රනිල් ධර්මසේන
(July 10, Colombo, Sri Lanka Guardian) මාධ්‍යවේදීන්ට දඬුවම් පැමිණවීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලය මගින් පනවා තිබූ ප්‍රධාන නීති සියල්ල මේ වනවිට අහෝසි කර ඇතැයි තොරතුරු හා මාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
පුවත්පත් මණ්‌ඩල පනතේ අංක 15 දරන වගන්තිය වන මාධ්‍යවේදීන්ට වසර 02 ක සිර දඬුවම් ලබාදීමේ වගන්තිය 2002 වසරේදී අහෝසි කර ඇතැයිද ජනාධිපතිට අපහාස කිරීමේ වරදට දඬුවම් පැමිණවීමේ 18 වන වගන්තියත් යම් පුද්ගලයෙකුගේ කීර්තිනාමයට හානි කිරීමේ වරදට දඬුවම් පැමිණවීමේ වගන්තියත් මේ වනවිට අහෝසි යෑයි ද ඇමැතිවරයා කීය.
පුවත්පත් මණ්‌ඩලය නැවත සක්‍රීය කරනු ලැබුයේ යහපත් පරමාර්ථයෙන් යෑයිද එය මාධ්‍යවේදීන්ගේ සුබසාධනය, අධ්‍යාපනය, පුහුණුව ඇතුළු අරමුණු ඉටුකිරීමට යොදා ගන්නේ යෑයිද කීය.
එක්‌සත් ජාතික පක්‍ෂය මෙම පනත මුළුමනින්ම කිසිවිටක අහෝසි කර නැතැයිද ඔවුන් කර ඇත්තේ වගන්ති කිහිපයක් අහෝසි කිරීමක් පමණක් යෑයිද ඊයේ (09 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා සඳහන් කළේය. -Sri Lanka Guardian
Home »
» මාධ්‍යවේදීන්ට දඬුවම් පැමිණවීමේ ප්‍රධාන නීති රීති අහෝසියි
Post a Comment