Home » » මෙන්න තවත් අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්!

මෙන්න තවත් අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්!

Written By Sri Lanka Guardian on Monday, March 22, 2010 | 1:40 PM

අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ කරුවන් අලුත් වෙශයකින් වැඩට බැස තිබෙ. ඒ කුඩා දරුවන් උන්ගේ අම්මලා ලව්වා ගගට විසිකිරීමට සැළැස්වීමෙනි.

මෙ මගින් උන් උත්සහ කරන්නේ රටෙ අහේනියක් තියෙන බව මැතිවරණයට පෙර ඔප්පු කිරීමට ය. ඊට අමතරව බෞද්ධ රටක් ලෝකයා ඉදිරියේ අපකීර්තියට පත්කිරීමට ද උන්ට වුවමනා වී තිබෙ. මෙතරම් ගංගාවල් රටෙ තිබියදී කලුතර බෝධිය අසලම ඇති කලු ගග මෙ සඳහා තෝරාගෙන ඇත්තේ ඒ නිසා යයි විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබී ඇත.

මෙ කුමන්ත‍්‍රණ ගැන කතා කළ යුතු දේශපේ‍්‍රමීන් මැතිවරණ වැඩ වලට කොටුවී ඇති ඉස්පාසුව සැළකිල්ලට ගෙන මෙ කුමන්ත‍්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්වූ බටහිර තානාපති කාර්යාල කීපයක් විසින් බාර ගෙන ඇතැයි ද සැළවී තිබෙ. එතුමන්ගේ මැතිවරණ කටයුතු අප බාරගෙන එතුමන් මෙ කුමන්ත‍්‍රණවලට විරුද්ධව සටන් කිරීම සඳහා නිදහස් කළ යුතු යැයි ජනතාව මෙ දිනවල කතා බහ කරන බව ද වාර්ථා වී ඇත.

සමහර විද්‍යුත් මාධ්‍ය පවා උන් විසින් කුලියට ගෙන ඇතැයි ද ජනතාව අඩවමින් උන් මෙවා ඔනෑ නැති විදිහට ප‍්‍රචාරය කරන්නේ ඒ නිසා යයි ද හෙලි වෙමින් තිබෙ.

මින්පසු ගගට දරුවන් විසි කිරීමෙ සිද්ධි වාර්තා නොකිරීමට ස්වයං වාරණයක් දමා ගත යුතු බව ට දේශපේ‍්‍රමී මාධ්‍ය මෙ දිනවල සාකච්ඡා කරමින් සිටිති.

එක කාලයක් පෝලිමට දරුවන් සිය දිවි නසා ගත්තේත් මෙවැනිම කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙසින් බව ද මෙ අතර අනාවරණය වෙමින් ඇත.

අපේ රට ගිල ගන්නට බලා ඉන්නා උන්ට නම් මෙහෙම කරනවාට හොඳක් වෙන්නට එපා ය.

දෙයියෝ අප රකිත්වා!
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger