Home » » ෂාන් විජයලාල් ගේ ජය ජනපතිගේ පරාජයක්

ෂාන් විජයලාල් ගේ ජය ජනපතිගේ පරාජයක්

Written By Sri Lanka Guardian on Friday, October 16, 2009 | 3:42 PM

(October 16, Colombo, Sri Lanka Guardian) සජින් වාස් ගුණවර්ධන මහතාට දකුණු පළාත් සභාවේ මහ ඇමැති ධුරය ලබා දීම ස`දහා ජනාධිපතිවරයා සිය පූර්ණ සහයෝගය ලබාදී තිබියදී ඔහු දිස්ත‍්‍රික්කයේ සිව්වෙනියා ලෙස පත්වීම ජනාධිපතිවරයා ලත් පරාජයක් ලෙස සැලැකේ.

මීට පෙර දකුණු පළාත් සභාවේ මහ ඇමැතිධූරය ඉසුලූ ෂාන් විජයලාල් මහතාට මෙවර මහ ඇමැතිධූරය නොදී ඒ ස`දහා සජින් වාස් ගුණවරධන මහ ඇමැති අපේක්‍ෂකයා ලෙසට නිල නොවන අන්දමින් පත්කර තිබිණි. ෂාන් විජයලාල් මහතා ඒ පිළිබ`දව දැඩි විරෝධතාවයක් පළ නොකලේ ඔහු තම ජයග‍්‍රහණය කෙරෙහි විශ්වාසයයෙන් සිටි බැවිනි.


අවසානයේදී ජනාධිපතිවරයාගේ අපේක්‍ෂකයා වන සජින් වාස් ගුණවර්ධන සිවිවෙනි ස්ථානයටත්ල ෂාන් විජයලාල් ද සිල්වා පළමුවන ස්ථානයටත් පත්විය.ජනාධිපති වරයාගේ තවත් එක් අපේක්‍ෂකයෙකු වු අනර්කලී අකාර්ෂාද බලාපොරොත්තු වූ ඡුන්ද සංඛ්‍යාවක් ලබා නොගත් අතරල ඇයට හිමිවුයේ දිස්ත‍්‍රික්කයේ 10 වෙනි ස්ථානයයි. අනර්කලී ගේ ජයග‍්‍රහණය උදෙසා කාන්තාවන් 5000 ක් පමණ රැුස්කරවා ජනාධිතිවරයා දේශනයක් පවත්වා ඇති අතරල දකුණු පළාත් සභාවේ ඡුන්දදායකයන් මේ කිසිදු බලපෑමක් තුට්ටුවකට හෝ මායිම් කර නැති බව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අපේක්‍ෂකයින් ලබා ගත් ඡුන්ද සංඛ්‍යාවෙන් හෙළි දරවි වේ.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger