Home » » බුද්ධ බාර් හරහා – මත වෙනුවට විකල්ප ආතල් එකක්

බුද්ධ බාර් හරහා – මත වෙනුවට විකල්ප ආතල් එකක්

Written By Sri Lanka Guardian on Wednesday, July 21, 2010 | 6:36 PM

රටෙ බොහෝ ප‍්‍රශ්නයන් විසදා ඇති ආණ්ඩුව දැන් සැරසෙන්නේ ලෝක ප‍්‍රජාව මුහුණ දෙමින් ඉන්නා ප‍්‍රශ්නවලට විසදුම් සෙවිමට ය.

මෙ ව්‍යාපෘතිය යටතේ ලෝකයේ විවිධ රටවල පවත්වාගෙන යනු ලබන බුද්ධ බාර් පිළිබඳව තොරතුරු එක්රැස් කරන ලෙස තනාපති කාර්යාල දැනුවත් කර තිබෙ.

(තව පොඩ්ඩෙන් අමතක වෙනවා ය. ඒ නිර්මල බෞද්ධාගම රැකගැනීමෙ කොන්ත‍්‍රාත්තුව අරන් තිබෙන්නේ ශ‍්‍රී ලංකාවය යන කාරණය සමග මෙහි සම්බන්ධයක් තිබිය හැකි ය යන්න ය.)

ඇත්තටම සොයා බලන්නේ මෙ බාර්වල මත්පැන් බී නටන්නේ ද වග ය.

බුදු පිළිමයක් ඉදිරියේ තබා ගෙන මත්පැන් බොන එකත් නටන එකත් හොඳ ද යන ප‍්‍රශ්නය එසේ නටන අයගේ ප‍්‍රශ්නයක් මිස මගේ ප‍්‍රශ්නයක් නොවෙ. මට හිතුනේ එහෙම ය. ඒ වුනාට බොහෝ දෙනෙකුට එහෙම හිතන්න බැරි හේතු තියෙන්නට පුලුවන.

ඇත්තටම බුදු පිළිම ඉස්සරහ නොව බුදුන් ඉස්සරහ ද මාර දුවණියන් නැටූ බව බෞද්ධ චරිතයේ සඳහන් වී තිබෙ.

බුදුන් ඒවායින් කලබල වූයේ නැත. උන් එලවා දැමීමට ජනයා රැස්කළේ ද නැත. එයින් අකම්පිතව සිටි නිසාම මරගනන් හටම එපා වී උන් පල්ලම් බැස ගියෝය.

බුදුන්ට තිබූ ඒ ඉවසීම අපේ බුද්ධ පුත‍්‍රයන්ට නැත. ඒනිසා උන්ට මෙ සිද්ධියම රෙදි උස්සාගෙන දුවන්නට පනින්නට සෑහේ. ඇත්තටම අතිමහත් ආතල් එකක් ගත හැකි වැඩක් එසේ නොගෙන මග හරින්නේ කවුද?

රටෙ ජනතාවගේ අවධානය මෙවැනි නාඩගමකට බැඳ තැබීම ආණ්ඩුවට වාසි ය. මෙ කරමින් තිබෙන්නේ එයයි.

මෙ නාඩගම අවසන් වනු ඇත්තේ කෙසේ දැයි අපි නොදනිමු. හැබැයි තවත් මාරාන්තික උපවාසයකට නම් නිමිත්තක් ඇතැයි අපට පෙනේ. මෙ ලද අවස්ථාව භාවිතාවට ගන්නේ පැරණි හෙල උරුමයද එයින් බිඳිගිය අය ද නැත්නම් අලුත් හෙළ උරුමයක් ගොඩ නගන විමල් දැයි කියා පැහැදිලි නැත.

(වළ පයයි ගොඩපයයි තියාගෙන ජවුසං නැටීමට අපේ අගමැති තුමාටත් මෙයින් අනගි අවස්ථාවක් ලැබී තිබෙ. එක අතකට විදේශ අමාත්‍යංශය මෙ ගැන ක්‍රෙඩිට් එක ගන්න හැදුවාට මෙය බුද්ධ ශාසන අමාත්‍යංශයේ කටයුත්තකි. රත්නසිරි වික‍්‍රමනායකයන් කළ කී විදිහටම වැඩෙ අපුරුවට වත්මන් අගමැති අතිනුත් කෙරෙන්නේ ය. එතුමා කෑගහන සද්දය විතරක් වැඩි ය. ඒක එතුමාගේ ශරීර සෞඛ්‍යයට නම් හොඳ නැත.)

මොකවුනත් අපටත් හරි ආතල් ය. මතට තිත තියා ඇති නිසාම නොව මත කිට්ටු කරන්න බැරි තරමට එහි මිල දින පතා ඉහළ යන නිසා විකල්ප ආතල් එකක් තියෙන එක ඇත්තටම හොඳ ය.

ඔබටත් ඔනෑ නම් පොඩ්ඩක් විතර දා ගන්න ය. හැබැයි දාගත්තාට පසු බුදුපිළිම ඉස්සරහ ඩෙගා නටන්නේ නැතිව ඉන්නවා නම් හොඳ ය.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger