සැකකාරියට ලක්‌ෂ 104 ක් වටිනා ශරීර ඇප 15 ක්
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
(October 01, Colombo, Sri Lanka Guardian) ජපානයේ රැකියා හෝ වීසා ලබාදෙන බව කිsයා පහළොස් දෙනකුගෙන් රුපියල් හතළිස් හත්ලක්‌ෂ විසිහත්දහසක් ලබා ගෙන වංචා කළ බවව සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින කත රුපියල් ලක්‌ෂ එකසිය හතරක් වටිනා ශරීර ඇප 15 ක් මත මුදාහැරීමට නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා නියම කළේය.
මෙසෙ ඇපමත මුදා හැරුණේ ඩී.එස්. පී. නිෂා දිල්රුක්‌ෂි ද සිල්වා නමැත්තියයි.
මෙම සිද්ධීන්වල පැමිණිලිකරුවන් වන චානක දිලිප් කාවින්ද විඡේතුංග, ඊ. එ.aඩී. ලක්‌ෂ්මන් ප්‍රසන්න, එම්. මහේන්ද්‍ර පුෂ්පකුමාර, ඇන්ටන් නිශාන්ත ද සේරම්, කිත්සිරි නිලවීර, ප්‍රසන්න ජයවීර, එස්. ඒ. ප්‍රදීප් නිශාන්ත පෙරේරා, ඩි. තුෂාර බුද්ධික, සුනිල් , සේනාධීර, ෂෙල්ටන් සේනාධීර, ජූඩ් වසන්ත, පෙරේරා, කේ. එම්.රවීන්ද්‍ර, සංජීව පෙරේරා, එන්. අකලංක ප්‍රදීප්, පී.එච්. පී. සංජීව නමැත්තන්ගෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් සැකකාරිය මුදල් ලබාගෙන ඇතැයි අනාවරණය විය.
හර්ෂ දුමින්ද අත්තනායක නමැත්තා මින් එක් සිද්ධියකට පමණක් සැකකරුවකු ලෙස නම්කර තිබිණි.
පැමිණිලිකරුවන්ගෙන් ඇතැමකුට ජපානයේ රැකියා ද එසේ නැතහොත් වීසාද තවත් අයකුව ජපානයේ කාර්මික පුහුණුවකට යෑවීමටද එකඟවී ඇති සැකකාරිය, ඇඹුල්දෙණියේදී ජපන් භාෂාව ඉගෙන ගැනීමට සලසා ඇතැයි බී වාර්තාවලින් පැවැසිණි.
පොරොන්දු ඉටුනොකර සැඟවී සිටියදී ඇය රිමාන්ඩ් ගත කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රධාන පොලිස් පරීක්‌ෂක චන්ද්‍රරත්න බඹරැන්ද මහතා සඳහන් කර තිබිණි. සැකකාරිය වෙනුවෙන් නීතිඥ විදුර පී මංචනායක මහතා පෙනී සිටියේය. -Sri Lanka Guardian
Home »
» ජපන් සිහින පෙන්වා ලක්‌ෂ 47 ක් වංචා කරලා
Post a Comment