Home » » දේශපාලන අර්බුදයේ මට්ටම්

දේශපාලන අර්බුදයේ මට්ටම්

Written By Sri Lanka Guardian on Saturday, September 26, 2009 | 11:46 PM

නිලන්ත ඉලංගමුව

(September 27, Colombo, Sri Lanka Guardian) සියවස් ගණනාවකට ප‍්‍රථම ශ‍්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය තුළින් අත්හැර දමනු ලැබූ රාජාණ්ඩු ක‍්‍රමය යළිත් මෙරටට අවශ්‍ය යැයි හඬ නැඟිම හෝ ඒ සඳහා අර ඇඳීම කදිම හාෂ්‍ය උපාවන දේශපලාන ප‍්‍රවණතාවයක් ලෙස පෙනේ. අගනගරය මෙන්ම ඉන් පිටතදී දැක ගත හැකි බොහෝමයක් ප‍්‍රචාරක පුවරු තුළින් ගම්‍ය වන්නේ එක්කෝ ජනතාව රජෙක් එනතුරු බලාගෙන සිටි බවයි. එසේ නැතහොත් රජෙක් වන්නට අර අඳින පාලක පවුල් සංස්ථාව ඒ සඳහා අවශ්‍ය බාහිර සාධක සකස් කර ගන්නා ආකාරයය. කෙසේ වෙතත් සමාජ සංස්ථාවක් තුළින් අවලංගු යැයි බැහැර කරනු ලැබූ පාලන ක‍්‍රමයක් යළිත් වරක් එම සංස්ථාව තුළ වෙනත් පරම්පරාවක් අභිමුඛව බලාත්මක කිරීමට යන්ත දැරීම ඉතා සංකීර්ණ වන්නා සේම, එය ප‍්‍රායෝගික තලය තුළදී බිහිසුණු ස්වරූපයක් ගත හැකිය. හදිසියේවත් ‘රාජාභිනන්දනය’ දක්වා යන ගමන් මඟ පශ්චාත් නූතන දේශපාලන සහ ආර්ථික මුලයන්වලින් අවහිර කරනු ලැබුවහොත් එහි ප‍්‍රතිඵලය වඩාත් භීෂණකාරී ලෙස ජනතාව මත පැටවීමේ සම්භාවිතාවය ඉතා ඉහළය. ලෝක ඉතිහාසයේ එවැනි බොහෝමයක් අවස්ථා ගැන සඳහන් වී තිබේ.


බොහෝමයක් පාලකයින් ආරම්භයේදී නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන්නාවූ පිරිස් වන අතර පසුකාලීව ඔවුහු නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සතුරන් බවට පත් වන්නේය. ඉතිහාසයේ සඳහන් වී ඇති බොහෝමයක් දුෂ්ඨ නායකයින්ගේ ආරම්භය ඉතා දැකුම් කළුය. අමන්දානන්දය එසේම ජනතාවගේ සිත් ඇද ගන්නා පුළුය. නමුත් පද්ධතිය තුළ සහ ඊට බාහිරින් එල්ල වන බලපෑම් හමුවේ ඔවුන්ගේ ‘බලය’ දුර්වල වීමට පටන් ගන්නා තැනදී පාලකයා, මර්දකයෙකුගේ තත්ත්වයට පත් වේ.

තිස්සනායගම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ගමන් මාර්ගය තුළ බොහෝමයක් අවස්ථා සටහන් වී ඇත්තේ නිදහස වෙනුවෙන් විශේෂයෙන් මානව අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නෙකු ලෙසය. එවකට මහින්ද රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා සමඟ දෙමළ භාෂාවේ සහ ඉංග‍්‍රීසි භාෂාවේ නිපුනත්වය, නිසා තිස්සනායගම් වැනි සමාජ ක‍්‍රියාකාරීකයින් එකතු වූයේ ඔහු
තිබු අපේක්‍ෂා දැල්වීමේ ගුණාංගය නිසාය. මහින්ද වූ කලී වීථියේ දේශපාලනඥයකු වූ අතරම මධ්‍යගත දේශපාලන බලයේ අඛණ්ඩව මර්ධණයට විවේනයට සහ ප‍්‍රතික්‍ෂ්ප වීමට භාජනය වූ අයෙකි. නමුත් ඉතිහාසය විසින් නිෂ්පාදනය කළ එවැනි මානවීය නායකයෙකු අවසානයේදී පවුල කේන්ද්‍රය කරගත් ගූඪ භයංකර චරිතයක් වීම අතිශය සංකීර්ණය. එය තුළින් නිදහසට වඩා බලාත්මකව පැලපදියම් කිරීම හෝ මර්දනය කිරීම අනාගතයේ ප‍්‍රතිඵලය විය හැකිය.

මගේ දැකීමේ හැටියට තිස්සනායගම් වු කලි මාධ්‍යවේදියෙකුගේ භූමහමිකාව අභිබවා ගිය අයෙකි. පුද්ගල නිදහස සැකලිල්ලට ගැනීමේදී ඔහුගේ මඟ වැරදිද හරිද යන්නට වඩා ජනතාවගේ අගලය හමුවේ ඔහු ගත් ස්ථානය මත පිහිටා ඔහු පිළිබඳව සැලකීම ව
ටින්නේය. නමුත් දෛවයේ සරදම වු කලී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වූ කළ තිස්සනායගම්ගේ තැන කුමක්ද? යන්නය. මෙය තිස්සට පමණක් පොදු වූවක් නොවේ. මට අනුව තිස්සනායගම් වූ කලී එක් ප‍්‍රතිපත්තියක පිහිටා ප‍්‍රතිපත්තියකික් නැති දේශපාලනය බුදලය කරගත් ‘බලය, සමඟ ගනුදෙනු කළ අවස්ථාවේදීන්ගේ ගොදුරකි. එසේම ඔහුගේ දෙමළ වාර්ගිකත්වයෙන් එතැම් විටම ප‍්‍රයෝජනය ගැනීමට පිටත ලෝකයට හැකියාව ලැබුණ බව පෙනේ. එකළ මහින්ද රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාට ඔහු අවශ්‍ය වීමට ප‍්‍රමුඛ හේතුවක් වූයේ ඔහු දෙමළ වීමය. මෙකළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට විවේචනය කිරීම සඳහා භාවිතා කරන ප‍්‍රමුඛ හේතුව වන්නේද ඔහු දෙමළ වීමය. යම් දවසක ඔහුට නිදහස ලැබුණහොත්, එකළද ඔහුගේ ‘දෙමළ භාවය’ අවස්ථාවාදීන්ගේ භාවිතාවක් වවනු මිස, තිස්සනායගම්ට ඉන් ඇති සුගතියක් නැත. මෙහි ඇති ශෝකාන්තය වන්නේ සමස්ථ සමාජ ව්‍යුහය එල්ටීටීඊ නමැති පෘථුල බලවේගයෙන් වියුක්ත වූ කල්හි පර්යේෂණාගාරයක මීයන්ගේ තත්ත්වය රාජ්‍ය ප‍්‍රතිපත්ති බාල්දු වීමය.

විපක්‍ෂයේ දියවීම

එසේම දිය කරමින් හරින සිය දේශපාලන බලය සහ අභ්‍යන්තරව ඇති භය නිසා නිශ්ශබ්දවෙමින් තිබෙන විපක්‍ෂ අදහස් හමුවේ වැසී යන්නේ සමස්ථ සමාජ ව්‍යුහයක නිදහස නමැති පෘථුල අවශ්‍යතාවයයි. වඩාත් සංකීර්ණ තත්ත්වය වන්නේ ඊට ජනතාවගේ බලය ලැබීමය. එය අන්ඳය. සැබැවින්ම මැකියාවේලි තම කෘතිය වන ‘කුමාරයා’ තුළින් ඉදිරිපත් කරන අදහසක් මේ සමඟ කදිමට ගැලපේ. එනම්, ජනතාව
වූ කලී වැදගම්මකට නැති රැළක් වන්නා සේම ඔවුහු ඔවුන්ගේ වර්තමාන අවශ්‍යතාවලින් මෙහෙය වන්නේය. එබැවින් ඔහු පාලකයෙකුට ලබා දෙන උපදේශය වූ කලී පාලකයෙකු දුන් පොරොන්දුවල කාලය ඉකුත් වී ඇත්තේ නම් සේම පොරොන්දුවට පාදක වූ හේතව සමාජය තුළින් අහෝසී වී ගොස් ඇත්නම් එය ඉටු කිරීමට අවශ්‍ය නොවේ, යන්නය. විපක්‍ෂයේ දියවීමත්, ආණ්ඩු පක්‍ෂයට විරුද්ධව නැගෙන හරයක් සහිත හඬ තුළ පවතින ශක්ති හීන බව සහ බිය නිසා නිසල වීම ආදිය හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට බොහෝමයක් පොරොන්දුවලින් සූක්‍ෂම ව ඉවත් විය හැකිය. එසේම සාමාන්‍ය මට්ටමේ බහුතරයක් වූ සිංහල ජනතාව රාජපක්‍ෂ ප‍්‍රතිපත්තිවලට ඇහුන්කම් දීම සරල සේම සාමාන්‍ය සිදුවීමක් වන්නේය. එසේ නම් අර්බුදය පවතින්නේ කොහේද?

අර්බුදය කුමක්ද?

ගොඩනැගෙමින් පවතින සමාජ දේශපාලන ප‍්‍රවණතාවය හමුවේ සිංහල සහ අනෙකුත් පාර්ශ්වීය ජනතාව හමුවේ ඇති අර්බුදය කුමක්ද? පළමු අර්බුදය නම් බල තුලනයක් නොමැති වීම නිසා කෙටි කාලීන තෘප්තිය උපදවන සහ දීර්ඝ කාලීනව දැඩි බලපෑම්වලට නතුවීමට සිදුවන දෑ සිදුවීමට ඇති ඉඩකඩයි. දැනටමත් කවුරුන් කෙසේ කීවත් ආණ්ඩුක
ය හරයාත්මක තීන්දු තීරණ ගැනීම් රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පවුලෙන් බාහිරට යන්නේදැයි කිව නොහැකිය. එය කොටි සංවිදානයට එරෙහිව කරනු ලැබූ යුද්ධයේදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ තීන්දු තීරණවලින් යම් කිසි හරයාත්මක වනසක් දැකගත හැකි විය. නමුත් ඔහු ඉන් ඉවත් කිරීමත් සමඟ සම්පූර්ණ හරය ජනාධිපතිවරයාගේ පවුල මත කේන්ද්‍රගත වී තිබේ. එවැනි කේන්ද්‍රගත වීමක් විපක්‍ෂය අබ්බගාත තත්ත්වයට පත් වී ඇති තත්ත්වයක් හමුවේ ඕනෑම සමාජ තලයක් මර්දනය කිරීම සහ තමාට අවශ්‍ය ආකාරයෙන් සකස් කර ගැනීම ඉතා පහසුය.

නමුත් එහි ඇති අනෙක් අර්බුදය වන්නේ එවැනි මට්ටමකට තල්ලූ වී ඇති ආණ්ඩුකාරණයක් ‘මහා බලයන්’ ඒක පාක්‍ෂික රාජ්‍යය පාලනයන් විප්ලවයක් මගින් සටන් කරනු ලැබු සමාජ ප‍්‍රජාවන් ආදිය තම ආදර්ශය ලෙස යනු ලැබීමයි. ඔවුහු අනුගමනය කිරීමට යන්ත දැරීමයි. එහි ප‍්‍රතිඵලය ලෙස නූතන සමාජයෙන් විගමනය වූ එක්තරා ආකාරයක මනෝභාවික ශ්‍රේෂ්ඨ ජාතියක් උදෙසා සේම ඊට ඇති අයිතිය උදෙසා, තම ප‍්‍රතිපත්ති සකස් කරනු ලැබීමයි. අවසානයේදී බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික වටපිටාවක් හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්‍ෂිත කරනු ලබන සමාජයක් වෙනුවට ඒකාධිපතියෙකුගේ හඬට යටත් වූ සමාජ සංස්ථාවක් උරුම විය හැකිය. මන්ද ‘බලය’ ගිලිහීමට පටන්ගත් තැන එය කෙසේ හෝ රැුකගැනීම සාමාන්‍ය මිනිස් ස්වභාවය වේ. හිට්ලර් වැනි නායකයින් පිළිබඳව සලකා අදහස්වලට වඩා ඔහු ගැන මහත් අභිමානයෙන් උදම් අනන අමනයින්ග් අදහස්වලටද අපට ඇහුම්කම් දීමට කාලය එළඹ තිබේ. එමගින් අනාගතයේදී රටක ගමන් මඟ පිළිබඳව තීරණයක් ගත හැකි වන්නා සේම ඉතිහාසයේ සිදුවූ අමානුෂික මර්දනය කිරීම් අනාගතයේදී වළක්වා ලීමට හැකියාව ලැබෙන්නේද එමගිනි.

විදේශ ප‍්‍රතිපත්තිය

එසේම පවතින සමාජ ප‍්‍රවණතාවයේ අනෙක් අර්බුදය වන්නේ විදේශ ප‍්‍රතිපත්තිය ඒක පාර්ශ්වීය ස්වභාවයක් ගැනීමය. මෙහි ප‍්‍රතිඵලය ලෙස එල්ටීටීඊ ය නමැති පොදු සතුරා සමාජයෙන් ඉවත් වීමෙන් පසු ඇතිවන රික්තය පිරවීම සඳහා සතුරන් කිහිප දෙනෙකුට අවශ්‍ය මාර්ගය විවෘත කරදීමයි. විශේෂයන් ජනාධිපතිවරයා බටහිර බලය සමඟ ගනුදෙනු කිරීමේදී ප‍්‍රකට කොට ඇති බොහෝමයක් දෑවලින් පෙනී යන්නේ ඔහු බටහිර බලය තුළ විවේචනාත්මක සතුරු බලවේගයක් බවට පත්වීමය. විශේෂයෙන් මීට මාස කිහිපයකට ප‍්‍රථම ඔහු මියන්මාරයේ කළ සංචාරය සේම විදේශ ප‍්‍රතිපත්තිය තුළ ගනු ලැබූ බොහෝමයක් තීරණවලින් ඔප්පු වූයේ එයයි.

මෙහි ප‍්‍රතිඵලය ලෙස ශක්තිමත් ‘ඩයස්පොරාවක්’ (පිටරටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්) නිර්මාණය වෙනුවට බටහිර ආර්ථික බලවතුන් තුළින් ප‍්‍රතික්ෂේපිත වන ඩයස්පෝරාවක් නිර්මාණය විය හැකිය. සැබැවින්ම ශ‍්‍රී ලංකාව වැනි රටකට එය වඩාත් හානිකර වන්නේය. විශ්ෂයෙන් අතිප‍්‍රභල ඩයස්පෝරාවක් නිර්මාණය කිරිම ශ‍්‍රී ලංකාව වැනි රටකට අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් පෙළගැසෙමින් පවතින දේශපාලන ප‍්‍රවණතාවය තුළින් පෙනී යන්නේ එවැනි වටපිටාවකට ඇති අඩු සම්භාවිතාවයයි. වැදගත් වන්නේ ලිබියාව වැනි රටක තම ශ‍්‍රම බලය ආයෝජනය කිරීමද, එක්සත් ජනපදය, හෝ යුරෝපා සංගමය වැනි රාජ්‍යයන්වල තම ශ‍්‍රමය ආයෝජනය කිරිමද යන රාජ්‍ය ප‍්‍රතිපත්තිවල අඩංගු විය යුතු කාරණා වේ.

දේශපාලන විසඳුම

ඒ වෙනුවට කොටි සංවිධානය පිළිබඳව හෝ ඔවුන් අතු ගා දැමීමෙන් ලබාගත් ජය දිගින් දිගටම භුක්ති විඳීම කෙතරම් දුරකට පවතින්නේද යන්න ගැටලූවක්. කොටි සංවිධානය අතුගා දමා දින සීයයක් ගිය පසුත් තවමත් පැහැදිලි දේශපාලන විසඳුමක් ගෙන නොඒමෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයාට සමස්ත දේශපාලන බලය තම දෝතට ගෙන භුක්ති විඳීමට ඇති වුවමනාවයි. ඉන් වන හානිය වන්නේ යුද්ධය නිසා විඩාවට පත් ජනතාව තුළ නිර්මාණය වන මීළඟ පරම්පරාව වඩා ප‍්‍රභල සහ රාජ්‍යය විරෝධීන් බවට පත්වීමට ඇති නැඹුරුතාවය ඉහළ වීමයි.

මෙවැනි තත්ත්වයක් හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්‍ෂිත වු සමාජයක නිදහස ස්ථාපිත කිරීමට අවශ්‍ය වන්නේ නම් ප‍්‍රමුඛ විය යුතු කාරණය වන්නේ අම්බගාත වී ඇති විපක්‍ෂයට කෙසේ හෝ ශක්තිය ලබා ගැනීමයි. එය එසේ වීම සමාජයට හෝ ජනාධිපතිවරයාට හානියක් යැයි ප‍්‍රකාශ කිරීම සත්‍ය නොවේ. එසේ වීමෙන් වාසිය අත්වන්නේ සියල්ලටමය. ප‍්‍රවෘත්තිය නිවැරදි වුවද වැරදි වුවද පසුගියදා හිටපු හමුදාපති විපක්‍ෂයේ පොදු අපේක්‍ෂයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වීමට නියමිත බව සඳහන් වී තිබිණ. සැබැවින්ම පෙළ ගැසෙමින් පවතින සමාජ රැල්ල යම් මට්ටමකට ගෙන එය ප‍්‍රකෘති මාර්ගයක ස්ථානගත කිරීමට නම් එවැනි වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වන්නේය. එනම් ඡුන්ද බලය තීරණය කරන සාධකය පවතින කේන්ද්‍රය නිවැරදිව භාවිතා කිරීමේ හැකියාව සහ නොහැකියාව මත රටේ අනාගතය සේම විපක්‍ෂයේ අනාගතයද තීරණය වේ. අතහැර දමනු ලැබූ පාලන තන්ත‍්‍රයක් වෙනුවට නිදහස ගරු කරන සේම සියලූ දෙනාටම සම අයිතිය පිළිගන්නා සමාජීය වටපිටාවක් නිර්මාණය වන්නේ එවිටය. එසේ නොවුණහොත් කොටි සංවිධානය අතුගා දැමීම නමැති ජයග‍්‍රහණයේ නිහඬ ගොදුරක් බවට සමස්ත රටම තල්ලූ විය හැකිය. එය ගිනිදැල්ලක් වටා එක්රොක් වෙන මෙරුවන්ගේ තත්ත්වය හා සැලකීමේදී කිසිදු වෙනසක් නැත.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger