Home » » ශී්‍ර ලංකා සමිතියේ හොරිකඩ වැඩට ආණ්ඩුවෙන් වරදාන

ශී්‍ර ලංකා සමිතියේ හොරිකඩ වැඩට ආණ්ඩුවෙන් වරදාන

Written By Sri Lanka Guardian on Friday, October 30, 2009 | 1:59 AM

(October 30, Colombo, Sri Lanka Guardian) වැටුප් අරගලය පාවාදෙමින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින්ට විවිධ වරධාන හා වරප්‍රසාද ලබාදීම තුළින් මහින්ද රාජපක‍ෂ ආණ්ඩුව සේවක ගැටළු සඳහා මැදිහත් වන ආකාරය වඩා හොඳින් පැහැදිලි වූ බව ඛනිජ තෙල් සේවකයෝ පවසති.

තෙල් සංස්ථා සේවක ආරංචිමාර්ග සඳහන් කරන පරිදි සංස්ථා සේවකයින් දියත් කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති කි්‍රයාමාර්ගයෙන් පසු ශී්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා ජනාධිපති මන්දිරයට කැඳවා උසස්වීම ලබා දී ඇත.

වැඩිදුරටත් එම ආරංචිමාර්ග සඳහන් කරන පිරිදි ශී්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපතිවරයාට ලබාදී ඇති මෙම අධ්‍යක‍ෂ තනතුරත් සමඟ රුපියල් ලක‍ෂ 9 1/2ක හිඟ වැටුප් ද ලබාදීමට නියමිතය.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger