Home » » ලංවිම ඇමති - වෘත්තීය සමිති සාකච්ඡා බිඳවැටේ.

ලංවිම ඇමති - වෘත්තීය සමිති සාකච්ඡා බිඳවැටේ.

Written By Sri Lanka Guardian on Friday, October 30, 2009 | 2:02 AM

(October 30, Colombo, Sri Lanka Guardian) ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය, 2009 හිමි වැටුප් වර්ධක ඉල්ලා ඊයේ පැවැත්වූ උද්ඝෝෂණයෙන් අනතුරුව විදුලි බල ඇමතිවරයා සමග පැවැති සාකච්ඡා එකඟතාවයෙන් තොරව බිඳ වැටී ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා විදුලි බල ඇමති, නියෝජ්‍ය ඇමති සහ විදුලි බල මණ්ඩල සභාපතිවරයාද ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගී වී ඇති අතර සේවකයින් නියෝජනය කරමින් වෘත්තීය සමිති සන්ධානයට අයත් එහි නායකයින් සහභාගී වී ඇත. මෙම පිරිසට අමතරව ඇමතිවරයා කැඳවා තිබූ වෘත්තීය සමිති නායකයින් නොවන පිරිසක් සාකච්ඡාවට ඉඳගැනීම නිසා ඇති වූ අර්බුදකාරී තත්වය හමුවේ තුන්වරක් සාකච්ඡාවෙන් වෘත්තීය සමිති නායකයින් ඉවත් වී ඇත. පසුව එම පිරිස සාකච්ඡාවට සහභාගී නොවීමේ එකඟතාවයෙන් සාකච්ඡාව ඉදිරියට පැවැත් වුනද අවසාන එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇත. මෙහිදී ඇමතිවරයා 2009 හිමි වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බවත් 2010 වැටුප් වැඩිවීමක් ලබාදෙන බවත් පවසා ඇත. වෘත්තීය සමිති නායකයින් 2009 ට හිමි හිඟ වැටුප් මෙහිදී ලබාදෙන්නේ දැයි ප්‍රශ්න කර ඇති අතර, එසේ ලබාදිය නොහැකි බව ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

මෙවර අයවැයක් ඉදිරිපත් නොකරන නිසා 2010 දී වැටුප් වැඩිවීමක් ලබාදිය හැකි බවට දිය හැකි සහතිකය කුමක් දැයි මෙහිදී නැවත ප්‍රශ්න කර ඇති අතර එවැනි කිසිදු සහතිකයක් ලබාදිය නොහැකි බව ඇමතිවරයා පවසා ඇත. මේ සමග වෘ.ත්තීය සමිති නායකයින් සාකච්ඡාවෙන් ඉවත් වී ඇත. මේ පිළිබඳව අප කළ විමසීමකදී ලංවීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සහෝදරයා පැවසුවේ නොවැම්බර් 01 වෙනිදා විහාර මහාදේවී උද ්‍යානයේ පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති සංන්ධාන සමුළුවේ දී වැඩවර්ජන කි්‍රයාමාර්ගය ස්ථීර කරන බවත් ආණ්ඩුවට එතෙක් මෙම සාධාරණ අරගලයට විසඳුමක් ලබාදීමට කාලය ලබාදිය හැකි බවත් පැවසීය.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger