Home » » ඒ කෙසේ වෙතත් මගේ සැමියා කිසිදිනෙක ඔබෙන් සමාවක් නම් අයදින්නේ නැති බව මට සහතිකය.

ඒ කෙසේ වෙතත් මගේ සැමියා කිසිදිනෙක ඔබෙන් සමාවක් නම් අයදින්නේ නැති බව මට සහතිකය.

Written By Sri Lanka Guardian on Monday, March 22, 2010 | 3:49 PM

EXCLUSIVE
.....................

අනෝමා ෆොන්සේකා


ගරු ජනාධිපතිතුමනි,

සිංගප්පූරුවේ පළ කෙරෙන ‘‘ස්ටේ‍්‍රට්ස් ටයිම්ස්’’ පුවත්පත සමග ඔබතුමා කළ සාකච්ඡුාවක් ශ‍්‍රී ලංකාවේ පුවත්පත් වල ද පළ වී තිබෙනු මම දුටුවෙමි. එම සාකච්ඡුාවේදී , මගේ ආදරණීය සැමියා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ‘‘දේශපාලනය නුහුරු මෝඩයෙක්’’යැයි ඔබ කළ ප‍්‍රකාශය දැක මම බලවත් සංවේගයට හා කම්පාවට පත්වීමි. එසේ පවසා ඇත්තේ මීට මාස දහයකට පෙර ඔහු ලොව හොඳම හමුදාපති යැයි පැවසූ ඔබතුමා ම දැයි මට සැක සිතේ.

කොටි ත‍්‍රස්තවාදයෙන් අපේ මව්බිම මුදා ගැනීමෙන් පසු ඔබ සහ ඔබේ ආණ්ඩුව පුන පුනා පැවසුවේ මගේ සැමියා අපේ රටේ හමුදාවන්ට දුන් නායකත්වය හා ඔහුගේ ඥාණාන්විත යුධ සැලසුම් ගැන මුලූ රටටම ආඩම්බර විය හැකි බවයි. එදා යුද ජයග‍්‍රහණය සැමරීමට පැවති උත්සවයේ ජයග‍්‍රහණයේ කේක් ගෙඩිය කැපීමට සුදුසුම තැනැත්තා ජෙනරාල් ෆොන්සේකා යැයි ඔබ ප‍්‍රසිද්ධියේ පවසා ඒ අවස්ථාව ඔහුට ලබාදුන් බව සැමියා මා සම`ග පවසා ඇත. නමුත් ඒ සියල්ල යුද ජයග‍්‍රහණයේ උණුසුම මැකී යන්නටත් පෙර ඔබට අමතකවීම සංවේගජනක කාරණයකි.

මගේ සැමියා ඔබ පවසන පරිදි දේශපාලනය පිලිබ`ද අවබෝධයක් නැත්තෙකු නම් එවැන්නෙකුට බියවී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හිර ගත කර බොරු නඩු පටලවමින් සිටින්නේ මන්දැයි මට නම් තේරුම් ගත නොහැකිය.

අවුරුදු 30කට ආසන්න කාලයක් මේ රටත් මේ රටේ ජනතාවත් දුකෙන් දුකට පත් කළ බිහිසුනු යුද්ධය නිමාකර නිදහස දිනා දීමට නායකත්වය දුන් රණ ශූරයෙකුට ජාත්‍යන්තර පුවත්පත් හරහා මෝඩයෙකු යැයි අපහාස කිරීම රටේ ජනාධිපතිවරයෙකුට තරම් නොවේ යැයි මට හැෙ`ග්.

මගේ සැමියා සම`ග ඔහුගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගත්තේ ඔබට හා රජයට එරෙහිව රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් කළේ යැයි චෝදනා න`ගමින්ය. අද ඒ ආධාරකරුවන් සියළු දෙනාම වාගේ නිදහස් කර හැරීමෙන් පෙනී යන්නේ එම කුමන්ත‍්‍රණ චෝදනා පදනම් විරහිත ඒවා බවය. එහෙත් තවමත් මගේ සැමියා හිරකරගෙන සිටීමෙන් පෙනී යන්නේ ඔහු පසුගිය ජනාධිපතිවරණයේ ඡුන්ද මංකොල්ලය හෙළිදරව් කොට මේ මහ මැතිවරණයේදී ඔබේ ආණ්ඩුව පරාජය කරනු ඇතැයි බියපත්ව සිටින බව නොවේද?

‘‘ස්ටේ‍්‍රට්ස් ටයිම්’’ පුවත්පත සම`ග පැවති සාකච්ඡුාවේදී එම පුවත්පත ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඇති චෝදනා කුමක්දැයි විමසා සිටියත් එම චෝදනා පිළිගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමට ඔබතුමා සමත් වූයේ නැත.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකයන් ලෙස කටයුතු කරමින් අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට සැදැහැවතුන් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මහා ජන ඝාතන රැුසකට දායක වූ පූජනීය ශ‍්‍රී දළදා මාලිගාව ඇතුළු වටිනා ඓතිහාසික ස්ථාන බෝම්බ ගසා විනාශ කිරීමට සැළසුම් සකස් කළ කරුණා අම්මාන්, පිල්ලෙයාන්, දයා මාස්ටර්, ජෝජ් මාස්ටර් වැන්නන්ට පදවි තානාන්තර ලබා දී ඇත. කේ. පී. වැනි කොටි නායකයින්ට සියලූ පහසුකම් සලසා දෙමින් සිටී. ඒ අතරම ඔබතුමා කොටි සංවිධානය සමග යුද වැදී, මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ගොදුරු වී, සිය බඩවැල් දෝතට ගෙන යළි නැගී සිට, සුවපත් වී යළි යුද පිටියට ගොස් ත‍්‍රස්තවාදය පරාජය කළ මගේ සැමියාට සමාව දෙන්නේ නැතැයි ප‍්‍රකාශ කිරීම ගැන ද මම පුදුමයට පත් නොවෙමි.

හමුදාවෙන් දෙසීයක් පමණ පැමිණ මගේ සැමියා කුදලාගෙන ගෙන ගිය මොහොතේ පටන් සුළං පොදක්වත් නොඑන ලෙස ලෑලි ගැසූ කාමරයක සිර කරගෙන ඔහුට දෙන වද වේදනාත් ඔබගේ හෘද සාක්ෂියට වද දෙන කරුණක් වෙනවා නොඅනුමානයි. රට වෙනුවෙන් මෙතරම් සේවයක් කළ අයකුට මේ ආකාරයේ ඉරණමක් අත්වීම පිළිබඳ උදාහරණයක් මම ලොව අන් කිසිදු රටකින් අසා නැත. රට වෙනුවෙන් කැපකිරීම් හා පරිත්‍යාගයන් සිදු කරන අයකුට මෙවැනි හිරිහැරවලට බඳුන්වීමට සිදු වන තත්වයක් යටතේ අනාගතයේදීවත් රට වෙනුවෙන් ඉදිරියට ඒමට කිසිවකු හෝ ඉදිරි පත් වේ දැයි සැක සහිතය. මේ සිදුවී ඇති දේ මගේ සැමියාට සිදු වූ පෞද්ගලික හිරිහැරයක් නොව මුළු රටටම සිදු වූ දැවැන්ත හානියක් වන්නේ ඒ නිසාය.

මෙවර සිංහල හින්දු අලූත් අවුරුද්ද එක්සේසත් ශ‍්‍රී ලංකාවක් තුළ සමරන්නට අවස්ථාව උදා කරන බවට මගේ සැමියා ජනතාවට පොරොන්දු විය. ඔහු ඒ පොරොන්දුව අකුරටම ඉටු කළේය. රටේ ජනතාවට මෙන්ම ඔබේ පවුලේ අයටත් මගේ සැමියා ඇතුළු රණවිරුවන් නිසා මෙවර අලූත් අවුරුද්ද සැමරීමට හැකි වී තිබේ. එහෙත් අපේ පවුලට වසර 30කට පෙර මෙන්ම මෙදාත් පවුලේ සැමට එකට එක් වී අවුරුදු සැමරීමට ඇති අවස්ථාව ඔබතුමාගේ මැදිහත්වීම මත අහිමි කර ඇත.

ගරු ජනාධිපතිතුමනි, ඔබ ‘‘ස්ටේ‍්‍රට්ස් ටයිම්ස්’’ පුවත්පතට තව දුරටත් ප‍්‍රකාශ කර තිබූ ආකාරයට ෆොන්සේකාට වේලාසනින් සමාවක් දීමට ඉඩක් නැති බවයි. මහජන ඡුන්දයෙන් තේරී පත්වූ රටේ විධායක ජනාධිපති වරයා ලෙස සිටින ඔබ ස්වාධීන අධිකරණයක් පවතින බව පැවසෙන රටක නඩු තීන්දුවක් දීමට පෙර නඩුවේ විත්තිකරුට සමාවක් දීමට ඉඩක් නැතැයි පැවසීමෙන් මගේ සැමියාට විරුද්ධව නඩුවේ තීන්දුව ඔබ විසින් දැනටමත් ලියා ඇති බව ගම්‍ය වේ. ඒ කෙසේ වෙතත් මගේ සැමියා කිසිදිනෙක ඔබෙන් සමාවක් නම් අයදින්නේ නැති බව මට සහතිකය. මක්නිසාද ඔහු කිසිදිනෙක දඬුවම් ලැබිය හැකි වරදක් කර නැති නිසාය.
Share this article :

+ comments + 1 comments

March 23, 2010 at 11:40 AM

There is nothing wrong on what he said. Mrs. Anoma is clearly trying to use that to increase her vote base over poor uneducated in Sri Lanka. SF is the best general in the world and there is no doubt about it. But SF is a fool to enter to politics on the grounds of hate and personal feelings. He just entered to politics becos MR didn't treat him well. I'm not going to say the way MR treat him is right but all I say is SF is a big fat fool to enter politics over his own gains, revenge and personal feelings.

And yesterday Mrs. Anoma forgot she is the only person who can visit SF and take food to him and SF does not eat the food provided to him by Navy. She just went to Monaragala for a political meeting. Poor SF, he left without any food for a day. He seems loosing everyone. Mrs. Anoma please dont do it he is still your husband and a man respected by many thousands of Sri Lankas. Do your bit as a wife.

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger