Home » » යූ එන් පීයේ තිස්සගේ මොලේ

යූ එන් පීයේ තිස්සගේ මොලේ

Written By Sri Lanka Guardian on Sunday, August 8, 2010 | 10:12 AM


එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක සම්මුක සාකච්චාවකදී කියා සිටියේ තම පක්ෂ දුර්වල කිරීමට අවොත් තමන් ආණ්ඩුව සමග එකතු වී වැඩ නොකරන බවයි. අවුරුදු ගානක් දේශපාලනය කලද ඔහුට ඇති අවබෝදය මනරම්ය. අපට ඇති ගැටලුව වන්නේ තවත් ඔහුගේ පක්‍ෂය දුර්වල වීමට ඇත්තේ මොන පැත්තෙන්ද යන්නයි. සිදුවෙන්න ඕන සියලුම පැත්තෙන් යූඑන්පීය අබ්බගාත වී අවසානය. ඇත්තේ මැරෙන්න ඉඩ හැරීම පමණි.

යූඑන්පීයට ඇත්තේ ඇතුලේ ප්‍රශ්නයක් මිස පිටින් පැමිණි ප්‍රශ්නයක් නොවේ. මහින්ද වාසනාවන්තයෙකු වූයේ යූඑන්පීයේ තියෙන ඔල මොට්ටල වැඩ නිසා මිස මහින්දගේ හැකියාව නිසාම නොවේ. තිස්ස අත්තනායක කියන්නේ මහින්ද යූඑන්පීය දුර්වල කිරීමට අර අදින බවයි. එය ස්ථීරවම නොකියන හෙතම ඒ පිළිබදවද තමන්ට අදහසක් නැති බව කියයි.

තිස්ස අත්තනායක යනු 88-89 කාලයේදී දහසගනනක් අතුරුදන් කල වුන්ගෙන් ප්‍රධාන පෙලේ අපරාධ කරුවෙකි. තමන්ගේ දරුවන් අහිමි වූ දෙමව්පියන් විශාල පිරිසක් ඔහුට විරුද්දව පැමිණිලි රාශියක් කළ තිබේ. ඒ පිළිබඳව කතා කිරීමට දින ගණනාවක් යනු ඇත.

කෙසේ වෙතත් තිස්සගේ දේශපාලන දැනුමනම් අරුම පුදුමය. එතාකින් තිස්ස මර්වින්ටත් වඩා සිටින්නේ ඉතා පහල මට්ටමකය. එවැනි අයෙක් යූඑන්පීයේ මහා ලේකම් වුන කළ පක්ෂයට දෙයියන්ගේම පිහිටය. එසේම අපට අවබෝද වන්නේ යූඑන්පීයේ අවුල ඇත්තේ රනිල් තුල පමණක් නොවන බවයි.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger