(October 23, Colombo, Sri Lanka Guardian) ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු නාවල කිරිමණ්ඩල මාවතේ අක්කර 4 1/2 ක ඉඩම පෞද්ගලික රෝහලක් ඉදි කිරීම සඳහා දයා වෙත්තසිංහ නමැති කෝටිපති ව්‍යාපාරිකයකුට විකුණන්නට යන බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා සේවක සංගමය පවසන අතර මෙම ඉඩම විකිණීම අත්හිටුවන්නැයි සංගමය ජනාධිපතිවරයාගෙන් හා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටී.
සංස්ථාවේ ඉංජිනේරු ද්‍රව්‍ය පරීකෂණාගාරය, රෙඩිකෝ ආයතනය සහා මධ්‍යම ගබඩාව මෙම ඉඩම දැනට පවත්වාගෙන යන අතර එම ගොඩනැගිල්ල ඉවත් කොට මෙම විකිණීම සිදුකරන්නට යන බවට ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කරන එම සංගමයේ සභාපති ඩබ්ලිව්.ආර්.ඒ. පි්‍රයංකර මහතා, දයා වෙත්තසිංහ මහතා ජනාධිපතිවරයාගේ හිතවතකු බවත් ඔහුට මෙම ඉඩම විකිණීමට අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ආයතනයේ පාලනාධිකාරියට දැඩි බලපෑම් එල්ලවන බවත්, මෙම බලකිරීම් මත ආයතනයේ සාමාන්‍යාධිකාරීතුමිය හා සභාපතිවරයා ඉංජිනේරු වැඩබිම් සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකොට වෙනත් ස්ථානයක් ලබාදීමේ පොරොන්දුවක් මත ඉඩම නිදහස් කර දීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් සඳහන් කරයි. -Sri Lanka Guardian
Home »
» ජනාධිපතිගේ හිතවත් කෝටිපතියකුට රජයේ ඉඩමක් විකිණීමට යයි
Post a Comment