රහස් පොලීසියේ ස්ථානාධිපතිවරයෙකු මළ මිනියක් මහමුහුදේ සැගවීමට ගොස් අතේ කෝට් වෙලා දැන් දවස් කීපයකි. අප බලා සිටියේ මේ සම්බන්ධයෙන් රටේ ප්‍රතිචාරය කුමක් වේදැයි කියා ය. පොලිස්තුමා මෙය හෙලා දැක තිබුනේ ය. ඇත්තටම නිකම්ම ඉන‍්නේ නැතිව හෙලා දැකපු එකත් ලොකු දෙයකි.
ඊට උඩින් කවුරුවත් මේ ගැන යමක් කියා තිබුනු තැනක් අපට හසුවූයේ නැත.
එහෙත් දිවයින පුවත්‍පතේ මේ සම්බන්ධයෙන් පළවූ කතුවැකියක් තිබිණි. එයින් අනාවරණය කර තිබුනේ මිය ගොස් සිටියේ ඉන්දියන් අරක්කැමියෙකු බවත් එයින් පෙනී යන්නේ ඉන්දියන් කම්කරුවන් මේ රටේ හොර රහසේ වැඩ කරමින් ඉන්නා බවත් ය. විශේෂයෙන් ලංකාවේ මිනිහෙකුට කරන්නට තිබෙන ජොබ්වලටත් ඇවිත් උන් අපේ මිනිසුන් අනාථ කර ඇති බව ය.
(ඇත්තටම චීන කම්කරුවන් රජයේ ව්‍යපෘතිවලටම ආවාට කමක් නැත. එහෙත් ඉන්දියානුවන් පුංචි හෝටලයක වැඩ කිරීම රජ සවුත්තු ය.)
එක අතකට එහෙම එවුන්ට හොද පාඩමක් යැයි එය අනියමින් කියනවා වැනි ය. ඒ නැතත් මේ මරණය සම්බන්ධයෙන් සමාජයට ලැබෙන තැති ගැන්වෙන පාඩම ඒකම ද? ඊට එහා දෙයක් මෙහි නැත් ද?
මේ ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් හොද පුරුදු කාරයෙක් ද? මොහු මේ සිද්ධියට සම්බන්ධවන්නේ කෙසේද?
මෙතෙක් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකළ දෙය මුදලට කරන්නට ගියාවත් ද?
අතීතයේ අතුරුදහන් වූවන් නැවතුනේත් මහමුහුදේ ද?
රටේ නීතිය රකින්නට ඇති පොලීසිය මෙවන් දේ කිරීම ලොමු ඩැහැ ගන්වන්නේ නැත්ද?
මට නම් පෙනෙන විදිහට ඒ එකක්වත් අපේ රටේ මිනිසුන්ට ප්‍රශ්නයක් වී නැති ගාන ය. මේ සිද්ධිය හෙලා දැකීමෙන් හෝ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් මෙය අවසන් වෙයිද?
නිපුන රාමනායකට තඩි බෑ පොලීසියේ ලොක්කන් උසස්වීම් ලබා මාධ්‍ය සාකච්ඡා මෙහෙයවනවාක් මෙන් මේවාත් කාලයේ වැලි තලයේ අතුරුදහන් කරන ලද මිනිසුන් මෙන්ම වැළලී යා ද?
(සමාවෙන්න. රජතුමා මගේ උපන්දිනයට සුභ පතමින් මේ දැන් කෝල් එකක් එවා ඇත. බිරිද මේ දැන් ඒ බව මට දැන්වූවා විතරය. පස්සේ මුණ ගැහෙමු. අපි එහෙනම් ඕන් ගියා. බලාගෙන ගියහම එතුමා හොද ය! බායි!)
මෝහීණියටවත් රැවටිය නොහැකි මම දිවයින පාඨකයෙක්මි.
Home »
» රහස් පොලීසියේ රහස් වැඩ!
Post a Comment