Home » » තවත් ත‍්‍රස්තවාදීන් බිහි කරන්නේ ඇයි?

තවත් ත‍්‍රස්තවාදීන් බිහි කරන්නේ ඇයි?

Written By Sri Lanka Guardian on Tuesday, September 8, 2009 | 1:47 PM

ත‍්‍රස්තවාදීන් යනු හොරුන් සහ මැරයන් හා සමව ගත හැකි ජාතියක් නම්, ජනාධිපති ජයවර්ධනගේ ආඥාව 1979 දෙසැම්බර් 31 වැනිදායින් සාර්ථකව නිම කර ලන්නට ඉඩ තිබිණි. තරුණ ත‍්‍රස්තවාදය යනු ජාතික දේහයේ මූලයක් වූද, එහි ගැඹුරට කිදා බැස්සාවූ ද, කිසිවක ප‍්‍රචණ්ඩ ප‍්‍රකාශනයකි. මානව සබඳතා මෙන්ම දෙජන කොටසක් මතු නොව, කවර නමකින් හැඳන්වූවත්, ජාතීන් හා ගෝත‍්‍ර ඉක්මවා යන රටේ අනාගත ගමන් මග හා ප‍්‍රගතියක් ඊට අයත් වෙයි.

සුබ‍්‍රමනියම් සිවනායගම්
සිංහලට නැගුවේ-යමුනා බණ්ඩාර

(September 08, Colombo, Sri Lanka Guardian) 1982 පෙබරවාරි 20: වසර දෙක හමාරකට වැඩි කලකට පළමු 1979 ජූලි 14 වැනිදා ජනාධිපති ජයවර්ධන විසින් එවක යුද හමුදා ප‍්‍රධානී තිස්ස වීරතුංග වෙත විශේෂ ආඥාවක් නිකුත් කරන ලදී. එහි සදහන් වුයේ මෙසේයි.


”රටේ පවත්නා නීතිය අනුව ත‍්‍රස්තවාදයේ තර්ජනය, මෙරටින්, විශේෂයෙන් යාපනය දිස්ත‍්‍රික්කයෙන් තුරන් කරලීම ඔබේ වගකීම වන්නේය. රාජ්‍යයේ සකල සම්පත් ඔබේ සිතැඟි පරිදි යොදා ගැනීමට පවරා දෙන්නෙමි. මේ රාජකාරිය ඉටු කර 1979 දෙසැම්බර් 31 දාට පළමු හමාර කර ලිය යුතු වන්නේය.”

ඉහත කී පරිද්දෙන්ම ඒ වසර දෙක හමාරකට ඉහත දීයි. මෑතදා 1982 පෙබරවාරි මාසේ 14 වැනිදා ”ජාතික” පුවත් පතක මුල් පිටේ පළවූ සිරස්තලයක් වූයේ තක්සේරු කළ පමණට වැඩි ත‍්‍රස්තවාදීන් පිරිසක් යාපනයේ යන්නයි. ඒ වාර්තාෙවි මෙසේද වී- ”උතුරේ ත‍්‍රස්ත වාදී ව්‍යාපාරය කළින් ගණන් බලනු ලැබු සංඛා්‍යාවට වඩා විශාල බවට සාක්ෂි පොලිසිය විසින් හෙළි කොට ගෙන තිබේ.”

මේ දෙ කරුණ විසින් පහදා දෙනු ලබන එක් දැනමුතු කමක් තිබේ. ආණ්ඩුව පසෙකට වී හිඳ ප‍්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා තමන් සතු අධිකාරය අත් හරිතැයි සිහිකල්පනාව ඇති කිසිවකුත් අපේක්ෂා නොකරන අතරම සත්තකින්ම මේ ගැටලූවේ අවධානයට යොමු කළ යුතු වඩාත් වැදගත් පැති කඩ ගණනාවක් තිබෙන බවයි. ත‍්‍රස්තවාදය ”නීතියේ ආධිපත්‍යය” පිළිබද ප‍්‍රශ්ණයකට ලඝු කළ හැකිද? ත‍්‍රස්තවාදීන්, අප කැමති වූවත් නැතත්, හොරුන් මංකොල්ලකාරයන්, මැරයන් හා තක්කඩින් ගණයේ ලා සැලකිය නොහැකිය. මේ පාර්ශව අතර දකින්නට ඇති එකම සමානකම නම් ප‍්‍රචණ්ඩ ධුර්ත භාවයයි. ප‍්‍රචණ්ඩත්වය නම් නීතියේ ආධිපත්‍යය ගරු කරන කිසිදු සමාජයක් විසින් අනුමත කළ හැක්කක් නොවේ.

එසේ වෙතත්, ත‍්‍රස්තවාදීන් යනු හොරුන් සහ මැරයන් හා සමව ගත හැකි ජාතියක් නම්, ජනාධිපති ජයවර්ධනගේ ආඥාව 1979 දෙසැම්බර් 31 වැනිදායින් සාර්ථකව නිම කර ලන්නට ඉඩ තිබිණි. තරුණ ත‍්‍රස්තවාදය යනු ජාතික දේහයේ මූලයක් වූද, එහි ගැඹුරට කිදා බැස්සාවූ ද, කිසිවක ප‍්‍රචණ්ඩ ප‍්‍රකාශනයකි. මානව සබඳතා මෙන්ම දෙජන කොටසක් මතු නොව, කවර නමකින් හැඳන්වූවත්, ජාතීන් හා ගෝත‍්‍ර ඉක්මවා යන රටේ අනාගත ගමන් මග හා ප‍්‍රගතියක් ඊට අයත් වෙයි.

වසර දෙක හමාරකට ඉහතදී පොලිස් භටයන් ත‍්‍රස්තවාදී ප‍්‍රහාර වල නිරන්තර ඉලක්කය බවට පත්වුණත්. යුද හමුදාව සාපේක්ෂව යාපනයේ පොදු ජනයා හමුවේ යම් විශ්වසනීයත්වයක් අත්කර ගෙන තිබිණි.

එතැන් පටන් සිදු වුයේ කුමක්ද?

දේශපාලන ප‍්‍රශ්න අරබයා ගෙනෙන යුද විසඳුම් කිසිදා සාර්ථක නොවන වග, මිහිමත බලවත්ම රාජ්‍යය වන ඇමරිකා එක්සත් ජනපදය වසර කීපයකට ඉහතදී වියට්නාමයේදී උගෙන තිබියදීත්, තවත් ත‍්‍රස්තවාදීන් බිහි කරන්නේ ඇයි?

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger