මුද්‍රණාල සේවකයන් අත්අඩංගුවට ගැනීම විරුද්ධ මතධාරීන් බියපත් කිරීමේ උත්සාහයකි
4:48 PM // 0 comments // Sri Lanka Guardian // Category: // වත්මන් ආණ්ඩුව විසින් අත්තනෝමතික පාලනයක ලක්ෂණ නැවතත් විදහාපාමින් මුද්‍රණාලයක් සීල් තබා එහි සේවකයන් හදිසි නීතිය යොදාගනිමින් රැ`දවුම් නියෝග යටතේ සිරගතකර තිබේ.
නුගේගොඩ, ගංගොඩවිල, සරලා ග්‍රැෆික් ආයතනයේ කාන්තාවක් ඇතුළු සේවකයන් 8 දෙනකුට මෙම අසාධාරණය සිදුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විසින් සකස් කළ පෝස්ටරයක් මුද්‍රණය කිරීමේ වරදටයි. එම පෝස්ටරය සම්බන්ධ වගකීම තමන් විසින් භාරගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබියදී මුද්‍රණාල සේවකයන් අත්අඩංගුවට ගෙන තිබේ. මුද්‍රණය කළ බව කියන පෝස්ටරයේ මුද්‍රණ වගකීම ස`දහන්ව තිිබියදී එය නීති විරෝධී පෝස්ටරයක් බව දක්වමින් මුද්‍රණාලය සීල් තැබීමත් සේවකයන් අත්අඩංගුවට ගැනීමත් කැකිල්ලේ රජුගේ නීති සිහිගන්වයි.
මුද්‍රණාලයක සේවකයන් සිදුකරන්නේ සිය ජීවනෝපාය ස`දහාවන රැකියාවකි. එය ඇතැම් දේශපාලකයන් ධනය ඉපයීමට සහ බලයේ රැ`දී සිටීමට කරන පහත් කටයුතුවලට වඩා ගෞරවනීය වේ. මුද්‍රණාලයක යමක් මුද්‍රණය කරනු විනා ආප්ප පුච්චන්නේ නැත. යම් දෙයක් මුද්‍රණය කිරීමේදී එය නීති විරෝධී නම් අධිකරණයකදී ඒ බව සනාථ කර ද`ඩුවම් පැමිණිවීම සාමාන්‍ය ක්‍රමයයි. එසේ නොමැතිව හදිසි නීතිය යොදාගෙන පළිගැනීම පාලකයන්ගේත් පාලකයන්ගේ නියෝගවලට අනුව නීතිය ක්‍රියාවට නංවන නිලධාරීන්ගේත් තරාතිරම කියාපායි. ප්‍රජාතන්ත්‍රවාදී රටක අයිතිවාසිකමක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට වැට බ`දිමින් මුද්‍රණාලයක් සීල් තැබීම හා එහි සේවකයන් ප්‍රමාණවත් හේතු විරහිතව අත්අඩංගුවේ තබාගැනීම බලවත් අසාධාරණයකි. පාලකයන් මෙයින් උත්සාහ කරන්නේ තමන් විවේචනය කරන වෙනත් මත දරන්නන් බියපත් කිරීම සහ තමන්ට පක්ෂපාතී නොවන සියල්ලටම යහතින් සිටීමට ඉඩක් ලබා නොදෙන බවට තර්ජනය කිරීම බව හො`දින්ම පැහැදිලිය.
ශදමර ඉරදඅිැර ප්හ බදඑ ිමචචදරඑ ාසිචක්හ දෙ එයසි සප්ටැග මෙම තත්වය පිළිකුලින් හෙළාදකින අපි එම මුද්‍රණාලයට තිඛෙන චෝදනා පිළිබ`ද සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන ලෙසත් එහි සේවකයන් වහා නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට අවධාරණය කරමු.
(චන්දන සිරිමල්වත්ත)
කැ`දවුම්කරු- මර්දනයට එරෙහි මාධ්‍යවේදියෝ
Related posts :
0 comments for this post
Leave a reply
2008 - 2009 Sri Lanka Guardian. Content in my blog is licensed under a Creative Commons License.
- template designed by RRRRRRR.
- Powered by Google.
