Home » » මාලිගාව නොපෙන්වීම පිළිබඳ අභිරහස

මාලිගාව නොපෙන්වීම පිළිබඳ අභිරහස

Written By Sri Lanka Guardian on Friday, October 9, 2009 | 4:49 PM

(October 09, Colombo, Sri Lanka Guardian) දෙනියාය ඛෙවර්ලි වතුයායේ ඉදිකර ඇති රජයේ මාලිගාවට යන පාර පිළිබඳව සොයා බැලීමට ගිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මාධ්‍යවේදීන්ටත් ආණ්ඩුවේ මැරයන් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත්තේ මෙම අභිරහස පිළිබඳව මහජනතාවට කරුණු හෙළි වේවි යැයි බියෙනි. මීට කලින් එහි ඇතුළුවීමට ගිය ලංකා මාධ්‍යවේදීන් තිදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය.මේ මාලිගාව ගැන සොයන්නට යන මාධ්‍යවේදීන්ටත් දේශපාලනඥයින්ටත් ආණ්ඩුව මෙතරම් බිය මක් නිසාද?

ඒ මන්දල එසේ පෙන්වීමේදී ජනතාව තුල පහත දැක්වෙන සාධාරණ ප්‍රශ්න ගණනාවක් ඇතිවන හෙයින. අක්කර 700 ක් වූ ඛෙවර්ලි වත්ත ඉතා මෑත කාලයේදී මිලදී ගත්තකීග ඒ සඳහා මිලදී ගත් තැනැත්තාට මුදල් ලැබුණේ කෙසේද?

දැනට මතුපිටින් බැලූ විට රුපියල් මිලියන 700 ක් පමණ වටිනා යැයි අනුමාන කරන එම වත්ත අදාල ගැනුම් කරු මිලදී ගැනීමේදී තමාගේ වත්කම් ඒ වන විටත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ ද?

වත්තේ ඉදිකර ඇති සුවිශාල සුඛෝපභෝගී මන්දිරයට වැය කරන ලද මුදල කොපමණද? එකී මුදල ඉඩම් හිමියා සපයාගෙන තිඛෙන්නේ නීත්‍යානුකූල ඉපැයීම් තුළින්ද?

අදාල වත්තට තිඛෙන ප්‍රවිශ්ඨ මාර්ග පුද්ගලික පාරවල් වන්නේ නම් එකී පාරවල් ඉදිකිරීම සඳහා මග නැගුම ව්‍යාපෘතියේ මහජන මුදල් වැය කරන ලද්දේ කෙසේද?

එලෙස වැය කරන ලද මාර්ග ඉදිකිරීම සඳහා මග නැගුම ව්‍යාපෘතිය විසින් වැය කරන ලද මුදල කොපමණ ද? එය කාගේ අනුමැතියකින් වියදම් කරන ලද්දක් ද යන ප්‍රශ්න ස්වාභාවිකව මතුවේ.

මේ ආකාර වූ මහජන යහපතට අදාල වූ ප්‍රශ්න වලින් මග හැරීම සඳහා වර්තමාන ජනාධිපති ආණ්ඩුව බොහෝ උත්සාහයන් දරණ බව පෙනේග මීට කලින් ලංකා පුවත් පතේ වාර්තාකරුවන් අත් අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්‍රචාරයක යෙදුනු එජාප පාක්ෂිකයනට පහර දෙන ලද්දේ මෙකී කටුක සත්‍ය වසන් කර ගැනීමට බව පෙන.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger