Home » » ආණ්ඩුව සමනළුන් පිටුපස හැංගී ඩෙංගු මදුරුවන් සමග සෙල්ලමෙ

ආණ්ඩුව සමනළුන් පිටුපස හැංගී ඩෙංගු මදුරුවන් සමග සෙල්ලමෙ

Written By Sri Lanka Guardian on Monday, March 22, 2010 | 1:37 PM

බීටීඅයි බැක්ටීරියාව ගෙන්වීම ගැන නැවතත් කල්පනා කරන බවත් ඊට හේතුව ඒ නිසා සමනළුන්ට හානිවිය හැකි ද යන්න ගැන සැක පහළවීම යයි ද ආණ්ඩුව කියයි.

සල්ලි නැති නිසා ගෙනෙන්නට බැරි යයි පැවසීම ආර්ථික වර්ධනයක් ගැන පුරසාරම් කියන ආණ්ඩුවට ලජ්ජා නැති වැඩකි.

සමනළුන් ගැන කියා ෂේප් වෙන්නට පොටක් පාදා දී ඇත්තේ අමාත්‍යංශයේ ගැත්තන් ය.

එහෙත් සමනළුන්ගේ ජිවන චක‍්‍රය ගැන වත් උන් බිත්තර දාන තැන් ගැන වත් සෞඛ්‍ය පොරවල් දන්නේ නැත. බීටීඅයි බැක්ටීරියා මදුරුවන්ගේ බිත්තරවලට මිස සමනළුන්ගේ බිත්තරවලට හානිකරන්නේ නැති බව ද උන් දන්නේ නැත.

කියුබාවෙ දැන් සමනළුන් හොයා ගන්නට නැත් ද?

තවදුරටත් බොරුවෙන් රට ගෙනියන්නේ නැතිව අහිංසක ජීවත සමග සෙල්ලම් කරන්නේ නැතිව රටෙ සල්ලි සමග ජෝගි නටන්නේ නැතිව බීටීඅයි බැක්ටීරියාව ගෙන්වා ඩෙංගු උවදුරෙන් අහිංසක ජනතාව මුදවන ලෙස ආණ්ඩුවට කියමු
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger