(October 25, Colombo, Sri Lanka Guardian) ලංවිම සේවකයින්ට වසර 3 කට වරක් දෙනු ලබන වැටුප් වැඩිවීම මෙතෙක් ලබා නොදීමට එරෙහිව ඔක්. 28 දින උද්ඝෝෂණයක් පවත්වා ඉන් අනතුරුව දින 3 ක වැඩවර්ජනයකට යෑමට ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය තීරණය කර ඇත.
නොවැ. 01 දා විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේ සියළු විදුලි සේවකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත සමුළුවකදී මෙම දින තුනේ වැඩවර්ජනයක් සඳහා දින නියම කර ගන්නා බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් පැවසීය. -Sri Lanka Guardian
Home »
» විදුලි සේවකයෝ දින 3 ක වර්ජනයකට සැරසෙති.
Post a Comment