Home » » වධහිංසනයේ මානසික බලපෑමි

වධහිංසනයේ මානසික බලපෑමි

Written By Sri Lanka Guardian on Tuesday, September 7, 2010 | 10:19 AM

’පීඩකයා සතුව තිඛෙන ඉතාම බලගතු අවිය වනුයේ පීඩිතයාගේ මනසයි'- ස්ටීවන් බිකෝ
වෛද්‍ය රුවන් එම්. ජයතුංග

වධහිංසනය යනු මානව හිමිකමි උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳීුන්වනු ලබනුයේ ’ පාපෝව්චාරණයක්, ලබාගැනීම වැනි අරමුණක් සඳහා දඩුවමක්, තැතිගැන්වීමක් හෝ බලහත්කාර කමක් හෝ ඔීනෑම ආකාරයක වෙනස්කමිකිරීමක් පදනමි කරගත් ශාරීරික හෝ මානසික අන්දමින් කිසිවෙකු හට දුකක් හෝ වේදනාවක් වේතනාත්මකව පමුණුවන ඔිනෑම කි්‍රයාවක්¶ වශයෙනි.

මානව ඉතිහාසයේ ආරමිභයේ සිටම වධහිංසනය පාලක මෙවලමක් වශයෙන් යොදාගෙන තිබේ. ශාරීරික දඩුවමි පැමිණවීම අනුමත කල කුප්‍රකට ’ඇසට ඇසක්¶ මූලධර්මය කි්‍රපූ 18වන ශතවර්ෂය තරමි අතීතයට දිවයන පැරණිම නීති මාලාවක් වන හමුරාබිගේ නීතිය යටතේ අඩංගුව තිබුණි. වධහිංසනය උපයෝගී කරගෙන තිබුනේ තර්ජනයක් වශයෙන් පෙනුන කණ්ඩායමි වලට බලහත්කාරකමි පෑෙමි ක්‍රමයක් හෝ ඔවුන්ව පාලනයට නතුකරගැනීෙමි මෙවලමක් වශයෙනි.

වධහිංසනය යනු ලෝකය පිලිබඳවූ පීඩකයා විසින් ඉදිරිපත් කරණු ලබන විකල්ප අර්ථවිග්‍රහයට යටත් කරගැනීම පිණිස වින්දිතයාව ප්‍රතිප්‍රක්‍රමණය කිරීෙමි කි්‍රයාවලියකි. එය ගැඹුරු, අමතක නොවන හා අප්‍රසන්න අධිශික්ෂණ කි්‍රයාවකි. :ඡිහජයදකදටහ දෙ ඔදරඑමරු ජ් ී්ප ඪ්නබසබ-. වධහිංසනය කායික, මානසික හෝ සමහරවිට දෙකෙහිම සංකලනයක් වියහැක. දෘශ්‍යමාන සාක්ෂි කිසිවක් ඉතිරි නොවන පරිදි වින්දිතයාගේ වේදනාව හා බිය හැකිතාක් දුරට දික්ගැස්වීම පිණිස වධහිංසන ක්‍රම සැලසුමි කරනු ලැබේ.

සන්නද්ධ අරගලවලදී (සතුරු සිවිල් ජනයා හා යුදසිරකරුවන්) වධහිංසාවට ලක්නොකිරීමට තෙවන හා සිව්වන ජිනීවා සමිමුතිතුලින් එකඟත්වය පලකර තිබුනද, ලොව බොහෝ පෙදෙස්වල හා සියලුම වාගේ ප්‍රධාන පෙල යුධමය ගැටුමිවලදී වධහිංසනය කි්‍රයාත්මක කර ඇත.

වධහිංසන නිසා ගැඹුරු හා දීර්ඝකාලීන ශාරීරික හා මානසික ප්‍රතිවිපාක ඇතිවේ. වධහිංසනය යනු සාමූහික වේදනා ආකාරයකි. එය වින්දිතයාට පමණක් සීමා නොවූවකි. ඔහුගේ පවුලේ සාමාජිකයින්ටද මිත්‍රයන්ටද එමගින් බලපෑමි ඇතිවේ. අභිනව පර්යේෂණ අනුව මානසික හා ශාරීරික යන දෙයාකාරයේම වධහිංසන නිසා සමාන මානසික ප්‍රතිවිපාක ඇතිවේ. වධහිංසන වින්දිතයින් බොහෝ විට විෂාදය, zපශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය , ඡඔීෘල හා සමහර විට මනෝව්‍යාධික ආවීර්භාවයෙන් පෙලෙති.

හැමන්හිල් බන්ධනාගාරයේ වධහිංසනයට පාත්‍රවූ වින්දිතයා.

වධහිංසනයේ ප්‍රතිවිපාක වසර දශක ගණනක් එම වින්දිතයා පසුපස හඹා ඒමට පුලුවන. 1971 කැරැල්ලට එක්ස්2 මහතා සහභාගීවූ අතර තවත් කීපදෙනෙක් සමග යාපනය පොලිස් ස්ථානයට පහර දීමට එක්විය. ප්‍රහාරය අසාර්ථකවූ අතර පොලීසිය

කැරලිකරුවන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එක්ස්2 මහතා සහ අනෙකුත් අයව පොලීස් ස්ථානය වෙත ගෙනගොස් පැය හතරක පමණ කාලසීමාවක් තිස්සේ බැටන් පොලුවලින් හා ලීමුගුරුුවලින් පහර දෙන ලදී. මෙම පහරදීමෙන් පසු 80 දෙනෙකු පමණ ඔවුනට එහා මෙහා චලනය කිරීමටවත් නොහැකි තරෙමි කුඩා මැදිරියක සිරකර තබන ලදී. පසුදින සවස වනතෙක්ම සියලුම සැකකරුවන් නිරුවතින් සිරමැදිරියේ තබා ඇත.

සති කීපයකට පසු මෙම සැකකරුවන්ව යාපනයේ හැමන්හිල් බන්ධනාගාරය වෙත ගෙනයන ලදී. හැමන්හිල් වනාහි ලන්දේසීන් විසින් තනන ලද බලකොටුවක් වූ අතර වෙඩිඛෙහෙත් ගබඩා කිරීම සඳීහා එහි බිංගෙවල් නවයක් තිබුණි. මෙම බිංගෙවල් සිරමැදිරි බවට පරිවර්තණය කරණ ලදී. හැමන්හිල් බන්ධනාගාරයේදී මෙම සිරකරුවන්ට අමානුෂික තත්වයන්ට මුහුණ දීමට සිදුවිය. බිංගෙවල් තුලවූ වාතය ආශ්වාස කිරීමට නුසුදුසුවිය. දරාගැනීමට නොහැකි තරමි ඌෂ්ණත්වයක් එහි තුලවූ අතර අසතුටුදායක වාතාශ්‍රය හා සනීපාරක්ෂක පහසුකමි හේතුකොට ගෙන, එක් සිරකරුවෙක් එහිදී මියගියේය. ප්‍රශ්ණ කිරීමි අතරතුරදී එක්ස්2 මහතාට පහර දුන් අතර 71 කැරැල්ලේ සිය භූමිකාව පිලිබඳීව පාපෝචිචාරණයක් ඔහුගෙන් බලහත්කාරයෙන් ලබාගෙන ඇත. සිය අභිමානය හා අහංභාවය ගැනවූ ඔහුගේ හැඟීමි අබලදුබල විය. තමා වැරදිකරුවෙකු හා නින්දාවට පාත්‍රවූ අයෙකුයයි ඔහුට දැනුනි. තමාව පමණක් නොව තම මිත්‍රයන්වද පාවාදුන් බවට වූ මතයේ ඔහු දැඩිව එල්බගෙන සිටියේය. පීඩාව ඇති කරන අන්තර් පෞද්ගලික සමිබන්ධතාවලට ඔරොත්තු දීෙමි ශඛ්‍යතාවය ඔහුගෙන් ගිලිහී ගොස් තිබුණි.

ඔහුගේ පාපෝචිචාරණයෙන් අනතුරුව දැඩිමතධාරී සාමාජිකයින් එක්ස්2 මහතාට වෙනස්කමිකරමින් දේ‍රා්හියෙකු වශයෙන් සැලකූ අතර, බොහෝ අවස්ථාවලදී ඔහුව විවිධ ශාරීරික හා මානසික හිරිහැරවලට පාත්‍රකර තිබේ. එක්ස්2 මහතා යාපනයේ හැමන්හිල් බන්ධනාගාරයේ වසරක් පමණ ගතකල අතර, ඉන් අනතුරුව අක්කරායන්කුලෙමි එලිමහන් සිරකඳවුරට මාරුකර තිබේ. 1977දී ඔහුව නිදහස්කර තිබේ.

වසර 38ක් පමණ ඉක්මගියද තමාගේ ඇස්පනාපිට වධහිංසන දුටු හා දරාගතනොහැකි දිවිපැවැත්ම අත්දුටු හැමන්හිල් සිරගෙදර ගතකල එම කාලසීමාව ගැන එක්ස්2 මහතා තුල තවමත් කාන්සාමය හැඟීමි තිබේ. දැන් ඔහු දේශපාලනමය වශයෙන් අක්‍රීය, සීමිත ජීව අරමුණු සහිත ඒකලනයට ලක්වූ පුද්ගලයෙකි.

88/89 කාලසීමාවේී වධහිංසන වින්දිතයා

දේශපාලනමය ලියකියවිලි හා පෝස්ටර් නීතිවිරෝධී ලෙස සිය සන්තකයේ තබාගැනීම පිලිබඳවූ අනුමාන චෝදනාවට එල්5 මහතාව රුවන්වැල්ල පොලීසිය විසින් 1988 දි අත්අඩංගුවට ගෙනතිබේ. කීප වතාවකදී ඔහුගේ සිරුරට පහර දී ඇත. ඔහුගේ වදකයන් ඔහුට බැටන් පොලුවලින් හිසට පහරදීමිී කරඇත. ලේ ගැලීම වැලක්වීම පිණිස ඔවුහු ඔහුගේ හිස මත පොතක් තබා ඉන්පසුව ප්‍රහාර එල්ලකර තිබේ. එහෙත එල්5 මහතාට කමිපනය, වේදනාව හා ස්ථුරණය දැනුනි.් 1990දී නිදහස ලැබීමෙන් පසු ඔහු හුදකලා දිවියක් ගතකලේය. 2001දී ඔහු මනෝවිද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරනු ලැබූ අතර, එම අගැයුම අනුව ඔහු නපුරු සිහින දැකීම, ආකා්‍රන්තිය, අනිද්‍රාව, ලිංගික ඛෙලහීනතාවයෙන් හා වරින්වර සිදුවන හිසරදයෙන් පෙලෙන්නෙකි.

ත්‍රස්තවාදය වැලැක්වීෙමි පනත යටතේ රැෙඳවියෙකුගේ කථාව

ත්‍රස්තවාදය වැලැක්වීෙමි පනත යටතේ 1993 මුල් භායයේදී කේ3 මහතාව වවුනියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සිය අත්දැකීමි පහත දැක්වෙන අයුරින් විස්තර කරයි:

අත්අඩංගුවට ගත් පසු මාව ....... කඳවුරට ගෙනයනු ලදුව දින කීපයකට පෙර ඇතිවූ ක්ලේමෝ බෝමිබ පිපිරීමක් ගැන මගෙන් ප්‍රශ්ණ කරණ ලදී. එම පිපිරීම ගැන මට අවබෝධයක් තිබුනේ නැත. ඔවුහු මාහට කුප්‍රකට ධර්මචක්‍ර වදය පමුණවන ලදී. මගේ දෑත් හා දෙපා ධර්මචක්‍ර සංකේතයක් මෙන් බැඳතිබුන අතර, මගේ සිරුර කරකවනවාත් සමග දෙදෙනෙක් පොලුකැබලිවලින් මගේ යටි පතුල්වලට පහර දුන්හ. ඉන් පසුව ඔවුහු මගෙන් විවිධ ප්‍රශ්ණ ඇසූහ. මා අන්දමන්ද වූ අතර, මා තදබල ලෙස වේදනාවෙන් පෙලුනෙමි.

ෙමිසයක් මත මුණින් අතර වැතිරීමට මට අණකරනු ලැබූ අතර ඔවුහු මගේ පිටට, දෙපාවලට හා යටිපතුල්වලට පොලුවලින් හා එස්ලොන් බටවලින් පහර දුන්හ. සිද්ධීන් කීපයකට පසු යුද හමුදා රහස් ඔත්තු අංශයේ යහපත් නිලධාරියෙකු වන ෙමිජර්---------විසින් මගෙන් ප්‍රශ්ණ කරණලදී. අදාල ත්‍රස්තවාදී කි්‍රයාව ගැන මගේ සමිබන්ධයක් නොතිබුණ බව ඔහු දැන සිටියේය. මාව නිදහස් කරන මෙන් ඔහු නියෝග කලේය. ෙමිජර් --------- නොසිටින්නට මා මරණයට ලක්වීමට ඉඩතිබුණි,

නිදහස ලැබීමෙන් පසු මාහට වැඩක යෙදීමට නොහැකිවූ අතර, සුලු වශයෙන් හෝ සිරුර වෙහෙසීම මට මහත් වේදනාවක් ගෙනදුනි. මට නින්ද නොගිය අතර සෑම රැයක්ම මා ගතකලේ බියෙනි. ඔවුන් මාව නැවතත් අත්අඩංගුවට ගනීවි යන පැහැදිලිකල නොහැකි බියකින් මම පෙලුනෙමි. ධර්මචක්‍ර වධක්‍රමය ගැන මානසික චිත්‍ර මට පෙනුන අතර පිටපිටම එම වේදනාකාරී සිද්ධිය මම නැවත මානසිකව අත්වින්දෙමි. ජීවිතය ගැන තවදුරටත් මා තුල උනන්දුවක් නොවීය. මගේ දරු පවුල ගැන මා හට කිසිම තැකීමක් නොවීය. මගේ ජීවිතය දෙදරමින් තිබුණි------

වධහිංසනයට භාජනයවූ යුද සිරකරුවා

ලාන්ස් කෝප්රල් පී 1993 වසරේ වැලිඔයදී එල්ටීටීඊ අත්අඩංගුවට පත් අතර වසර පහකට වැඩි කාලයක් තිස්සේ දරුණු වටපිටාවක රඳවා සිටින ලදී. නිතරම ඔහුව වේදානාකාරී ඉරයව්වල සිටවූ අතර, පහරදීමිවලටද, තොරතුරු ලබාගැනීම පිණිස සමහිර විට ලිංගේන්ද්‍රිය මත විදුලි කමිපනවලටද මුහුණ පෑමට සිදුවිය. මානසික දිශානතිය හා ජීවවිද්‍යාත්මක හෝරා යන්ත්‍රය සිඳලීම පිණිස ඔහුව මාස ගණන් කලුවරේ හා හුදකලාවේ තබා ඇත. තර්ජන, අවමාන, ව්‍යාජ මරණ දණ්ඩ නවලට ඔහු නිතරම මුහුුණ දුන් අතර, අන් අයව වධහිංසාවලට භාජනය කරනු ඔහු දැක ඇත.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මැදිහත් වීමෙන් පසු 1998 දී නිදහස ලැබූ ලාන්ස් කෝප්රල් පී zපශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය :ඡදිඑ ඔර්මප්එසජ ීඑරුිි ෘසිදරාැර- රෝග ලක්ෂණවලින් පෙලෙන්නෙකු වශයෙන් රෝගවිණිශ්චයට භාජනය කර තිබේ. ඥාණාත්මක අපචය, ස්මරණ අපගමනය, ඉගෙනීෙමි ශඛ්‍යතා හීනවීමි, ලිංගික ඛෙලහීනතාවය, සමාජ නිශ්ක්‍රමණය, සමුද්දේශ පිලිබඳ අදහස් : හා චිත්තවේගී උදාසීනත්වයෙන් ඔහු පෙලේ.
වධහිංසනය යනු දෙපැත්තම කැපෙන අසිපතකි

වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුටද අනර්ථයක් සිදුකරන දෙපැත්තම කැපෙන අසිපතකි. වධහිංසනය පමුනුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙලෙන අය වන අතර, බොහෝවිට ඔවුහු පරපීඩාකාමී තෘප්තියක් ලබති. පමුනුවන්නාගේ චිත්තවේගී අවශ්‍යතාවයන් වධහිංසනය මගින් එක්තරා දුරකට සන්තර්පනය වන අතර, ඔහු සිය කැමැත්තෙන්ම මෙම කි්‍රයාකාරකමිවල යෙදේ. ඔවුන් සහවේදීතාවයෙන් ඌණවන අතර, වින්දිතයාගේ දුක්බර වේදනාත්මක ප්‍රතික්‍රියා, විලාප හා ආයාචනා ඔවුනට බලාධිකාරී හැඟීමක් හා උචිචභාවයේ වින්දනයක් ලබාදේ.

තරුණ වින්දිතයෙකු වධහිංසනයට ලක්කිරීමෙන් ලිංගික තෘප්තියක් ලැබූ පොලිස් නිලධාරියා

බර්ටි රංජිත් මහතාගේ (යාපනය බන්ධනාගාර ප්‍රහාරයට මුල් පුරන ලද හාු 71 කැරැල්ල සමිබන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් සපයන බක්මහ කඳුලු නමි කෘතියෙහි කතෘෘ) හා 1971 යාපනය පොලීසියට හා යාපනය බන්ධනාගාරයට එල්ල කල ප්‍රහාරවලට සහභාගීවූ බොහෝ අයගේ සියැසින් දුටු සාක්ෂි අනුව, අල්ලාගත් කැරලිකාර තරුණයෙක්ව එක්තරා පොලිස් නිලධාරියෙක් විසින් ප්‍රසිද්ධියේ වධහිංසනයට ලක්කරනු ලැබ ඇත. ඔහු මෘදුලෙස වින්දිතයාගේ කලවා පිරිමදිමින් ඒවා වර්ණනා කර, ඉන්පසු පිහියක් ගෙන ගැඹුරට ඇන තිබේ. මෙම තරුණයා වේදනාවෙන් ඛෙරිහන් දුන්විට ඔහු හර්ෂයට හා සංක්ෂෝභයට පත්විී තිබේ. ලමයා බිම වැටී ලේගලමින් සිටි මුත් මෙය එම නිලධාරියාගේ උද්ධාමයට හේතුවිය.

රෝහිත මුණසිංහ විසින් රචිත එලියකන්ද වද කඳවුර නමී කෘතියෙහි එලියකන්ද වධකාගාරයේ (කේ පොයින්ටි) ප්‍රශ්ණ විචාරක විසින් සියැසින් දුටු සාක්ෂි තුලින් දකුණු සිරිලක තුල 1988-89 කාලසීමාව තුලදී උපයෝගී කරගත් වධහිංසන ක්‍රම ගැන ප්‍රත්‍යක්ෂ රචනයක් ඉදිරිපත් කර තිබේ. රැඳීවියන්ව නිතර දෙවේලේ ශාරීරික පීඩාවලට හා අවමානයට පාත්‍රකරන ලද අතර, බොහෝ අයගේ මිත්‍රයින්ව මරාදමා ඇත්තේ ඔවුන් ඉදිරියේමය. කේ පොයින්ටි වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ අය තවමත් අනේක මානසික ව්‍යාධිවලින් පෙලෙති.

88/89 කැරලි සමයේදී සාමාන්‍ය සෙබල එක්ස්එක්ස්2 කේ පොයින්ටි කඳවුරේ ප්‍රශ්ණ විචාරකයෙකු වශයෙන් සේවය කලේය. රැඳවියන්්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුමිවැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනා ඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාචිචුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඬුවමි කි්‍රයාත්මක කිරීමට ඔහු විසින් සිදුකර තිබේ.

වසර එකහමාරක් පමණ මෙම කඳවුරේ සේවය කල මොහුට උතුරේ පිහිටි හමුදා කඳවුරකට ස්ථාන මාරුවක් ලැබී තිබේ.

1992-1993 කාලසීමාව තුලදී ඔහුගේ මානසික සෞඛ්‍යය මැලවන්නට පටන් ගෙන තිබේ. තමා වධබන්ධනවලට ලක්කල අය වේදනාවෙන් කෑගසනවා ඔහුට ඇසෙන්නට පටන් ගැනුනි. සාමාන්‍ය සෙබල එක්ස්එක්ස්2 දරුණු කෝපයෙන් පෙලුන අතර, නිරන්තරයෙන් සිදුවන ශාරීරික පරිභව නිසා ඔහුගේ බිරිය හා දරුවන් ඔහුව හැර ගියහ. ඔහු කීප වරක්ම සියදිවි නසා ගැනීමට තැත් කලේය. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක වෛද්‍ය පරික්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීමි වලින් පසු ඔහු zපශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන බවට විණිශ්චයවිය.

සාමාන්‍ය සෙබල එක්ස්එක්ස්2 ආකා්‍රන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්, මායාදර්ශණ හා කමිපනයට අදාල විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ටී කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලට ඇබ්බැහිව සිටියේය.

රෝහිත මුණසිංහ විසින් ලියන ලද එලියකන්දේ වද කඳවුර නමි කෘතියෙහි සඳහන් බොහෝ විස්තර මෙම සෙබලාගේ මතකයට සංගාමීවිය. මලකඳන් බැහැර කිරීම සඳහා යොදාගන්නා ලද ඩබල් කැබ් රථයේ වර්ණය ගැන විමසූවිට සාමාන්‍ය සෙබල එක්ස්එක්ස්2 නිවැරදි පරිදි පිලිතුරු දී ඇත. කතෘෘ විසින් මෙම වාහනය ගැන ඔපවත් විස්තරයක් සිය පොතෙහි සඳහන් කර තිබුණි.

රුධිරය පිලිබඳව ග්‍රස්තියෙන් පෙලුනු වදකයා

සිය වින්දිතයින්ට වධහිංසා පැමිණවීම සඳහා එල්එක්ස්5 මහතා සතුව නොයෙකුත් ක්‍රම තිබුණි. පොලුවලින් පහරදීම, දියේ ගිල්වීම හෝ නානබාල්දි ක්‍රමය ඔහු යොදාගත්තේය. (නාන බාල්දි නැතහොත් ආසන්න ගිල්වීමි ක්‍රමයේදී සිරකරුගේ දෑත් හා දෙපා බැඳ ජලය පිරවූ බාල්දියක් වෙත ගෙනියනු ලැබේ. එල්එක්ස්5 මහතා වින්දිතයාගේ හිස අල්ලා බාල්දිය තුලට ඔබයි. එවිට ඔහුට හුස්ම ගැනීමට නොහැක. විනාඩි කීපයකින් පසු ගැඹුරු හුස්මක් ගැනීමි පිණිස එල්එක්ස්5 මහතා වින්්දිතයාගේ හිස එලියට ගනී. නැවතත් ඔහුගේ හිස බාල්දියට ඔබනු ලැබේ. ඔහු සිහිසුන් වන තෙක්ම මෙය නොකඩවාව කෙරේ.) මෙම නානබාල්දි ක්‍රමය නිසා ඔහුගේ අතින් මරණ කීපයක් සිදුව ඇත.

ඔහු නිතර පාවිචිචි කල ක්‍රමයක් වූයේ වින්දිතයාව පිහියකින් කපා ලේ ගලන ආකාරය නිරීක්ෂණය කිරීමයි. සමහර විට ඔහු භූමිතෙල් ක්‍රමය උපයෝගී කර ගත්තේය. (වින්දිතයාව දෙපාවලින් බාල්කයක සිට එල්ලනු ලැබේ. ඔහුගේ දෑත් පිටුපසට කර බැඳ තිබේ. ඉන්පසු භූමිතෙල් ස්වල්පයක් සහිත ප්ලාස්ටික් මල්ලක් තුලට ඔහුගේ හිස ඔබා බඳිනු ලැබේ. මෙයින් වින්දිතයාට භූමිතෙල් සමගවූ වාතය බලෙන් ආශ්වාස කෙරේ. මෙම ක්‍රමයේදී ඔහුගේ දෑස හා නාසයට දැවිල්ල දැනෙන අතර, අඩක් වශයෙන් ඔහුගේ හුස්ම හිරවේ.) කටුකමිබි ක්‍රමය තවත් එකකි. (මෙහිදී වින්දිතයාව බැඳ, වැස්ලින් ආලේපනය කර ඔහුගේ ගුද මාර්ගයට කුහරයක් සහිත පීවීසී බටයක් ඇතුල් කෙරේ. මෙම බටය සෙමී 6-8 ක් පමණ ගුදය තුලට ගියපසු කටු කමිබියක් බටය ඔස්සේ ගුද මාර්ගයට ඇතුල් කෙරේ. ඉන් පසුව කටු කමිබිය ඇතුලේ තිඛෙන්නට හැර බටය සෙමින් ගුදය තුලින් එලියට ගනු ලැබේ. සිරකරුගෙන් ප්‍රශ්ණ කරන අතර, වධකයා වින්දිතයාට විශාල වේදනාවක් ඇතිවන පරිදි කටු කමිබිය එහෙමෙහ කරයි.) මෙයට අමතරව තොරතුරු ලබාගැනීම සඳහා කුප්‍රකට පෑන් ක්‍රමයද යොදා ගැනේ. (අභ්‍යන්තර සවනේන්දි්‍රය හානිවන අයුරින් වින්දිතයාගේ කණ තුලට ප්ලාස්ටික් පෑනක් එක්වරම තදින් ඔබනු ලැබේ.) මෙවැනි හානියකින් පසු වින්දිතයෝ බොහෝ දුරට කණ අභ්‍යන්තරයේ ආසාදනය, මෂ්තිශ්ක විශ්ඵෝඨය හා අවෘතිදාහයෙන් පෙලෙති.

නොයෙක්වූ ක්‍රම අතරින් එල්එක්ස්5 මහතා වැඩි කැමැත්තක් දැක්වූයේ වින්දිතයාගේ සිරුර තියුණු පිහියකින් කපන ක්‍රමයයි. වින්දිතයාගේ ලේ ගලන විට ඔහු ඉමහත් තෘප්තියක් ලබයි. ප්‍රශ්ණ විචාරකයෙක් වශයෙන් ඔහු වසර කීපයක් සේවය කල අතර, ක්‍රමයෙන් ඔහු තුල රුධිරය පිලිබඳව ග්‍රස්තියක් ඇතිවිය. සිය දෑත් ලේවලින් සෝදාගැනීමට ඔහුට නිතරම අවශ්‍යවිය. බිල්ලක් නොතිබුණ විට ඔහු කලේ බල්ලන් හා බලලුන් මරා උන්ගේ ලේවලින් සිය දෑත් සෝදාගැනීමයි. 2003 දී එල්එක්ස්5 මහතා zපශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන බවට විණිශ්චය විය.

රුධිරයෙන් පිරුණ මූර්ති සහිත සිහින දැකීමෙන් ඔහු බියට පත්වේ. රුධිරය වහනය වන හිස්කබලක් ඔහු නිතරම දකින අතර, එය ඔහු විසින්ම ලේ විලක් මැද සිට අඳිනු ලබන්නකි. වධහිංසනය පිලිබඳ අතීතාවර්ජන, දැඩි කෝපය, සියදිවි නසාගැනීෙමි හා මනුෂ්‍ය ඝාතන අදහස්, පරාරෝපණය, ආවේග අවුල්කිරීම, අවධානයේ හා සවිඥඥානකතාවයේ විකෘති, ස්වයං සංජානනයේ විකෘති, අන් අය සමග සබඳතා විකෘති, අන් අය විශ්වාස කිරීමට නොහැකිවීම සහ දිගු කාලීන තබා සාමාන්‍ය ඇඟලුමිකමිවත් පවත්වාගෙන යාමට නොහැකිවීම යන ව්‍යාධිවලින් ඔහු පෙලේ. අන්‍යාකාරයෙන් නිශ්චිත නොකල දැඩි ක්ලමථාබාධයේ :ෘෑීභධී- රෝග ලක්ෂණ බොහොමයක් ඔහු තුලින් විද්‍යාමානවේ.

වධහිංසනය හා ශී්‍ර ලාංකික සමාජය

අවාසනාවකට මෙන් වධහිංසනය ශී්‍ර ලංකාවේ අපරාධ විමර්ෂණයේ කොටසක් වී තිබේ. රැඳවියන්ගෙන් තොරතුරු ලබාගැනීම පිණිස ඇමෙරිකානු එෆ්බීඅයි සේවය හා ස්කොටිලන්ඩි යාඩි ආයතනය පවා වධහිංසනය යොදා ගන්නේයයි පවසමින් බොහෝ දේශීය නිලධාරීන් එය යුක්තිසහගතයයි තර්ක කරති.

ජෙරාර්ඩ් පෙරේරාව වධහිංසනයට ලක්කිරීම හා ඔහුගේ ඝාතනය තුලින් මෙම උභතෝකෝටිකයට වඩා පුලුල් අවධානයක් ලැබුණි. වත්තල පොලීසියේ නිලධාරීන් කීපදෙනෙක් වැරදීමකින් ජෙරාර්ඩ් පෙරේරාව මිනීමැරුමක සැකකරු වශයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව ශාරීරික වධහිංසනයට ලක්කර තිබේ. බාල්කයක එල්ලන ලද ජෙරාර්ඩ් පෙරේරාට මොට ආයුධවලින් පහර දී තිඛෙන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට උග්‍ර වෘක්ත අකරණය වැළඳී තිබේ. තුවාලවලින් සුවය ලද පසු ඔහු තමාව වධහිංසනයට පත්කල නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකමි නඩුවක් ගොනුකරණ ලදී. සාක්ෂි දීමට පෙර මහ දාවල් බස්රථයක් තුලදී ඔහුව වෙඩිතබා ඝාතනය කරණ ලදී. ඔහුට වධහිංසා පැමිනවූ නිලධාරීන් ඔහුගේ ඝාතනයට සමිබන්ධය.

තවත් අවස්ථාවකදී පාසැල් කැන්ටිමක සොරකමක් ගැන විමර්ෂණයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් වයස 10 හා 12 හේ පාසැල් ලමුන් දෙදෙනෙක්ව වධහිංසනයට ලක්කර ඇත. දෙපාවලින් එල්ලන ලද ඔවුන්ගේ යටිපතුල් වලට පහර දී තිබුන අතර, නියපොතුවලට යටින් උල් වස්තු ඔබා ඇත. මෙම ලමුන් දෙදෙනා වධහිංසනයේ ශාරීරික හා මානසික ප්‍රතිවිපාකවලින් ඛෙහෙවින් පීඩනයට පත්වූහ.

ීඅපරාධ කරුවන් නොවන සැකකරුවන්ව හා දේශපාලන සන්දර්භයක් යටතේ අත්අඩංගුවට ගත් ජනයාව වධහිංසනයට ලක්කිරීම 1971 කැරැල්ලෙන් ඇරඹුන ගැටුමි අවදියේදී පටන් පුලුල් වශයෙන් කි්‍රයාත්මක විය. ආරක්ෂක හේතූන් මත නීතිවිරෝධී රැඳවුමි කඳවුරු පවත්වාගෙන ගිය අතර, වධහිංසනයට ලක්කිරීම සාමාන්‍ය දෙයක් වශයෙන් සිදුවිය. උදාහරණයක් වශයෙන්, 71 සමයේදී විදේ‍යා්දය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල රැඳවුමි කඳවුරු වශයෙන් උපයෝගී කරගත් අතර, 88/89 සමය තුලදී යටාරෝ කැෆටීරියාව සැකකරුවන් සඳහා මාරක ගමනාන්තයක් විය. උතුරේ තල්සෙවන කඳවුර එල්ටීටීඊ සැකකරුවන්ව ප්‍රශ්ණ කිරීම සඳහා යොදා ගැනුනි. එල්ටීටීඊද දේවිපුරමිහි ඔවුන්ගේම වධකාගාරයක් පවත්වාගෙන ගියහ.

අධිකරණමය හා විධායක බලාධිකාරිය අතරවූ විශාල අසංතුලිතය තුලින් සමාජ සාධාරණත්වයෙහි ගැඹුරු රික්තයක් බිහිවුන අතර, එමගින් වධහිංසනයට ඉඩක් ලැබුණි. මෙම වසර කීපය තුලදී පුද්ගලයින් රාශියක් ශාරීරික හා මානසික වධහිංසනයේ ගොදුරුවූහ. බොහෝ අය සිය මානසික තුවාල කැලැල් උසුලාගෙන තවමත් නිහඩව දුක්විඳිමින් සිටිති. ජාත්‍යන්තර නීතිය යටතේ වධහිංසනය අපරාධ අතින් සාහසිකම ගණයට වැටෙන එකක් ලෙස සැලකේ. ශිෂ්ඨ සමාජයක් විසින් ඒ ඒ රටවල පවතින වධහිංසන පරිචය තුරන් කල යුතුයි. වින්දිතයින්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලටද, අවසාන විශ්ලේෂණයේදී මුලු සමාජයටමද එය බලපෑමක් කරයි. වධහිංසනය නිසා රටක ආර්ථිකය, ප්‍රතිරූපය හා ජීවගූණය ආවේදනයට ලක්වේ. එය මහජනයාගේ ශාරීරික හා මානසික සුඛිතභාවය ක්‍රමානුකූලව විනාශ කිරීමකි. එය සමාජයේ මූලික පදනම හා අභිමානය දුර්වල කරයි
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger