Home » » ආණ්ඩුවේ බදු මාපියාව රාජ්‍ය සේවක සොච්චම් වැටුපටත් විදී

ආණ්ඩුවේ බදු මාපියාව රාජ්‍ය සේවක සොච්චම් වැටුපටත් විදී

Written By Sri Lanka Guardian on Tuesday, October 20, 2009 | 11:40 PM

(October 20, Colombo, Sri Lanka Guardian) උපයන විට බදු අයකිරීම් යටතේ මාසික වැටුප රු. 25,000/} ඉක්ම වු සියලූම රාජ්‍ය සේවකයින්ගෙන් බදු අය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්, මේවන විටත්, ආයතනික මට්ටමින් එලෙස වැටුප් ලබා ගන්නා අයගේ නාම ලේඛන සකස් කරමින් සිටින බවත්, සමස්ත ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමන්ත කෝරලේආරචිචි පැවසීය.

ආණ්ඩුවේම නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන අන්දමට පස් දෙනෙකුගෙන් යුතු පවුලක මාසික වියදම රු. 36,000/} ඉක්මවා තිබියදී මාසික වැටුප රු. 25,000/} සිට රාජ්‍ය සේවකයින්ගෙන් මෙලෙස බදු අය කිරීම ආණ්ඩුවේ බදු මාපියාවේ තරම පෙන්වනවා. මෙම බදු ප්‍රතිපත්තිය අනුව සියලූ දීමනා සහ අතිකාල සහිතව රු. 35,000/} සිට රු. 36,000/} දක්වා උපයන රාජ්‍ය සේවකයෙකුට දල වශයෙන් රු. 1750/} සිට රු. 2015/} දක්වා බදු මුදලක් ගෙවීමට සිදු වෙනවා. තමන් උපයන ප්‍රමාණයෙන් 5% සිට 15 % දක්වා මෙලෙස බදු ගෙවීමට සිදු වී තිඛෙනවා. මීට පෙර මෙම බදු අය කිරීම සඳහා වැටුපෙන් 50% ක් සැලකිල්ලට ගත්තත්, මෙවර මුළු වැටුපෙන්ම බදු අය කිරීමට ආණ්ඩුව තීරණය කරල තියෙනවා. මේ නිසා රාජ්‍ය සේවයේ නියුතු සැලකිය යුතු සේවක ප්‍රතිශතයකට මෙම බද්ධට යටත්වීට සිදුවෙනවා. මෑතකදී කරලා තියෙන සමීක්ෂණයකට අනුව ශී්‍ර ලාංකිකයින් තම ආදායමින් 50% ට වඩා වැය කරන්නේ ආහාර සඳහා බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණා. ඇත්තමට අපේ රටේ වැඩ කරන ජනතාව පිළිබඳව සැලකීමේ දී මෙම අගය 75% ඉක්මවනවා. අප මිලදී ගන්නා සෑම භාණ්ඩයකින්ම එහි මිලෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දැනටමත් ආණ්ඩුවේ බදු අඩංගු කර තිඛෙනවා. එවැනි තත්වයක් තුල ආණ්ඩුවේ නව බදු වැඩ පිළිවෙල යටතේ වැටුපෙනුත් එම වැටුපෙන් එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදීත්, බදු ගෙවීමට සිදු වී තිඛෙනවා. මෙය හරියට වැඩ කරන ජනතාව දෙවරක් හම ගහනවා වගේ. ආණ්ඩුවේ මෙම බදු මාපියාට එරෙහිව වැඩ කරන ජනතාව පෙළගැසිය යුතු කාලය එළැඹී තිඛෙන බව මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් සමන්ත කෝරලේආරචිචි පැවසීය.
your other text here
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger