Home » » ප්‍රභාකරන් පවුලයි රාජපක්ෂ පවුලයි

ප්‍රභාකරන් පවුලයි රාජපක්ෂ පවුලයි

Written By Sri Lanka Guardian on Saturday, July 10, 2010 | 6:11 PM

පුලස්ති

ඒ පවුලෙ නායකයටත් තේජස් උඩු රැවුලක් තියනව.මේ පවුලෙ නායකයටත් තේජස් උඩු රැවුලක් තියනව.ඒ පවුලෙ නායකයත් ලෝකෙට ගිහින් කතා කලේ තමුන්නෙ මවු බාසාව මිස ඉංගිරිසිය නෙමෙයි.මේ පවුලෙ නායකයත් ලෝකෙට ගිහින් කතාකොලේ තමුන්නෙ මවුබාසාව මිස ඉංගිරිසිය නෙමෙයි.

ඒ පවුලෙ නායකය කිව්වෙ තමුන් තමුන්නෙ නිජබිමේ ගැලවුම්කාරයා කියල.මේ පවුලෙ නායකයත් කිව්වෙ තමුන්ගෙ නිජබිමට නිදහස ගේන්න තමා කැපවෙලා ඉන්නව කියල.

කොහොමහරි පවුල් දෙකේම නායකයො එන්ගේජ් වෙලා හිටියෙ එක වගේ බෙල්ල ගහල යන ගේමක.දෙපලගෙම හැම දේම රැදිල තිබ්බෙ යුද්ධය කියන ගේම් එක උඩ.

දකුනේ ලොකු තැනගෙ දේසපාලනේ එල්ලිල තිබ්බ නූල තමයි රට ජාතිය වෙනුවෙන් කොරපු යුද්දෙ.
බඩුවල ගාන වැඩියි කිව්ව එව්වොන්ට දුන්න උත්තරේ යුද්දෙ.මාධ්‍ය නිදහස ගැන කිව්වම කිව්වෙ යුද්දෙ යනව රට ජාතිය වෙනුවෙන් ඉවසපන් කියල.එහෙම ඉවසන්න බැහැ කිව්ව නාහෙට නාහන මාධ්‍යකාරයොන්ට බඩ පිරෙන්න බඩු ලැබුන.
පඩි වැඩිකරන්න කියන එව්වොන්ට දුන්න උත්තරේ - යුද්දෙ යනව ඉවර වෙලා ඕනෙ තරම් වැඩි කොරඤ්ඤං කියන එක.
හොරකං නවත්තන්න කියන එව්වොන්ට දුන්න උත්තරේ - රට ‍බේරගන්න යුද්දයක් යන අස්සෙ ඔව්ව බලන්න ඇහැකිද පස්සෙ බලන්නං කියන එක.

මහ තැන ඇල්ලුවෙ ලොකු සූදුවක්.එක කාඩ් එකක් ගැස්සුනොත් පොලිටිකල් කැරියර් එකම විනාසයි.

උතුරෙ මහ තැන කලෙත් ජාතිය වෙනුවෙන් යුද්දෙ.උන්නැහෙගෙ බලයත් එහෙම්පිටින් බේස් වෙලා තිවුනෙ කොච්චර හොදට ගේම දෙනවද කියන එක උඩ.රස්සා නැති කොල්ලොන්ට තිබුන උත්තරේ ඊලම ලැබුනම සේරම විසදෙයි කියන එක.නස්තාර් වෙලා හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට හම්බවුන උත්තරේ ජාතිය වෙනුවෙන් යුද්ධ කරපන් ඊලම හම්බුනාම වැඩේ ගොඩ කියන එක.

යාපන විස්ස විද්දියාලෙ ආචාර්යලා කොටි මානව හිමිකම් කඩනව කිව්වම කිව්වෙ යුද්දෙ යනව ජාතිය වෙනුවෙන් ඒක ඉවසපන් කියල.විරුද්ද අදහසක් කියපු දෙමල දේසපාලකයො සමූලඝාතනේ කොරද්දි කිව්වෙ ජාතිය වෙනුවෙන් මේක නොකර බැහැ කියල.

දකුනෙ බස්වලට බෝම්බ ඇටවුනේ ජාතිය වෙනුවෙන්.

උතුරෙ ඔලුවලට අහසින් බෝම්බ වැටුනෙත් ජාතිය වෙනුවෙන්.

ඒ පවුලෙ මහ තැන පොඩි මිනිහට ඊලම කියන සුවර්ග රාජ්ජය පෙන්නල තමන්ගෙ දේසපාලන ගේම ගැහුව.
මේ පවුලෙ මහ තැන පොඩි මිනිහට ඒකීය රාජ්ජය කියන සුවර්ග රාජ්ජය පෙන්නල තමන්ගෙ දේසපාලන ගේම ගැහුව.

උතුරෙ මහ තැන මරල දැම්මට පස්සෙ උතුරෙ සාමාන්‍ය පංතියෙ කොල්ලො යුද්ද කරල මැරෙද්දි උතුරෙ මහතැන ගෙව්වෙ මාර ෆන් ලයිෆ් එකක් කියල පෙන්නන්න උන්නැහෙ හිටපු මාලිගාවල පොටෝ දකුනේ පත්තර වල දැම්ම.ස්විමිං පූල් වල වීඩියෝ ටීවි වල ප්‍රදර්සනය කොලා.
උතුරෙ කොල්ලො කැලෑ වල මැරෙද්දි උතුරෙ මහ තැන මාලිගාවල හිටිය එක හැබෑව වගේම දකුනෙ කොල්ලො කැලෑ වල මැරෙද්දි දකුනෙ මහ තැන හිටියෙත් මාලිගාවක තමයි.උතුරෙ ලොක්කගෙ මාලිගාව ගැන පුරස්න කරන මාධ්‍ය බුවාල ආසාවකට දකුනෙ මහ තැන යුද්දෙ කොරද්දි හිටියෙ කොහෙද ගත කොරපු ජීවිතේ සුඛෝපභෝගීද නැද්ද කියල අහන්න ඉස්සර වුනේ නැහැ.

දකුනෙ මහ තැන වගේම උතුරෙ ලොක්කත් පවුලෙ ලමයින්ට හරි ආදරෙයි.දෙන්නගෙම ලමයි ඉගෙන ගත්තෙ රට.දකුනෙ ලොකු පුතා එංගලන්තෙ ගිහින් ලෝ කොලා.අනිත් පුතා එංගලන්තෙ ගිහින් නාවික හමුදා සිල්පෙ ඉගෙන ගත්ත.
උතුරෙ ලොක්කගෙ පුතත් ඒ වගේ.ඒරොප්පෙ ගියා.පෙලහර පෑව.ඉංජිනේරු සිල්පෙ ඉගෙන ගත්ත.
වන්දිභට්ටයො ආයුබෝ වේවා කියල මෙහෙ ලොක්කට ප්‍රශස්ති ගීත හැදුව.
එහෙ වන්දිභට්ටයො හිරු දෙයියෝ කියල එහෙ ලොක්කට ප්‍රශස්ති ගිත හැදුව.

මාරාන්තික ජනමාන්තර හතුරො කියල බැලූ බැල්මට පෙනුනට ඒ ලොක්කයි මේ ලොක්කයි කොච්චර සමානද?පුලස්තිට හිතෙනව.

දෙන්නම දෙපැත්තට වෙලා දාං ඇද්ද.ජහමනයා ඉත්තො වෙලා කියන කියන විදිහට කොටුවෙන් කොටුවට පැන්න.
දෙන්නම තමුන් අදින්නෙ දාං දින්නොත් ගොඩයන්නෙ තමුන් කියල දැනං හිටිය.තමුන් ජාතිය වෙනුවෙන් කොටු පනිනව කියල ආඩම්බරෙන් හිතාගෙන ජහමනයාත් කොටුවෙන් කොටුවට පැනල බෙල්ල දුන්න.

ඒකෙන් මේකෙන් අන්තිමට උතුරෙ මහ තැන සෙල්ලමෙන් පැරදුනා.පැරදුන හින්ද දැන් කවුරු කවුරුත් උන්නැහෙට ද්‍රෝහියා කියනව.ත්‍රස්තවාදියා කියනව.මාලිගාවල හිටිය කියනව.මිනී මැරුව කියනව.උන්නැහෙගෙ උපන් ගෙදරත් සමතලා කරනව.ඒක උඩ සුපර මාකට් දානව.උන්නැහෙගෙ අවුරුදු දොලහේ පොඩි එකා මරපු එකත් මාර ෆන් කියනව.
පුලස්තිට තියන පුරස්නෙ සරලයි.

එහෙ උන්නැහෙ ද්‍රෝහියා වෙන්නත් මෙහෙ උන්නැහෙ විරයා වෙන්නත් හේතුව මොකක්ද?

එහෙ උන්නැහෙ විතරක් මිනීමරුව වෙන්නත් මෙහෙ උන්නැහෙ මිනී නොමරුව වෙන්නත් හේතුව මොකක්ද?
කොටින්ම කියනව නං එකම පෙතේ දෙපැත්තට වෙලා දාං ඇදපු මේ දෙන්නගෙ වෙනස මොකක්ද?
එක උන්නැහෙ කෙනෙක් සෙල්ලම දින්න එකයි අනිත් උන්නැහෙ සෙල්ලම පරාද උන එකයි හැරෙන්න පුලස්තිට නං මුන්නැහෙල දෙපලගෙ පේන එහෙමට වෙනසක් ඇත්තෙම නැහැ.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger