Home » » තමන්ටම ගහ ගනිමින් සියත මාධ්‍ය ජාලය සිරස ගිය මග යයි!

තමන්ටම ගහ ගනිමින් සියත මාධ්‍ය ජාලය සිරස ගිය මග යයි!

Written By Sri Lanka Guardian on Sunday, August 1, 2010 | 3:26 PM

සියත මාධ්‍ය ආයතනය කාටදෝ කොන්ත්‍රාත්වක් දී තමන්ගේ ආයතනයට පැට්‍රල් බෝම්බයක් ගස්සවාගෙන ඇත.මේ අනුව මේ අසිරිමත් ලංකාවේ තමන්ටම ගහගත් මාධ්‍ය ගොඩට සියත ද එක්වෙයි.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු අය සොයා ගස් බැදීමට කැළණිය පැත්තෙන් විශේෂ කණ්ඩායමක් මේ වනවිටත් යොදවා ඇති අතර මාධ්‍යකරුවන් තවමත් ස්වයං විනයක් පවත්වා ගැනීමට අපොහොසත් වී ඇති බව මේ අනුව පෙනී යන්නේ යයි පොලිස් ප්‍රකාශකයෙක් තිරයෙන් පිටුපසට වී සිය හෙලුව වහගනිමින් ප්‍රකාශ කරනු දැක ගන්නට ලැබිණ.

එහෙම මාධ්‍යවලට වෙන කවුරුන් හෝ ඉදිරිපත් වී විනයක් ඇති කළ යුතු බවට ඇත්තට ම වාදයක් නැත. සැබෑ චණ්ඩි ඉන්නේ එහෙම වැඩවලට පාවිච්චියට ගන්නටය. පොලීසිය හා ආරක්ෂක අංශ ඉන්නේ ඒ වෙලාවට කැමැත්තක් කරගන්නට ඉඩ දී හෙමින් මාරුවී යන්නට ය.

ආණ්ඩුවට කහින දේශප්‍රේමීන්ගේ මුඛ පුට්ටුවී ඇති නිසා සියත පමණක් සද්දෙ දාන්න කල්පනා කරන එක තේරුමක් නැතැයි ජාතික මාධ්‍ය සංසදය විශේෂ ප්‍රකාශයක් කරමින් මේ අතර කියා සිටී.

මේ සිද්ධිය නිසා බෑන් කී මූන් පමණක් නොව ජීඇස්පී දෙන්න බැහැයි කියූ සුද්දන්ද හෝදටෝම බිය වී ඇතැයි වාර්ථාවෙන අතර මේ අනුව ඉදිරි දිනකදී මදියි නොකියන්න ජී ඇස් පී යක් ලැබෙන්නට ද ඉඩ තිබේ. -

- Beyond Frame

Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger