Home » » ජෝකර් රජු වෙයි; රජු ජෝකර් වෙයි !

ජෝකර් රජු වෙයි; රජු ජෝකර් වෙයි !

Written By Sri Lanka Guardian on Wednesday, August 4, 2010 | 12:31 PM

නීතියක් නැති රටක ඉපදී මිහරකුන්ගෙන් එල්ලවන වදහිංසා මැද්දේ මැරි මැරී උපදින අදාල සමුර්දි නියාමකයා වැනි මිනිසුන්ට අපේ බලවත් කණගාටුව
__________________________________

ලාංකීය දේශපාලනයේ වත්මන් ජෝකර් ලෙස සැලකෙන අති ගරු ආචාර්යතුමා රටේ නිතිය ක්‍රියාත්මක කරවීම සදහා කැලේ නීතිය කරලියට ගෙන ඇත්තේ, තමා නීතියටත් වඩා ඉහල යයි පම්පෝරි ගසූ රජුද අබිබවා යමිනි। මෙය යම් ආකාරයක රාජ්‍ය උදහසට ලක් වියයුතු වරදක් උනත් එය වී ඇත්තේ රජ වාසල කවටයාගෙන් බැවින් රජු නිහඩ වනු ඇත. නමුත් මෙය අපට පෙනෙන්නේ ජෝකර් සහ රජු රගපෑ බුමිකා දෙකේ හුවමාරුවකි. ආචාර්ය මර්වින් සිල්වා නීතියටත් ඉහලින් සිටින රජු වී ඇති අතර, ආචාර්ය ( රුසියාවෙන් ලබා දුන්න ඩිප්ලෝමාවෙන් ආචාර්ය වූ ) පර්ෂි මහේන්ද්‍ර , ජෝකර් වෙස් ගෙන ඇත.

අදාල සමුර්දි නිලදාරියා ගස බැඳ ඇත්තේ ආචාර්ය තුමාගේ රැස්වීම වර්ජනය කල බව පවසමිනි। එසේම මර්වින් සිල්වා මාද්‍යට ලබා දුන් සම්මුක සාකච්චා වලින් පැහැදිලි වුයේ , ඇසටවත් පෙන්නේ නැති මදුරුවෙකුට රටේ වටිනා මිනිස් ජීවිත බිලිගැනීමට තව දුරටත් ඉඩ නොතබන බැවි. පුවත වාර්තා වූ අන්දමට මෙසේය; "සමෘද්ධි නිලධාරිවරයා ගස්‌ බැඳීමට නියෝග කිරීමට පෙර මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයා විසින් අදාළ ඩෙංගු මර්දන වැඩ පිළිවෙළට සහභාගි නොවීම පිළිබඳව කරුණු විමසන ලද අවස්‌ථාවේදී එම නිලධාරියා පැවසුවේ තමාගේ දරුවා අසනීපව සිටි නිසා ඊට සහභාගි වීමට නොහැකි වූ බවය. ඒ පිළිබඳව දුරකථන ඇමැතුමක්‌ මගින් දැනුම්දීමට තරම්වත් සදාචාර සම්පන්න නොවීම පිළිබඳව ඔහුට දොස්‌ නැගූ මර්වින් සිල්වා නි. ඇමැතිවරයා වහාම එම සමෘද්ධි නිලධාරියා ගස්‌බඳින ලෙස නියෝග කළේය. ඒ අනුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ ඇති ගසක මෙම සමෘද්ධි නිලධාරියා කොහු ලණුවකින් විනාඩි කිහිපයක්‌ ගස්‌ බැඳ තබන ලදී."

මර්වින් වැඩ පටන් ගෙන ඇත්තේ මෙසේය. එය කොතනින් කොහොම කෙලවර වේ යයි කිවහැක්කේ මර්වින්ට පමණි. නමුත් අපට වැටහෙන සරල කාරණයක් වන්නේ, රටක නිතිය පිරිහී ගියවිට මර්වින් වැනි අමනයින් නීතියේ භාරකාරින් වීම ස්වභාවිකය. එසේම මෙවෙනි තත්වයන් සීමාව ඉක්මවා ගිය විට පාලනයෙන් තොර වෙයි. පාලනයක් නැති වූ විට රටක් ඉබාගාතේ යාම වැළක්විය නොහැකිය. 83 ජුලි කලබලය, 88-89 බීෂණය, වගේම දෙමල සන්නද්ද ව්‍යාපාර වල මුල් බීජ වුයේ මෙවැනි සරල මට්ටමෙන් කල තක්කඩි කම්ය.

දැන් රජුගේ පාලනය අහවර වී , රජු යටතේ සිටි ජෝකර් රජු වී ඇත. ඌට චන්දය දුන් සහ ඌ වෙනුවෙන් චන්දය හොරකම් කල වුන් මෙයින් අම්න්දනන්න්දයට පත්වනු ඇත. නමුත් රටක් ලෙස අපි වැටි සිටින්නේ කියා ගන්නට නොහැකි මෝඩ තත්ත්වයකටය. මෙවැනි මී හරකුන් රටේ පාලකයින් වූ කල, අනාගතයක් ගැන තව මොන කතාද.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger