Home » » මැද මූලන දන්සැලෙන් ගුරුවරුන්ට පිළිණු බත්

මැද මූලන දන්සැලෙන් ගුරුවරුන්ට පිළිණු බත්

Written By Sri Lanka Guardian on Wednesday, September 30, 2009 | 6:51 PM

(September 30, Colombo, Sri Lanka Guardian) ඊයේ (27)මැද මූලන සිය නිවසේ දී ජනාධිපතිවරයා විසින් දකුණු පලාතේ ගුරුවරුන් එක්රැස් කරගනිමින් පැවැත්වූ රැස්වීමක් සඳහා සපයා තිබූ ආහාර පාන පිළිණු වී තිබීම හේතුවෙන් එයට සහභාගී වූවන් ඉමහත් අපහසුතාවයට පත්වූ බව දැනගැනීමට ලැබී ඇත.

තොරතුරු වාර්තා වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම රැස්වීම ඉලක්ක කර තිබී ඇත්තේ ඉදිරි පලාත් සභා මැතිවරණයේදී තමන් හට වඩාත් සමීප අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය සඳහා ගුරුවරුන්ගේ ඡන්දය ලබාගැනීමටය. එහෙත් ගුරුවරුන්ට දන්වා තිබී ඇත්තේ දකුණු පලාත තුළ ගුරුවරු මුහුණ පාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම සූදානම් කර ඇති බවයි.

මෙමට සහභාගී වීම සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා දී තිබූ නමුත් රැස්වීම අවසන් වී නැවත නිවෙස් බලා යෑමට කිසිදු වැඩපිළිවෙලක් සංවිධායකයන් විසින් සකස් කර දී තිබී නැත. අවසානයේ එක ගුරුවරයෙකුගෙන් රු.200/= බැගින් එකතු කර ඇත.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger