Home » » උද්ඝෝෂණයට පැමිණෙන ජනතාවට ආණ්ඩුවෙන් එල්ල වන බාධා දැඩි පිළිකුළෙන් හෙළා දකිමු!

උද්ඝෝෂණයට පැමිණෙන ජනතාවට ආණ්ඩුවෙන් එල්ල වන බාධා දැඩි පිළිකුළෙන් හෙළා දකිමු!

Written By Sri Lanka Guardian on Tuesday, September 7, 2010 | 11:49 AM

විජිත හේරත්, ප්‍රචරක ලේකම්, ජනතා විමුක්ති පෙරමුණ

ජනතා විමුක්ති පෙරමුණ විසින් අද පස්වරු 3.00ට බොරැල්ල, ආයුර්වේද වටරවුමේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටින ජවිපෙ ක්‍රියාකාරීන් ඇතුළු පිරිස්වලට දිවයිනේ විවිධ ප්‍රදේශවලදී බාධා එල්ල වෙමින් තිඛෙන බවට තොරතුරු ලැඛෙමින් පවතී.

උද්ඝෝෂණයට පැමිණෙන ජනතාව රැගෙන එන බස් රථයක් අද උදෑසන සිට මැදවච්චියේ නතර කර ගෙන බෝම්බ ඇත්දැයි පරීක්ෂා කරන බවට තොරතුරු ලැබී ඇත. බස් රථය පරීක්ෂා කිරීමට පොලිස් සුනඛයින් නොමැති නිසා සුනඛයින් රැගෙන එනතුරු පිටත්වීමට දිය නොහැකි බව ඔවුන්ට පවසා ඇත. මාතර, ගාල්ල, හම්බන්තොට, පුත්තලම, බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක රැසක ස්ථාන ගණනාවකදීද උද්ඝෝෂණයට පැමිණෙමිත් තිඛෙන බස් රථ අතර මග නවතා ගෙන අනවශ්‍ය ලෙස පරීක්ෂා කරමින් ඔවුන්ගේ ගමන ප්‍රමාද කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

ඊයේ සහ අද උදෑසන බස් හිමිකරුවන්ගේ නිවෙස් වෙත ගොස් ඇති පොලිස් නිලධාරීන් උද්ඝෝෂකයින් ප්‍රවාහනය නොකරන ලෙස තර්ජනය කර තිබේ.

නිදහස් අදහස් පළ කිරීමට ඇති අයිතියට මේ ආකාරයට බාධා කිරීම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු. එමෙන්ම, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, නින්දිත ක්‍රියාමාර්ගය වහාම නතර කරන ලෙසත් උද්ඝෝෂණ කිරීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙසත් ආණ්ඩුවට බල කොට කියා සිටිමු.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුවත් කිරීමට ගත් උත්සාහයට ආණ්ඩුව පිළිකුල් සහගත ලෙස බාධා කළේ අද පමණක් නොවේ. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණ් ක්‍රියාකාරීන් තවමත් සිටින්නේ බන්ධනාගාර ගතවය. එමෙන්ම බඩකලූවේදී පෝස්ටර් ඇල වූ සහ නුවරඑළියේදී අත්පත්‍රිකා ඛෙදූ ජවිපෙ ආධාරකරුවන්ද පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

පාර්ලිමේන්තුවේ සැබෑ ජනවරමෙන් ලැබුණු තුනෙන් දෙකක් නැති නිසා, විපක්ෂයේ මන්ත්‍රීවරුන්, අල්ලසින්, පගාවෙන් හා බලහත්කාරයෙන් බිලී බා ගෙන ප්‍රජාතන්ත්‍ර විරෝධ ආකාරයට සම්මත කිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ජනතා විරෝධය මේ වන විට කුළු ගැන්වී තිබේ. ඒ නිසා එම විරෝධය ප්‍රකාශයට පත් වීම වැළැක්වීම සඳහාද ආණ්ඩුව ගනිමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග බව පැහැදිලිය.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීති විරෝධී ක්‍රියා වහාම නතර කරන ලෙස නැවත වරක් ආණ්ඩුවට බල කරන අපි ආණ්ඩුවේ කවර බාධා එල්ල වුවද ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති ගමන තහවුරු කරන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා පෙළ ගැසෙන ලෙසත්, අද සවස පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගි වන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූ ජනතාවට ආරාධනා කර සිටිමු.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger