Home » » රනිල් නම් අපරජිතයා වෙනුවෙන් අල්ගමගේ නම් පරාජිතයා දිවි දීම

රනිල් නම් අපරජිතයා වෙනුවෙන් අල්ගමගේ නම් පරාජිතයා දිවි දීම

Written By Sri Lanka Guardian on Thursday, July 29, 2010 | 9:13 AM

සිදුවිය යුතු දේ නොව , සිදු නොවිය යුතු දේ වී ඇත. එය ලංකාවේ ස්වභාවය වේ. ඒ වූ කලී රනිල්ගේ නායකත්වය තවදුරටත් පැවතිය යුතු යයි කියමින් රියෙන්සි අල්ගමගේ මහතා තම සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමයි. අදාල සිදුවීම කම්පනය ජනිත කළා සේම එය ලංකාවේ දේශපාලනය තුල කිසිලෙසකවත් සිදුවිය යුතු දෙයක් නොවේ. මේය රනිල් ලැබූ අති විශාල ජයග්‍රහණයකි. දැන් තිස්ස අත්තනායක, " අපේ නායකතුමා වෙනුවෙන් ගිනි තබා ගන්නත් අය සිටින්නේ යයි කියනු ඇත." කතාව ඇසීමෙන් රනිල් මහත්තයටද පුංචි පහේ ආතල් එකක දැනෙනු ඇත. එසේම අල්මේදාගේ දේහයට අවසන් බුහුමන් දීමට එහි ගොස් සිටි ඒ. ජ. ප. නායකින් බොහෝ දේ කීවෝය. ඔව්හු රියෙන්සි අල්ගමගේ මුළු පවූලම බලාගන්නේ යයි පොරොන්දු වූහ. ඒගොල්ලන්ගේ පොරොන්දු එහෙමය. වැඩේ කෙරෙන්නේ වෙන විදිහකටය.

සැබවින්ම මේ සිදුවීම දැකීමෙන් අපට වැටහෙන්නේ ලංකාවේ රනිල්ටත් වඩා දේශපාලන පරාජිතයින් සිටින බවය. එසේම සිදුවීම කරණකොටගෙන රනිල් ඉල්ලා අස් නොවීමට හේතුවද සොයාගත හැකිය. එනම් සමීකරණය සරලය, තමාට වඩා අල්ගමගේ වැනි, ඒ.ජ.පයේ ඉතිහාසය නමැති රන් පොතේ ( කරු ජයසූරියට අනුව එම පොත හැදින්වෙන්නේ එහෙමය ), රන් අකුරින් ලියවෙන වීරයින් (රනිල්ටත් වඩා පරාජිතයින් ) රැසක් සිටීමය. පක්ෂයේ සියලූම පරාජයන් වලට මුල, චන්ද බලය තීරණය කරන සාදකය හදුනා නොගෙන, හතර බීරි කතා රට වටේ කියමින් ඔලමොට්ටල දේශපාලනයක නියෙලෙන රනිල් වික්‍රමසිංහය. ප්‍රශනය ඇත්තේ රනිල් තුල සහ ඊට අනුබල දී තම බඩවියත රැකගැනීමට මන බලන අයවලුන් තුල මිස වෙන තැනක නොවේ. එසේනම් සිදු විය යුත්තේ රනිල් ඉල්ලා අස්වීම මිස වෙන කිසිවක් නෙවේ.

එවෙනුවට මහා රජතුමාගේ කට්ට කයිරාටික චින්තනයේ පාලු මකන්නෙකු වී සිටින රනිල් කිසිඳු වගතුවක් නොමැතිව සිහින දකිමින් සිටින්නේ එළුවා පස්සේ ගිය නරියා සේය. සත්‍ය එහෙමය, නමුත් ඊට පසුපසෙන් දිව යන යාන්ත්‍රනය වෙනස්ය, අල්මේදා වෙනි අසරණයින් නියෝජනය වන්නේ එකී යාන්ත්‍රණයේ ගොදුරු ලෙසය. එසේ නොමැතිව කරු කියන්නා සේ ඒ.ජ.පයට ඇති රන් පොතක් නැත. තිබෙන්නේ ලේ වලින් ලියවී තිබෙන මිනීමරු ඉතිහාසයකි. දකුණේ පමණක් සිංහල තරුණ / තරුණියන් 30,000 කට වඩා අතුරුදන් කළ ඉතිහාසයකි. යුද අපරාධ පළමුවෙන්ම කලේ ඒ.ජ.පයේ නායකින්ය. කරු කියන රන් ඉතිහාසය ලංකාවේ එකක් නොවිය යුතුය. එය කරු නමැති විෂයද නොමැති වෙනත් තැනක තියෙන පොතක් විය යුතුය.

කෙසේ හෝ වේවා රනිල් නැවත වරක් සිය දිවි බේරා ගෙන ඇත. ඔහු මොහතකින් ලංකාවේ දේශ මාමක බලවේග වලට අහිමිවෙන්න ගිය වීරවංස නමැති දේශපාලන විශාරදයා , රජවාසල කැතකිරීමෙන් සිදු වූ ගඳ සමනය කිරීමට, රජු සමග කිසිවක් නොදැන , ව්‍යවස්ථාව වෙනස් කිරීමට කතා
කළේය. ඔහු සමග කතාබහෙන් දින කිහිපයකට පසු, රජු තම වැසියන්ට කිව්වේ, නිතිය වෙනස් කරන්නේ තමන්ට ඕන හැටියට මිස අනුන්ට ඕන හැටියට නොවෙන බවය. කෙසේ වෙතත් නාටකය තවදුරත් වේදිකා ගතවෙමින් තිබේ.

මුළු ලෝකය හමුවේ අන්ත පරජිතයේක් වූ රනිල් වික්‍රමසිංහ හදිසියේම ජයග්‍රහයකයකු වුයේ එසේය. අල්ගමගේ මෙලොව හැර ගොස් ඇත. ඔහු ඔහුගේ පවුලම කමකට නැති දේශපාලනයක් මුවාවෙන් අනාථ කොට ඇත. සෙබවින්ම සිද්දිය අවසානයේ සබැ පරාජිතයා අල්ගමගේ සහ ඔහුගේ පවුල මිස, රනිල්වත් , අල්ගමගේට ගිනි තබා ගැනීමට උල් පන්දම් දුන් අමනයින්වත් නොවේ.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger