Home » » දුම්රියේ රුපියල් කෝටි 14 ක තවත් ශුද්ධයක්

දුම්රියේ රුපියල් කෝටි 14 ක තවත් ශුද්ධයක්

Written By Sri Lanka Guardian on Tuesday, October 20, 2009 | 2:01 PM

(October 20, Colombo, Sri Lanka Guardian) උතුරු මිතුරු දුම්රිය මාර්ගය සෑදීමට මුදල් නොමැති බව කියමින් රජය හා පුද්ගලික ආයතනවලින් මුදල් පරිත්‍යාග ඉල්ලා සිටින ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන මහා පරිමාන මුදල් වංචා නොපෙනෙන්නේ කුමන වාසිදායක හේතුවක් නිසා දැයි දුම්රිය සේවක අයිතීන් හා දේපල සුරැුකීමේ සංවිධානයේ කැඳවුම්කරු සුමතිපාල මානවඩු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රශ්න කර සිටී. දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි කියන රුපියල් කෝටි 14 ක අළුත්ම මුල්‍ය වංචාව පිළිබඳ කරුණු හෙලිදරව් කරමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව මෙම මුල්‍ය වංචාව සිදු වී ඇත්තේ එස් - 08 සහ එස් - 09 දරණ බලවේග කට්ටල් සඳහා අළුත්ම තත්වයේ එංජින් දෙකක් මිලදී ගැනීමේදීය. මේ සඳහා පිළිවෙලින් යුරෝ 358,025 සහ යුරෝ 390,875 ක් වැය කර සිංගප්පූරුවෙන් ගෙන්වා ඇති අතර, ඒවා යොදාගෙන කරනු ලැබූ පරික්ෂණ චාරිකා වාර්තාවෙන් හෙලිදරව් වී ඇත්තේ එම දුම්රිය එංජින් අළුත්ම ඒවා නොව මීට කලින් පරිහරණය කරන ලද ඒවා බවයි. එම නිසා රුපියල් කෝටි 14 ක පමණ වටිනාකමින් යුතු මෙම ගනුදෙනුව පිළිබඳව බරපතල සැකයක් මතු වී ඇත. මීට පෙරද අළුත්ම ඒවා බව හගවමින් ලක්ෂ 320 ක් වැය කර ගෙන්වන ලද පරණ ට‍්‍රක්ෂන් මෝටර් ආමිචර් දුෂිත ගණුදෙනුව පිළිබඳව දුම්රිය සේවක අයිතීන් හා දේපල සුරැුකීමේ සංවිධානය පෙන්වා දී ඇතත් ඒ පිළිබඳව දුම්රිය ඇමති ඇතුලූ බලධාරින් නිහඩ ප‍්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. එබැවින් මෙම මුදල් වංචාව පිළිබඳවත් ඉක්මන් කි‍්‍රයාමාර්ගයක් නොගන්නේ නම් දුම්රිය සේවකයින් සහ දුම්රිය මගීන් සමඟ එක්ව ප‍්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ කිරීමට සිදුවන බවද වැඩිදුරටත් එම සංවිධානය අනතුරු අගවා සිටී.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger