Home » » සක්විතිටත් මහින්දගේ කණ්ඩායමේ ලොකු පුටුවක් !

සක්විතිටත් මහින්දගේ කණ්ඩායමේ ලොකු පුටුවක් !

Written By Sri Lanka Guardian on Sunday, August 8, 2010 | 12:44 PM

ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න විසදීම සදහා අනුගමනය කරන්නේ ඔහුටම අවේනික ස්වාභාවකි.

වෙනත රටවල මහා බයානක අපරාද කාරයෙක් වන කේ. පි. වැනි වුන් හෙතම උතුරු නැගෙනහිර ප්‍රශ්න විසදීම
ක්‍රමෝපායක් ලෙස පාව්ච්චි කරමින් සිටින්නේය. කේ. පි. වැනි අපරාදකරුවන් වෙනරටවල සිටින්නේ නම් ඔවුන් ක්‍රමානුකුලව පර්යේෂණයකට භාජනය කල වාර්තා තබා ගනු ලැබේ. ඉන් පසු අපරාද නීති යටතේ ඔහුට නඩු පවරා වැරදි කරුවෙක්ද යන්න තීරණය කරනු ඇත. ඉන්පසු හෙතමට දඩුවම් පමුනවනු ලැබී. නමුත් ලංකාවේ නිතිය මහින්දය, දඩුවම්ද මහින්දය, සියලූම නීති වලට ඉහලින් සිටින මහින්ද කටයුතු කරන්නේ ඔහුට ඕන හැටියට මිස මිනිස්සුන්ට හෝ ව්‍යවස්ථාවට ඕන හැටියට නොවේ. කේ. පි. හරහා සිදුවන්නේ එහි අලුත්ම නාටකයයි.

මහින්ද පිළිගත් නිතියට අකමැති එය විකාරයක් ලෙස දකින අයෙකි. කේ. පි. ඔහුගේ උපදේශක මණ්ඩලයට ගත්තේ ඒ නිසාය.

මහින්දට එකතු වීමට අවශ්‍යනම්, ඕන මුදල් මිස දැනුම හෝ විනය නොවේ. එබැවින් අලුත් අවස්ථාව ඇත්තේ සක්විතිටය. සක්විත් වැනි මොළ මීළඟ මැතිවරණයට මහත් පල මහත් ආනිසංස රාජපක්ෂට ලබා දෙනු ඇත.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger