Home » » මේ ගල් ගැසීම නවතනු!

මේ ගල් ගැසීම නවතනු!

Written By Sri Lanka Guardian on Friday, September 25, 2009 | 11:48 PM

එස් සිවනායගම්
-1982 මාර්තු 06

(September 25, Colombo, Sri Lanka Guardian) දේශපේ‍්‍රමය තක්කඩියාගේ අන්තිම රැුකවරණයැයි ආචාර්ය සැමුවෙල් ජොන්සන් වරක් කීය. යාපනයේ දැන් පවත්නා අවුල් සහගත ප‍්‍රවණතාවකින් ඇඟැවෙන්නේ හින්දු ධර්මය ඇතැම් හොර අලින්ගේ අන්තිම සරණ විය හැකි බවයි.

හින්දු ධර්මය ලොව පැරැුණිම ආගම් වලින් එකකි. බොහෝ විට එය ලොව පැරැුණිම ඇදැහිල්ල වන්නට ඉඩ තිබේ. මුලධර්ම අතින් එය සාරගර්භ වන අතර, ආකල්ප අතින් සියල්ල එක් කොට ගන්නකි. මේ ආගම තුළ සෑම ආගමකටම පාහේ ඉඩකඩ තිබේ. නැත, එය ඒ සැම වැළැඳ ගනී- යැයි මැක්ස් මුලර් කීයේය.

හින්දු ධර්මය මහා පරිනාමික ක‍්‍රියා ද්‍රමයක් විනා පටු ඇදැහිල්ලක් නොවේ යයි ගාන්ධි කීය. ඉන්දියාවේදී් එය සියවස් ගණනක මෝගල් ප‍්‍රහාර හා බි‍්‍රතාන්‍ය පාලනයට ඔරොත්තු දී සිටි අතර, ලංකාවේදී පෘතුගීසී මර්දනය මෙන්ම ලන්දේසි හා ඉංග‍්‍රීසි පාලනය හමුවේ බිඳ වැටුනේ ද නැත. ආක‍්‍රමණශීලී හා කඨෝර ශ‍්‍රී ලාංකික පන්නයේ බුද්ධාගම හමුෙවි එය ඇදවැටෙනා සෙයක් දක්වාද නැත. එය කිසිදු ආදි කර්තෘ වරයකු නැති සුවිශේෂ ආගමකි. ඉතින් තමන් හින්දු ධර්මය ගලවා ගැනීමේ ජගතා වෙතැයි යාපනයේ කිසියම් කාඩයකු සිතතොත්, ඔහු එක්කෝ බුදුන් වහන්සේ, විවේකානන්දා හෝ සංකරාචාර්ය හෝ සුලූ කොට තකන්නෙකි. එසේත් නැති නම් තමන් පිළිබදව පමණට වැඩියෙන් සිතන්නෙකි.

ඒ දෙකම නොවේ නම් ඔහුගේ ඒකායන අභිප‍්‍රාය වනු ඇත්තේ එකක් පමණෙකි. ඒ, ජනතාව හමුවේ දේශපාලනයට කල එලි බැස පොදු මහජනයාගේ පිළිගැනුමට ලක් වීම පහසු කර වන වේදිකාවක් තනා ගැනීමයි.

විසි හය වසරකට ඉහතදී එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක සිංහල හා බෞද්ධ යන අශ්ව ජෝඩුව පිටේ නැග යද්දී තමන් රවටා ගත්තේ සමාජ විප්ලවයකට මග පාදන බව විශ්වාස කරමිනි. ඔහුට කළ හැකි වූයේ නිමක් නොදක්නා අවිනීත, ජාතිවාදී හා ආගමික නොරිස්සීම් මාලාවක් ඉතිරි කර යාම පමණි.

සාමාන්‍ය මිනිසුනට හිරු මඩල යට යහපත් ස්ථානයක් අත් කර දෙන බවට මිත්‍යාවක් පතුරා ලීම මගින් ඔහු විසින් කරන ලද්දේ ඒ මිනිසාගේ සැඟ වී තිබුනු දුර්දාන්තම ගති සොබා ගොඩ ලා ඔහුගේ තත්ත්වය මැර කල්ලියක කොටස් කාරයකු වන තැනට පිරිහෙලීමයි. රටේ අගමැති ධූරයට පත්වීමෙන් බණ්ඩාරනායක මහතා ස්වකීය මනෝරථය පුරණය කරගත් නමුත්, බලය ගැනීම සදහා පිළිපන් කෙටි මගින් උපන් අපල දුරු කර ගැනීමට දේශයට තවමත් හැකී වී නැත. සත්තකින්ම කියතොත්, සාමාජීය හා ජාතික දේහයට කරන ලද හානිය කෙතරම් විනාශකාරී වීද යත්, ජාතික නැඹුරුවක් යළි බිහි කර ලීම අද ඉතා අසීරු කාරියක් බවට පත් වී් ඇත.

සිංහල-දෙමළ බේදය සෑහෙන නපුරකි. සුළුතරයක් තුළ වෙසෙන සුළුතරයකට අනාරක්ෂිත බව කැදවීම අරමුණ කොටගත් කිසියම්ම හෝ වැඩ පිළිවෙලකට නායකත්වය දීම මාරාන්තිකය. කඩදාසි වලට පමණක් සීමා වූ හින්දු සංවිධාන කඩදාසි කොටින් සේ රඟ පාන්නට වීරිය නොකළ යුතුය. කෝනේස්වරම් කෝවිලට යන මාර්ගයේ, කෝවිල් බිම අසබඩම, කොහේවත් නැති බෞද්ධ පන්සලක් මතු වූ විට මේ කඩදාසි කොටි සිටියේ කොහිද? හින්දු කෝවිල් ගණනාවකට පහරදී, කෙලෙසන ගිනි තබනු ලැබුයේ වසර හතරක් තරම් මෑතකදී 1977 දී ය.

සන්නද්ධ හමුදා සාමාජිකයන් යාපනයේම පිහිටි නාච්චිමාර් කෝවිලට පහර දුන්නේ ඉකුත් වසරේ ය. මේ හින්දු ධර්මයේ අඟුටු මිටි ආරක්ෂකයන් එවිට සිටියේ කොහි ද? උන් එක කෙඳිරිල්ලක් හෝ නැඟුවා ද? එකදු විරෝධයක් පෑවා ද?

මේ රටේ දෙමළ පුර වැසියන්ගේ මූලික පුද්ගල අයීතීන් රැුක දීම සදහා එකදු හින්දු සංවිධානයක් මේ තාක් අංශු මාත‍්‍ර හෝ දායකත්වයක් දරා නැති බව සියල්ලෝම දැනගනිත්වා. මානව හිමිකම් සඳහා වන අරගලයේ පෙරමුණේ සිටියේ ක‍්‍රිස්තියානි සංවිධාන බව ඔවුනට ගෞරව පිණිස සදහන් කළ යුතුය. වන්දනා මාන කරන්නවුන් ආත්මාර්ථකාමීන් වු කල්හි දේවාල වලින් ඇති පලය කුමක්ද?

මීයන්ට ගල් ගසන කල මල් බඳුන ගැන කල්පනාවෙන් යැයි චීන කියමනක් තිබේ. ආගම් විරුවන් ලෙස තමන් ගැන හිතනවුන් අත ඇති ගල් කැට බිම ලූවෙත් මැනැවි. මේ ගල් ගැසීම මෝඩ ක‍්‍රියාවක් පමණක් නොවේ. මේ ගල් ගැසීමේ කිසිදු දේශපාලන අනාගතයක් නැත.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger