Home » » තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්

තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්

Written By Sri Lanka Guardian on Tuesday, September 8, 2009 | 1:35 PM

සුබ‍්‍රමනියම් සිවනායගම් විසින් රචිත මේි කතුවැකි මුල් වරට පල වුයේ ඉංග‍්‍රීසියෙන් යාපනයේ සතිපතා මුද්‍රිත සැටඬේ රිවිව් පුවත්පතේය. සියවස් කාලකට ඉහතදී ලියු මේ කතුවැකි වල එන දෙමළාට දෙමළ වීම නිසාම මුහුණ පාන්නට වී ඇති ගැටලූ අදවත් විසැඳි ඇති දැයි කියවාම බලන්න.

සුබ‍්‍රමනියම් සිවනායගම්
සිංහලට නැගුවේ-යමුනා බණ්ඩාර

(September 08, Colombo, Sri Lanka Guardian) 1982 අපේ‍්‍රල් 3 :සැටඬේ රිවීව් මේ සතියේ දස වැනි කලාපයට එළැඹෙයි. මේ පුනරාවර්ජනයට තරම් කාලයක් නොවෙතැයි අයෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් කෙටි කලක් තුළදී අපෙන් සෑහෙන බලපෑමක් සිදු වී ඇතැයි පෙනී යන හෙයින් සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද එළිපත්තේ සිටියදී ඉකුත් සති නවයක මාධ්‍යවේදය දෙස ආපසු හැරී බැලීම සුදුසු බව අපේ හැඟීමයි. ඊට අමතරව ගත් කළ ඉඳ හිට හෝ තමන්ගේ හොරණෑව පිඹීම නුවණට හුරු පිළිවෙතකි. නැත්නම් ඒ මළකෑමට ඉඩ තිබේ.

නිර්නාමික, අපහාසාත්මක හා තර්ජනාත්මක ලියුම් නොලැබී යන පුවතක් වේ නම් එය තවදුරටත් පවත්වාගෙන යාමේ පලක් නැත. ඒ අතින් අපි වාසනාවත්න වීමු. පස් වැනි කලාපයෙන් අනතුරුව අපට එවන් ලියුම් සැලකිය යුතු සංඛ්‍යාවක් ලැබිණ. ඒවායින් තුනක්ම එකම තැනකින් ආ බව අපේ අත්අකුරු විශේෂඥයා කියා සිටියත් ඒ පිළිගැනීමට අපි එකඟ නොවීමු. එක් ලියුමක් එවා තිබුනේ හින්දු ත‍්‍රස්තවාදියෙකු විසිනි. තවත් නිර්නාමික ලිපියකින් කතුවරයාගේ ජන්මය පිළිබඳ සැක පහළ කොට තිබුණ. ඒ ගැන නැවත සිතා බලන විට කල්පනා වන්නේ එහි බස් වහර හා ලේඛන ශෛලිය අනුමත කළ හැකි මට්ටමේ පැවැති බවයි. එයින් ඔප්පු වන්නේ එකක් පමණි. අපේ රටේ බියසුළු බවේ, නුරුස්සනසුළු බවේ හා දුශ්චරිතයේ මට්ටමට ගැලපෙන අයුරින් සිය ප‍්‍රමිතිය පවත්වාගෙන යන්නට මහා රැුජිනගේ ඉංග‍්‍රීසියත් සමත් වී ඇති බවයි. එහෙත් අපට ඇති සැබෑ ගැටළුව නම් තැපෑලෙන්, පුද්ගලයන්ගෙන් හා කටකථා මගින් ගලා එන තුති පුද දරන්නේ කෙසේද යන්නයි. පොදුජන මතය බොහෝ විට හොර රහසේ පළ කැරෙන රටක මෙරටත්, නොරටත් උද්යෝගිමත් පාඨකයන් වෙතින් අපට දැක්වෙන ප‍්‍රතිචාර සැබැවින්ම හද පුබුදු කරයි.

නානා වර්ණිත දේශපාලකයන්ද නානාප‍්‍රකාර කණ්ඩායම්ද අප නිසා කලබලයට පත් වූ සෙයක්ද දිස් වන්නට තිබේ. ඉතා කෙටි කලත් තුළ අපේ වැඩවලින් බොහෝ අයට රිදී ඇති බවක්ද දිස් වේ. ඉන් පෙනී යන්නේ මාධ්‍යවේදය අනෙක් සෑම රැුකියාවකින්ම වෙනස් වන බවයි. එමගින් වෘත්තීය අන්තරායට ලක් වීමේ ඉඩකඩ බහුලය. ඒ විලසම ඉන් ලද හැකි පලප‍්‍රයෝජනද විපුලය. එක් පැහැදිලි කිරීමක් කළ යුත.ුය. යාපනයේ පළ කැරෙන පුවත්පතක් ලෙසට අප මුහුණ පා සිටින්නේ යාපනයේම පමණක් දැකිය හැකි සුවිශේෂ සෙවිල්ලකට, බැලිල්කටය. සෑම අයෙකුම, සෑම ආයතනයක්ම, සෑම කණ්ඩායමක්ම හංවඩු ගැසීමේ ප‍්‍රවනතාවක් මෙහි පවතී. දකින දකින හැම දෙයකම හන ලෑවේ නැතිනම් සතුටක් නොලබන පිරිසක්ද වෙති.

ඇතැම් විටෙක නිසි කලට පෙර වැරදි ලේබලය අලවන්නට යුහුසුලූ වන්නන්ට පසු කලක දැක ගත හැකි වන්නේ ඇතුළත දෑ වෙනස් හැඩරුවක් ගන්නා බවයි. ඉන් සිදු වන්නේ ඔවුන් භාණ්ඩය පිළිබඳව කෝපාවිෂ්ඨ වීම විනා වැරැුද්ද තමන්ගේ බව වටහා ගැනීම නොවේ.

ඒ හැමටම අප කියන්නේ මෙයයි. සැටඬේ රිවීව් පුවත්පතට ලේබල් ඇලවිය නොහැක. ඒ අප සැබැවින්ම ස්වාධීන පුවත්පතක් වන හෙයිනි. අප ඒ ප‍්‍රකාශය කරන්නේ අවංකභාවයෙන් හා උද්දාමයෙන් යුතුවයි.

අපේ සංවිධානය හා ආයතනය හැරුණු කොට අන් කිසිදු දේශපාලන පක්‍ෂයක්, වාර්ගික හෝ ආගමික සංවිධනයක් සමඟ අපේ ගනුදෙනුවක් නැත. කිසිදු පාරිශුද්ධ ගවයෙකු කෙරේද අපේ විශ්වාසයක් නැත. අපේ අභිලාශය සත්‍යාවාදීව, අවංකව, නිර්භයව සන්නිවේදනයේ යෙදීමයි. කිසියම්ම හෝ තැනක මානව හිමිකම්වලට එරෙහි අපරාධයක් සිදුවේද, කවර පාර්ශවයකින් සිදු වූවත්, එය අපේ විශේෂ අවධානයට යොමු වන්නේය.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger