Home » » බලකුමාරන් මැරුවාද? පනපිටින්ද?

බලකුමාරන් මැරුවාද? පනපිටින්ද?

Written By Sri Lanka Guardian on Friday, August 6, 2010 | 4:33 PM

2009 මැයි 17 ඔහු හමුදාවට භාරවෙයි.

නිලන්ත ඉලංගමුව

ඊරෝස් සංවිදානයේ ප්‍රධාන නායකයින්ගෙන් අයෙකු මෙන්ම පසුව කොටි සංවිදානයේ ප්‍රභල දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ වී. බලකුමාරන් ට සිදු වුයේ කුමක්ද? යන්න පිළිබඳව වූ සත්‍ය මෙතෙක් අනවරණය නොවූ අතර එයද කොටි සංවිධානයේ අනෙක් නායකයින්ට සිදු වූ දෙය හා සම්බන්දව ඇති මිත්‍යාවන් අතරට එකතු වී තිබුණි. නමුත් පසුගියදා ඩිව් ගුණසේකර ඇමතිවරයා වන්නි ප්‍රදේශයේ කල සංචාරයෙන් පසු හෙතම කොටි නායක යෝගිගේ සහ බලකුමාරන් යන අයගේ බිරින්දෑවරුන් හමු වූ බව ප්‍රකාශ කළේය. නමුත් ඔහු යෝගී සහ බලකුමාරන්ට වූ දෙයක් ගැන කීමට අදිමදි කළේය. මේ අතර බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ කියා සිටියේ, තමා යටතේ කොටි සංවිදානයේ ජේස්ට සාමාජිකයින් සිටින නමුත් බලකුමාරන් සහ යෝගී නොසිටින බවයි.

නමුත් එය තව දුරටත් රහසක් නොවන අතර, බලකුමාරන් ශ්‍රීලංකා හමුදාවට 2009. මැයි 17 වනදා සුදුකොඩිත් රැගෙන බාරවූ බව සහ ඒවනවිටත් ඔහුගේ දකුණු අත තුවාල වී තිබුණු බවත් අනාවරණය වෙයි. එසේම ඔහු තම පුතු සමග ගත් චායාරූපයක් ශ්‍රී ලංකා ගාඩියන් වෙත ලැබුණු අතර, අදාල චායාරූපය පැවැති බොහෝ දුර්මත ඉවත් කිරීමට සහ ඇත්ත හෙළි කර ගැනීමට සකෂියක් වී තිබේ. ඊට අනුව බලකුමාරන් සහ ඔහුගේ පුතා හමුදා කදවුරක් ආසන්නයේ සිටින අතර ඒ ආසන්නයේ ගමන් කරන හමුදා සොල්දාදුවෙකුද දැක ගත හැකිය. හමුදාව යුධ අපරාද කළේදැයි අපි නොදනිමු, නමුත් අදාල චයරූපයෙන් පැහැදිලි වන්නේ. බලකුමාරන් පණපිටින් හමුදා ග්‍රහණයේ සිට ඇත්තේ ප්‍රභාකරන්ගේ මල සිරුර සොයාගත් බව නිවේදනය කිරීමට දින දෙකකට පෙරදීය. එසේනම් ඔහුට සිදු වූයේ කුමක්දැයි පැහැදිලි කිරීම වැදගත් වෙයි.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger