ජනතා විමුක්ති පෙරමුණේ වව්නියාව දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමටපොලිසියෙන් බාධා
11:54 AM // 0 comments // Sri Lanka Guardian // Category: //A short history of the left movement in Ceylon,
ජනතා විමුක්ති පෙරමුණේ වව්නියාව දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවය ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙ.ව. 10.00ට පැවැත්වීමට නියමිතව තිබු අතර ඊට ඊයේ දිනයේ සිටම පොලිසියෙන් බාධා එල්ල වෙමින් පවතී. මෙම කාර්යාලය විවෘත කෙරෙන්නේ වව්නියාව, තාන්ඩිකුලම් හි දුම්රියපොළ අසල ය.
ඊයේ රාත්‍රී හමුදා බුද්ධි අංශයෙන් යැයි පැවසූ පිරිසක් පැමිණ, කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ සැරසිලි කරමින් සිටි ජවිපෙ ආධාරකරුවන්ගෙන් ප්‍රශ්න කර තිබේ. ඉන් පසුව පැමිණි තාන්ඩිකුලම් පොලිසියේ ස්ථානාධිපතිවරයා, කාර්යාලය විවෘත කරන්නේ කාගේ අවසරයකින්දැයි විමසමින් තර්ජනය කර ඇත. එහි සිිටි සියලූම දෙනාගේ නම්, ලිපින හා දුරකතන අංක ලබා ගෙන ගිය ඔහු යළිත් අද අලූයම 2.00ට පමණ පැමිණ කාර්යාලය සඳහා ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා දුන් එහි හිමිකරුවන්ගේ නිවසට ගොස් තර්ජනය කර ඇත. පොලිස් නිලධාරීන් යන අවස්ථාවේ එහි සිටියේ කාන්තාවක් පමණක් වන අතර එය නොසලකා ඇයට තර්ජනය කර තිබේ. නිවසේ හිමිකරු පැමිණි වහාම පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබා දෙන ලෙසද දැනුම් දී තිබේ.
ඉන් අනතුරුවද පොලිසියේ හා හමුදා බුද්ධි අංශයේ යැයි පවසමින් විවිධ පිරිස් අද දහවල් වන තුරුම වරින් වර පැමිණ තර්ජනය කිරීම්, බලපෑම් කිරීම් හා බියවැද්දීම් සිදුකරමින් සිටිති.
උතුරු පළාතේ දේශපාලන පක්ෂයක කාර්යාලයක් විවෘත කිරීමට කිසිදු දේශපාලන පක්ෂයකට බාධාවක් නැත. ජාතික සමගිය ගොඩනැගීමේ අර්ථයෙන් මෙන්ම උතුරේ වැසියන්ට අහිමි වී තිබූ ප්‍රජාතනAත්‍රවාදයදීමේ අර්ථයෙන්ද එය සිදු විය යුතුය. එහෙත් ආණ්ඩුව දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ උතුරු පළාතේ වැසියන් සමග සිදු කරන දේශපාලන කටයුතුවලට බාධා කරමින් සිටී.
Related posts :
0 comments for this post
Leave a reply
2008 - 2009 Sri Lanka Guardian. Content in my blog is licensed under a Creative Commons License.
- template designed by RRRRRRR.
- Powered by Google.
