Home » » තුන්මුල්ල හංදිය පසුබිම් කරගෙන සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද?

තුන්මුල්ල හංදිය පසුබිම් කරගෙන සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද?

Written By Sri Lanka Guardian on Saturday, July 10, 2010 | 5:59 PM

සිදුවෙමින් තිබෙන්නේ කවටයා වීරයෙකු බවට පත්වෙමින් තිබීම ය. ඔහු වීරයෙකු ලෙස මැරෙද නැත්නම් කවටයෙකු ලෙස ජීවත්වෙයි ද යන්න ඉදිරි දිනවලදී තීරණය වනු ඇත.

ඒ විස්තර කළේ විමල් විරවංශගේ භූමිකාව ය.

විමල් වීරවංශ ඉල්ලා අස්වෙමින් තමන් වීරයෙකුවන විට රජතුමා එය බාර නොගනිමින් තමන් වීරයෙකු වෙයි.

ඒ දෙකම නාට්‍යයේ කෑලි ය. පිටපත් රචකයා විසින් දෙන ලදුව එහෙත් වෙන් වෙන්ව රගපාන ලද නාට්‍යයේ කෑලි ය. නාට්‍යයට නිරන්තරයෙන් අලුත් වන ජවනිකා අවශ්‍ය ය. නැත්නම් පේ‍්‍රක්ෂකයෝ නැගිට යති.

ඊට සමාන්තරව තවත් දෙයක් සිදුවෙමින් තිබෙ. මෙතෙක් කල් වැරදි පිලේ සිටියේ වුවද කට පරිස්සම් කරගනිමින් සිය වංක ආත්මය තුළ තවමත් සුරැකි මොළයක් තිබෙ යයි අපට පෙන්වූ ජි ඇල් ඒ මොළය ද උගස් කර ඇතැයි ප‍්‍රසිද්ධියේ දක්වා සිටිම ය. නාට්‍ය නැගලා යන වෙලාවලට සහය නලුවන් ද උද්දීපනය වෙමින් අමතර රංගනයක යෙදෙමින් පේ‍්‍රක්ෂක අත්පොලසන් සොයන එක සාමාන්‍ය දෙයකි.

හෙට අනිද්දා වනවිට අමතර නලුවන් සිය සරම් පවා උස්සාගෙන වෙදිකාවට ගොඩ වෙන්නට පුලුවන. තවමත් අවිනිශ්චිතතාවය රජයන නිසා අත්පොලසන් නැගේ ද හූවක් නැගේ ද යන්න බොහෝ දෙනෙකුට ෂුවර් නැත. සමහරු බල බල ඉන්නේ ඒ නිසා ය.

මෙ නලුවන් රගපාමින් අප ඉදිරියේ පෙන්වා සිටින්නේ ප‍්‍රහසනයකි. නාඩගමකි.

නලුවන් පෙනෙතත් තිර නාටකය කාගේ දැයි යන්න හරිහැටි එලියට පැමිණ නැත. නිශ්පාදනය හා අධ්‍යක්ෂණය නම් රාජපක්ෂ සමාගමෙ බව අපට හිතා ගත හැකි ය.

ඒ නාට්‍ය කට ඇර ගෙන බලාසිටීමෙන් වත් පේ‍්‍රක්ෂකයින් නැතිව හෝ රග දැක්වීමෙන්වත් රටෙ ප‍්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැත.

ඒ නිසාම මෙ නාටකය ඉක්මණින් අවසන් වීම රටට වැඩ දායක ය. එක් අතකින් අවිනිශ්චිතතාවය නැවතත් අත වනන්නේ ආයෝජකයින් මෙන්ම සංචාරකයින්ගේ පැමිණීම ද අඩාල කිරීම සඳහා ය.

එය දැනටමත් කණකොකා අඩා ඇති ආර්ථිකයට හිතකර නැත. ආර්ථිකය කඩා වැටීමෙ බර අවසානයේ ගෙවනු ඇත්තේ බදු බරින් මිරිකෙන ජනතාව ය. කොහොමටත් වතුර බහින්නේ මිටි තැනින් බැවිනි.

ලංකාවෙ මිනිසුන්ට දාන ගොන්පාට්වලින් විදේශ රටවල් පාලනය කළ නොහැකි යයි කට්ටිය තේරුම් ගන්නා විට කෝච්චිය ගිහින් තියෙන්නට ද පුලුවන.

ඉක්මණින් බුද්ධිය පහළ වෙවායි අපි පතමු.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger