිස් ස්ථානය තුල සිදුවුණ බවය. ඇය කියා සිටියේ මෙසේ තරුණයනට පහර දෙන්නේ ඔවුන්ගේ දෙමාපියන් පොලිසියට ගෙන්වාගෙන එම දෙමාපියන්ගෙන් හෝ නෑදෑයන්ගෙන් පගාව ලබාගැනිම ස`දහා බවය. තමන්ගේ දරුවා පොලිස් ස්ථානය තුලට ගෙන ගොස් පහර දෙන බව ආරංචි වූවිට, තමන්ද එම ස්ථානයට මුදල්ද ගෙන ගිය බවත්, එසේ ගියේ මුදල් දී හෝ තම දරුවන් බේරා ගැනිම ස`දහා බවය. එසේ වූවත් ඔවුන්ට ඔවුන්ගේ දරුවන් එසේ බේරා ගැනිමට බැරි තරමට කරුණු දිග දුර ගොස් තිබිණි. අත්අඩංගුවට ගැනීමේ බලය හා ර`දවාගැනිමේ බලය අනිසි ලෙස පාවිච්චිකරමින් පගා ගැනීමේ පුරුද්ද රටපුරාම පොලිස් ස්ථාන වල පැතිරී පවතින්නකි. මෙය බොහෝ විට කිසියම් රහසිගත භාවයක් යටතේ කෙරෙන නමුත් අ`ගුලාන පොලිස් ස්ථානය තුල දී නම් එය සිදුවී ඇත්තේ විවෘර්තය.

වදහිංසාව හා මිනිමැරීම
මරණ පරීක්‍ෂණයේදී එළිදරව් වී ඇති සාක්‍ෂි අනුව අදාල තරුණයන් දෙදෙනාට ඉතා බරපතල ලෙස පහරදීම් සිදුකර ඇති බව පෙනියයි. ඔවුන්ට අතින් පයින් හා බ`ද පටි වලින් පහරදී ඇති බවත්, එම පහර දිම් වලට පොලිස් ස්ථානාධිපති වරයාත්, තවත් පොලිස් නිලධාරීන් ගණනාවකුත් සම්බන්ධ වූ බව කියැවිනි. මෙම තරුණයන් දෙදෙනා පමණක් නොව එම සිද්ධිය බලා සිටි සමහර පොලිසියේ සහකාර සේවයකයන්ට පවා තදබල ලෙස පහරදුන් බව ඔවුන් විසින්ම කියවිනි. පොලිස් ස්ථාන තුල සැකකරුවනට පහරදීමද ලංකාවේ සෑම පොලිස් ස්ථානයක මෙන් ඉතා සුලභව සිදුවන බව අධිකරණදිත්, මාධ්‍ය තුලිනුත් හෙළිදරව් වී ඇති වාර්තා මගින් පැහැදිලිව පෙනේ. අ`ගුලාන පොලිසිය තුල සිදුවී ඇති සේ පෙනියන්නේ කිසියම් හෝ සීමාවකින් තොරව එවැනි වදහිංසා මෙම පොලිස් ස්ථානය තුල සිදුවී ඇති බවය. එමෙන්ම මෙම සිද්ධිය අවසාන වූයේ අදාල තරුණයන් දෙදෙනාට පොලිස් නිලධාරීන් විසින් වෙඩිතබා මරා දැමිම තුලිනි.

පොලිස් ස්ථානයේ සේවකයන්ට ගෙවීම් ලෙස හෙරොයින් දීම
මේ පිළිබ`දව චමින්ද අප්පුහාමි නැමති සාක්‍ෂිකරු මරණ පරීක්‍ෂණයේදී කරන ලද ප‍්‍රකාශය මවිත කරන සිලූය.
‘‘මම අ`ගුලාන පොලිසිය අතුගානවා. මොනවහරි වැඩක් පලක් කරනවා. මම කරන සේවයට පඩියක් දුන්නේ නැහැ. මහත්තරු පඩි ගත්තාම රුපියල් පනහක් විතර දෙනවා. මම හෙරොයින් බොනවා. වැඩ කරද්දි හෙරොයින් පැකට් එකක් දෙකක් දෙනවා. මහේස්ත‍්‍රාත්- කව්ද තමුන්ට හෙරොයින් දෙන්නේ? උසාවියේ ඉන්නවද එයා? (සාක්කිකරු නව වැනි විත්තිකරු කොස්තාපල් ධම්මිකව පෙන්වා සිටී* මහේස්ත‍්‍රාත්- පොලිසියට කොහෙන්ද හෙරොයින්? සාක්කිකරු- අල්ලන ඒවා. මහේස්ත‍්‍රාත්- හෙරොයින් දෙන නිසාද වැඩ කරන්නේ? සාක්‍ෂිකරු- ඔව්.’’

මත්ද්‍යව්‍ය පිළිබ`දව භාන්ඩ නිසි ලෙස පවත්වා ගැනීම සම්බනධයෙන් විශේෂ නිති රීති ඇත. මෙම නිති රීති නිසිලෙස අනුගමනය කිරිම ඉතාමත් වැදගත් කාර්යයකි. මෙම නිති රීති නිසි ලෙස පවත්වා ගෙන නොයන්නේ නම් ඉතා බරපතල වැරදි සිදුවිය හැකිය. පොලිස් නිලධාරින්ටම මත්ද්‍යව්‍ය ල`ග තබාගැනිම හා වෙළ`දාම් කිරිම යන වැරදි කිරිමට හැකිවේ. ඔවුන්ට ඒවා පාවිච්චි කිරිමටද වෙනත් අයට ඒවා පාවිච්චියට දීමටද හැකිවේ. මේ සෑම ක‍්‍රියාවක්ම ඉතා බරපතල ද`ඩුවම් වලට යටත් වූ විශේෂ අපරාධ ගණයට වැටේ. මේ හැර අසරණ මිනිසුන් අමාරුවේ දැමීම ස`දහා ඔවුන් ල`ග මත්ද්‍යව්‍ය තිබුනා යැයි කියමින් බොරු නඩු දැමීමටද අවස්ථාව මේ මගින් සෑදේ. මෙසේ කර ඇති බවට චෝදනා නිතර නිතරම පොලිස් ස්ථානවලට විරුද්ධව එල්ලවේ.



පොලිස් ස්ථානය භාරයේ ඇති ගිනි අවි නිතිවිරෝධී ආකාරයෙන් පාවිච්චි කිරිම
පොලිස් ස්ථානයක් භාරයේ ඇති ගිනි අවි ආරක්‍ෂා කර තබාගැනිම හා ඒවා පාවිච්චිය සම්බන්ධයෙන් නිති රීති ඇත. මේවා ඉතා බරපතල නීති රිති වේ. ගිනි අවි පිළිබ`ද නිති රීති වර්ධනය වී ඇත්තේ ශතවර්ශ ගණනාවක් තිස්සේ මේ පිළිබ`දව ඇති අත්දැකීම් ගොනුකර ගැනීම තුලින් වර්ධනය වූ නිතිමය මූලධර්ම මතය. ගිනි අවි පාවිච්චිය ඉතාමත් දුර්ලභ අවස්ථාවලදී ඉතාමත් සුපරික්‍ෂාකාරී ආකාරයෙන් සිදුකල යුතු බව මේ පිළිබ`දව ඉතා වැදගත් සිද්ධාන්තයක් වේ. මේ අනුව ගිනි අවි තබාගැනීම පිළිබ`දව රෙගුලාසි, ගිනි අවි තබා ඇති ස්ථාන වලින් ඒවා එළියට ගැනීමේදී අනුගමනය කල යුතු රීතීන් පිළිබ`දව රෙගුලාසි, මේවා පිළිබ`දව වාර්තා තබාගැනීම පිළිබ`දව රෙගුලාසි ආදි වශයෙන් නිතිමය විධිවිධාන ගණනාවක් ඇත. යම් ගිනි අවියක් එළියට ගැනිමේදී ඒ පිළිබ`දව ලිඛිත අවසරයක් අදාල බලධාරියෙකු විසින් නිකුත් කල යුතුය. ඒවා එළියට ගන්නේ කුමක් නිසාද, ඒවා අත තිබෙන්නේ කුමක් නිසාද ආදි සියලූ කරුණු නිසි ආකාර නියෝග මගින් නිකුත් කල යුතුව ඇති අතර ඒ පිළිබ`දව අදාල පොත්වල සටහන් කල යුතුය. ගිනි අවි ස`දහා පාවිච්චි කරන පතුරම් සම්බන්ධයෙන්ද එවැනිම ක‍්‍රියාපටිපාටියක් ඇත. අ`ගුලාන පොලිස් ස්ථානය තුල මෙම ක‍්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් පැවතී ඇති බවක් පෙනෙන්නට නැත.

නිල ලේඛන ඉරා දැමීම හා බොරු ලේඛන පවත්වා ගෙනයෑම
පොලිස් රාජකාරී සම්බන්ධයෙන් ඉතාමත්ම වගකිව යුතු අංශයක් වන්නේ නිත්‍යානුකූල වශයෙන් නියම කොට ඇති පොත පත නිසි ලෙස පවත්වාගෙන යෑම හා එම ලේඛන ආරක්‍ෂා කිරීමය. අ`ගුලාන සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම කර තිබූ ප‍්‍රකාශය පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගයක් මත තමන් විසින් ඉරා දමන ලද බවත්, එම ඉරා දැමූ පිට වෙනුවෙන් වෙනත් පොතකින් ගත් පිටුවක් ඇලවූ බවත්, එම ඇලවූ පිටේ තමන්ගේ අතින්ම ප‍්‍රකාශයක් ලියන ලද බවත්, එම ප‍්‍රකාශයට තමා හොර අත්සනක් ගැසූ බවත්, එක් පොලිස් නිලධාරියෙක් මරණ පරීක්‍ෂණයේදී ප‍්‍රකාශයක් කරන ලදි. පසුව එසේ ඉරා ඉවතට දැමූ පිටුව නැවත හමුවූ බවද පරීක්‍ෂණයේදි හෙළිදරව් විය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේත් මහාධිකරණ ඉදිරියේත් වෙනත් අධිකරණ ඉදිරියෙත් නිතිර නිතර හෙළදරව් වන කරුණක් නම් පොලිස් ස්ථානවල පවත්වාගෙන යන නිල පොත පත ඉතා හිතුවක්කාර අන්දමින් වෙනස් කිරිම් වලට භාජන කරන බවය. මෙසේ ලේඛන වෙනස් කිරිම හා මාරු කිරිම ඉදිරියේදී අධිකරණ නොමග යැවීම ස`දහා යොදාගනු ලැබේ.

ඉහත ස`දහන් කර ඇත්තේ දැනට අ`ගුලාන ද්විත්ව මරණ සිද්ධිය පිළිබ`දව හෙළිදරව් වී ඇති කරුණු තුලින් විදහා පාන නිතිවිරෝධි ක‍්‍රියා සහ විනය විරෝධි ක‍්‍රියාය. යම් පොලිස් ස්ථානයක් තුල මෙවැනි ක‍්‍රියා වැළැක්වීම ස`දහා ඇති මාර්ගය වන්නේ පොලිස් ස්ථානයේ භාරව ඇති සහකාර පොලිස් අධිකාරීවරයා විසින් කරණු ලබන අධීක්‍ෂණය මගිනි. පොලිස් දෙපාර්තුමේන්තු රෙගුලාසි වලට අනුව සහකාර පොලිස් අධිකාරීවරයා තමන්ගේ පොලිස් ස්ථානයට නිතර වාර්තා කිරිම සම්බන්ධයෙනුත්, එහි එම පැමිණිම් වලදී ස්ථානයේ සියලූම තැන් සුපරික්‍ෂාකාරීව පරීක්‍ෂා කිරිම සම්බන්ධයෙනුත්, ලේඛන හා භාණ්ඩ නිත්‍යානු කූලව පවත්වාගෙනය යනවාද යන්න අධීක්‍ෂණය කල යුතු ආකාරය සම්බන්ධයේන් පොලිස් ස්ථානාධිපති ඇතුලූ අනික් නිලධාරින්ගේ විනය ක‍්‍රියාමාර්ගය පවත්වාගෙන යා යුතු ආකරය සම්බන්ධයෙනුත් පැහැදිලි විධිවිධාන ප‍්‍රකාශයට පත් කොට ඇත. මේ සියල්ල මගින් පොලිස් ස්ථානයක නිසි පැවැත්ම හා විනය පිළිබ`දව ප‍්‍රධාන වගකීම සහකාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරේ.

සහකාර පොලිස් අධිකාරීවරයා බලධාරීන්ගේ වගකීම සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලාධාරීන් අතර ඇති දම්වැලේ, පොලිස් ස්ථානයකට ඉතාමත්ම කිට්ටුවූ පුරුක වන්නේය. සහකාර පොලිස් අධිකාරිවරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා ඇත්තේ පොලිසිය තුල අණ දෙන්නාගේ වගකිම පැවරී ඇති නිලධාරින්ය. මොවුහු පොලිසියක් පවත්වාගෙන යෑමේ නායකත්වයේ වගකීම් ඇත්තෝය. සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් ඔහුගේ වගකීම පැහැර හැරි විට මෙම අණ දෙන්නාගේ වගකීමේ කඩා වැටීමක් සිදුවේ.

අ`ගුලාන පොලිසියේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාල සහකාර පොලිස් අධිකාරීවරයා අතින් මෙවැනි ඉතා බරපතල වගකීම් පැහැර හැරිමක් සිදුවී ඇති බව පෙනි යයි. මේ අනුව අදාල සියලූම කරුණු පරක්‍ෂාවට භාජනය කොට මෙම නිලධාරීයට විරුද්ධව අපරාධ නිතිය යටතේ මෙන්ම පොලිස් විනය කාර්ය පටිපාටින් යටතේද කටයුතු කිරිමේ වගකීම ඔහුට ඉහළින් ඇති පොලිස් අධිකාරී, ජේෂ්ඨ පොලිස් අධිකාරී, අදාල නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා පොලිස්පතිවරයා වෙත පැවරේ.

මෙම වගකිම් පැහැර හැරීම් පිළිබ`දව නිසි ආකාර නිතිමය පියවර නොගත හොත් ඉහත ස`දහන් කර ඇති බරපතල නිති කැඞීම් හා විනය විරෝධි කි‍්‍රයා පොලිසිය තුලින් තුරන් කල නොහැකිය.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger